Subscribe:

Ads 468x60px

.

Wednesday, October 17, 2012

Android Phone වල තියන Sensors ගැන

අද අපි කතා කරන්න යන්නේ Sensors (සංවේදක) ගැන. ඕගොල්ලොත් මේවා ගැන අහලා ඇති. සෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකම මේ  Sensors තියනවා.  විවිධාකාරයේ සංවේදක තිබෙන අතර දුරකථනයට විවිධ සේවා මෙමගින් වෙනවා.

Sensor එකක් යනු කුමක්ද ? 


එකක් යනු භෞතික රාශියක් පිලිබඳ (උශ්ණත්වය, වේගය,  . . ) යම්කිසි යන්ත්‍රයකට හඳුනාගත හැකි වන පරිදි  සංඥා නිකුත් කල හැකි උපකරණයකි.  වර්තමානයේදි මේ වෙනුවට විශේෂයෙන් සැකසූ සුසංගෘහිත පරිපථ (Intergrated Circuit) භාවිතා කරන අතර, බොහෝ සංවේදක සෑම නවීන දුරකතනයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.

Android දුරකථන වල ඇති Sensors වර්ග


Ambient Light Sensor - බාහිර ආලෝක සංවේදකය


මෙමගින් ෆෝන් එක ඇති අවට පරිසරයේ ආලෝක තත්වය අනුව ඩිස්ප්ලේ එකෙහි දීප්තිය ස්වයංක්‍රියව අඩු වැඩි කරනු ලබයි.

උදා:- හිරු එලිය වැඩි විටදී දීප්තිය වැඩි කිරීම.

මෙහි ඇති වාසිය වන්නේ සෑම විටකදීම එකම දීප්ති තාවය භාවිතා නොවන බැවින් බැටරිය ඉතුරු වීමයි.
මෙය බොහෝ විට High End Android දුරකථන වල ඇති පහසුකමකි.

Proximity Sensor - සන්නිකර්ෂණ සංවේදකය


වාහන වල ඇති රිවර්සින් සෙන්සරයකට සමාන වන මෙමගින් දුරකථනය ඔබේ සිරුරට කොතරම් සමීපව තිබෙනවා දැයි පරික්ශා කරනු ලබයි.

මෙමගින් දුරකතනය සිරුරට ඈත්ව තැබෙන විට ස්වයංක්‍රියව ඩිස්ප්ලේ එක අක්‍රිය කරන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම් වලින් වලක්වයි. මෙය බොහෝ විට ෆෝන් එකේ උඩින්, එකට පැත්තකින් පිහිටා ඇත.

උදා: ඇමතුමක් අතරතුර දුරකතනයේ ඩිස්ප්ලේ එක අක්‍රිය වන අතර, නැවත ෆ්හුරකතනය මුහුණෙන් ඈත් කරන විට ඩිස්ප්ලේ එක ඔන් වන අයුරු දැක ඇති.

Accelerometer - ත්වරණ ආමාන සංවේදකය


Auto Rotation පහසුකම ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය මගිනි. මෙම සංවේදකය මගින් දුරකථනයේ පිහිටීම අක්ශාංස මගින් මනින අතර, දුරකථනයේ සුලු සෙලවීමක් පවා මෙයට හඳුනාගත හැකියි.

මීට අමතරව විවිධ ක්‍රීඩා සඳහා ද මෙය උපකාරි වෙනවා

Compass - මාලිමාව


සාමාන්‍ය මාලිමාවක මෙන් මෙයට චුම්බක උතුර සොයාගත හැකියි. GPS මෙන්ම විවිධ සිතියම් Apps වැඩ කරන්නේ මෙමගිනි.

Gyroscope


වැඩි දියුණු කරන ලද, පිහිටීම හඳුනා ගත හැකි සෙන්සරයකි. මෙහිදී කෝණික ගම්‍යතාවයේ (A/L කරන කොට ඉගෙන ගෙන ඇතිනේ) මූලධර්ම භාවිතා වන අතර, වඩාත් නිවැරදි වූ පිහිටීම් ඛණ්ඩාංක ලබා ගත හැකියි.

මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.

Saturday, October 13, 2012

ඇඩ් වලට යන්න කියමු - Ad Free Android


ගොඩක් Free ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Use කරනකොට තියන ලොකුම කරදරේ තමයි ඇප් එකේ හතර වටේම Ads වැටෙන එක. මම කියන්න ඔනේ නෑනේ නේද තියන වදේ.
 

ඇයි මේ Ads එන්නේ !


ගොඩක් Play Store එකේ තියන ඇප්ස් ඒ කියන්නෙ 65% ක් විතරම අපිට දෙන්නෙ නොමිලේ හැබැයි ඉතින් මේ ඇප්ස් හදන අයටත් ලාබයක් තියෙන්න ඕනෙ නිසා තමයි මේ විදියට Ads දාල තියෙන්නෙ, ගොඩක් Free ඇප්ස් වල Ads අයින් කරගන්න වෙන්නෙ ඒ ඇප් එකේ Pro Version  එක සල්ලි දීල අරගෙන හැබැයි මේ අතර Ads  නැති Free  ඇප්ස් තියන බව අමතක කරන්න හොද නෑ. අපේ කොල්ලොන්ට ඇප්ස් වල තියන Ads අයින් කරගන Pro Version App එකක් ගන්නව කියන්නෙ නිකන් හීනයක් වගේනෙ ඉතින් මම මේ කියන App  එකෙන් පුලුවන් ෆෝන් එකේ තියන හැම ඇප් එකකම Ad ටික අයි කරල දාන්න. හරි අපි වැඩේට බහිමු. මේක මාර ලෙසි වැඩක් ඒත් ඉතින් හැම සුපිරි වැඩ කෑල්ලකටම වගේ මේකටත් මූල මල්ලි හරස් වෙනව (Root) ඒ කියන්නෙ ඔයා වැඩේට බහින්න කලින් ෆෝන් එක Root  කරල තියෙන්න ඕනෙ.

මේකට මම Use කරන්නෙ Ad Away කියන ඇප් එක මොකද මේක තමයි දැනට Play Store එකේ තියන වැඩ කරන්න ලේසිම හොදම ඇප් එක. එහෙනන් පහලින් ඇප් එක බාගෙන Install උනාට පස්සෙ Open කරල Super User Request එක Accept  කරන්න. දැන් කරන්න තියෙන්නෙ Download Files & Apply Ad Blocking

කියන එක ඔබන්න විතරයි ඉතුරු ටික ඇප් එක බලාගනී. වැඩේ ඉවර උනාම ඇප් එකෙන් Notification  එකක් එයි වැඩේ හරි කියල.

දැන් ෆෝන් එක Reboot  කරල කරදරකාර Ads  තියන Apps Open කරල බලන්න, Ads  ටික වාෂ්ප වෙලා ඇති.


Ad Away බාගන්න

මීට අමතරව Ads අයින් කරන්න මේ ඇප්ස් වලිනුත් පුලුවන්.












Friday, October 12, 2012

මොනවද මේ Custom ROM කියන්නේ


හැඳින්වීම


කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

පරිගණක තාක්ශණයේදි ROM යනු Read Only Memory වුවත් මෙහිදී Custom ROM යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථනයේ Read Only Memory පෙදෙසට ස්ථාපනය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ System Image එකකට යි. (එනම් මෙහෙයුම් පද්ධතියේ සත්‍ය පිටපතක්)

එමෙන්ම Kernel (කර්නලය) ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදියි. ඇන්ඩ්‍රොයිඩ් ලිනක්ස් කර්නලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.

Custom Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගැනීමේදි එහි තිබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය.  (Default Android Version). බොහෝ විට මෙය දුරකථනයේ නිශ්පාදකයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට යම් යම් වෙනස් කම් කර දුරකථනයට අනුකූල වන පරිදි සැකසූ වකි.  (එතකොට මොකුත් වෙනස්කම් නොකරන ලද Android Version  නැද්ද ? තියනවා. මේ ගැන ඉදිරියේදි කතා කරමු)

Custom ROM
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර (කර්නලය හා ඇප්ස් සමගම), නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි. ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

Custom ROM භාවිතා කල යුත්තේ ඇයි ?


නිරතුරුවම Update නිකුත් කිරීම

ප්‍රසිද්ධ එකක් වටා බොහෝ Developers ලා මෙන්ම භාවිතා කරන්නන් ද සිටින බැවින්, මේවායෙහි ඇති අඩු පාඩු මග හැර, නව විශේෂාංග සහිත Update නිතරම නිකුත් කරයි. මේවා නැවත Install නොකර අන්තර්ජාලය මගින් (Firmware Over The Air) ලබාගත හැකිවීම තවත් විශේෂත්වයකි.

දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වීම

සෑම Custom Rom එකක්ම පාහේ Stock ROM එකකට වඩා වේගවත් වන අතර, අවම මතක ධාරිතාවයක් භාවිතා කරයි. මොකද කිව්වොත්,

  • Stock ROM සමග එන වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වන අනවශ්‍ය ඇප්ස් සහ අනෙකුත් විශේෂාංග මෙහි නැති නිසා.
  • වැඩිදියුණු කරන ලද කර්නලය මගින් වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව වැඩ කල හැකි නිසා.

නව Android සංස්කරණයකට Update කල හැකි වීම

ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.


Custom ROM භාවිතා කිරීමේ අවාසි !


රොම් එක ෆ්ලෑශ් කරන අතරතුර යම්කිසි වැරැද්දක් වුණොත් ෆෝන් එක බ්‍රික් විය හැකියි (එනම් කිසි නොකල හැකි තත්වයට පත්වීම රොම් එකක් දැමීමේදි ෆෝන් එකේ සියලු දත්ත මැකී යන බැවින් ඊට පෙර අවශ්‍ය දත්ත බැකප් කිරීම සිදු කල යුතුයි. ස්ටොක් රොම් හි නැති විවිධ ගැටලු කස්ටම් රොම් එකකදී පැන නැගිය හැකියි. මීට පෙර රූට් කල යුතු නිසා, ෆෝන් එකේ වගකීම් සහතිකය අවලංගු වෙනවා. 

Wednesday, October 10, 2012

Bad Piggies - Rovio Mobile වෙතින් අලුත් සෙල්ලමක්

Rovio Bad Piggies game cover art.png
Bad Piggies නිල ලකුණ 
ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ ක්‍රීඩාවේ නිර්මාපකයින් වන Rovio Mobile විසින් නවතම ක්‍රීඩාවක් 2012 සැප්තැම්බර් 12 වන දින නිකුත් කල අතර, මෙහි නම වන්නේ Bad Piggies හෙවත් "නරක සූකරයෝ". මෙය යන Android, iOS,Windows 8/Phone මෙහෙයුම් පද්ධති වලට නිකුත් කර තිබෙනවා


කලින් ක්‍රීඩා වල මෙන් නොව, මෙහිදී ක්‍රීඩකයාට තිබෙන්නේ ඌරන් ව හැසිරවීමටයි. මෙම ඌරු චරිත කලින් ක්‍රීඩා වල සිටි අන්දමටම නිර්මාණය කර තිබෙනවා. 

මෙම ක්‍රීඩාවේදි අදාල ඌරාව (වෙන කියන්න ශීලාචාර වචනයක් නෑ) සිතියමේ දැක්වෙන ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීම තමයි ක්‍රීඩකයාට පැවරිලා තියෙන්නේ. කලින් ඒවල මෙන් තරු තුන සහ ලකුණු ලබා ගත හැකියි.

2012 ඔක්තෝබර් 7 දින වන විට Apps Store හි වැඩ්යෙන්ම බාගත කරන ලද ක්‍රීඩාව බවට මෙය පත්වී තිබෙනවා. ඒ වගේම නිකුත් කර පැය තුනක් යන්නටත් මත්තෙන් වැඩියෙන්ම බාගත කරන ලද ඇප්ස් ලයිස්තුවේ උඩහටම ඇවිත් තිබෙනවා.

කෙසේ නමුත් මෙය බොහෝ ඇන්ඩ්‍රොයිඩ් Entry Level සහ Mid Range දුරකථන වලට දැමිය නොහැකියි. එනම් ප්‍රොසෙසරය 1 GhZ හා GPU 200 MhZ පමණ විය යුතුයි.

Google Play වෙතින් බාගන්න

Tuesday, October 9, 2012

Android ගැන යමක්


ඉතිහාසය කෙටියෙන් 


   ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්‍රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එක භාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.

   ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.

  ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්‍රමලෙඛ භාෂා වලින්  තමයි ඇන්ඩ්‍රොයි හැඩ කරලා තියෙන්නෙ.
 දැනට ලෝකෙ තියන ජනප්‍රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්‍රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්‍රොයි කියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක් ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.

  2007 දී තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක   ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance  කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්‍රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්‍රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.

   2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්‍රසිද්ධ කරේ ඇන්ඩ්‍රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරු කරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008 අගෝස්තු වලම හදලයි තිබුනෙ.


Google Play ගැන


  අපි ඉතින් වැඩ්ඩො වගේ ඇන්ඩ්‍රොයි එකෙන් වැඩ දාන්නෙ Play Store එක හින්දා තමයි මොකද මේ ගොඩක් වැඩ කෑලි play  එකෙන් ගත්ත ඇප්ස් වලින් දාන එවනෙ Play Store ගැන ඔක්කොම මෙතනින් බලාගන්න
http://apiandroid.blogspot.com/2012/10/google-play.html

Android සංස්කරණ


ඇන්ඩ්‍රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්‍රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM  කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් එතන ඉදල අද වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරන 4ක් නිකුත් කරලා තියනව. මේ හැම සංස්කරණයකට නම දාල තියෙන්නේ අතුරු පසක නමින්. ඒ වගේම මේ නම් ඉංග්‍රිසි හෝඩියේ ආකරාදි පිලිවෙලට තමයි දීල තියෙන්නේ. (C-Cupcake, D-Donut, E-Eclair . . . ආදි වශයෙන්)

ඒ තමයි අපි කව්රුත් දන්න,


  1. Android 1.0
  2. Android 1.5     (CUPCAKE)
  3. Android 1.6     (DONUT)
  4. Android 2.0     (ECLAIR)
  5. Android 2.2     (FROYO)
  6. Android 2.3     (GINGERBREAD)
  7. Android 3.0     (HONEYCOMB)
  8. Android 4.0     (ICE CREAM SANDWICH)
  9. Android 4.1     (Jelly BEAN)

කියන සංස්කරණ.

     දැනට ලෝකෙ තියන ටැබ්ලට් පරිගණක වලින් 17%ක විතර දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තමයි,හැබැයි ඉතින් ස්මාර්ට් ෆෝන් ගත්තම 43% කම දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, අන්න ඒ නිසා තමයි ඕනෙම කෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් කියපු ගමන් දන්නෙ මොකද දැනට මොබයිල් ඕඑස් ගොඩක් තිබුනත් දන්න කියන හැම කෙනා ලගම වගේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් හින්දා.

 ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල තියන පහසුකම් වලටත් වඩා මොබයිල් ෆෝන් සමාගම් වලට ඇන්ඩ්‍රොයිඩ් ලැබෙන්නෙ නොමිලේම හින්දා කියලා තමයි හැමෝම කියන්නේ.

ඉතින් ගූගල් එකෙන් කොහොමද මෙච්චර පහසුකම් තියන ඕඑස් එකන් නිකම්ම දෙන්නෙ. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්න මුදල් දෙන්නෙත් අපිම තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙ play එකේ ඇප්ස් විකුනලා ලැබෙන ආදායමෙන්.

ඉතින් හිතල බලන්නකො අව්රුදු 6 කට කලින් ඩොලර් මිලියන 50ක් දීල ගත්ත සමාගමෙන් මේ වෙනකොට ගූගල් සමාගම ඩොලර් බිලියන කීයක් හොයල ඇද්ද කියල.

Monday, October 8, 2012

Google Play වග තුග

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට නම් ගූග්ල් ප්ලේ ගැන අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. ඒ තරම් ම අපේ ෆෝන් එකට මේක සමීපයි. මේ මේක ගැන තවත් තොරතුරු ටිකක්.

ගූග්ල් සමාගම මෙය "ඇන්ඩ්‍රොයිඩ් මාකට්" ලෙසින් ආරම්භ කරන්නේ 2008 ඔක්තෝබර් 23 වන දින ය. අප දැනට භාවිත කරන Google Play වෙබ් අඩවිය දියත් කරන්නේ 2011 පෙබරවාරි මසදී ය.  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියතාවය ඉහල යනවාත් සමගම, Android Market සහ Google Music යන සේවාවන් එකට කරමින් 2012 මාර්තු  6 වන දින මෙය Google Play නමින් නැවත ආරම්භ කරන ලදි. Google Play හා සම්බන්ධ අනෙකුත් සේවාවන් වන්නේ Google Movies & TV, Google Books සහ Google Music ය.

2009 මාර්තු මස වන විට මෙහි 2300ක් ලියාපදිංචි වී තිබුණි. එම වසරේම අග භාගය වන විට 16000ක් සහ 2010 වර්ශය අවසාන විට මෙහි ඇති ගණන ලක්ශය ඉක්මවා තිබිණි. 2011 වසර අවසන් විට ඇප්ස් ගණන හතර ගුණයකින් වැඩිවී ඇත. මේ වන විට හි ඇති සම්පූර්ණ ඇප්ස් ගණන 675,000 ලෙස ගණන් බලා ඇත. 2012 සැප්තැම්බර් මස වන විට මෙහි ලියාපදිංචිවී තිබූ ඇන්ඩ්‍රොයිඩ් උපාංග ගණන මිලියන 500ක් (මේ අතර ඕගොල්ලොයි අපිත් ඉන්නවා).

මේ වන විට මෙහි ඇප් බාගත කිරීම මිලියන 25 ඉක්මවා ඇති අතර, මේ වෙනුවෙන්, ජනප්‍රිය ගෙවිය යුතු ඇප්ස් සඳහා 25% ක වට්ටමක් Google විසින් ලබා දෙනවා.
Google Play On Samsung GTS5830I 

දැනට මෙහි බාගතකිරීම් මිලියන 10 ඉක්මවූ ඇප්ස් 200ක් පමණ තිබෙන අතර, බාගත කිරීම් මිලියන 5 ඉක්මවූ ඇප්ස් 500ක් පමණ තිබෙනවා.

දැනට වැඩි වශයෙන්ම බාගත කරන ලද ඇප්ස් අතර ෆේස්බුක්, ගූග්ල් මැප්ස්, යූටියුබ්, ජීමේල්, ගූග්ල් සර්ච් ඉදිරියෙන්ම සිටිනවා. මේ අතරින් බහුතරයක් ගූග්ල් සමාගම මගින් සංවර්ධනය කරන ලද ඒවා වීම විශේෂත්වයක්.

එව වගේම වැඩියෙන්ම බාගත කරන ලද ක්‍රීඩා අතරින්, ඇන්ග්‍රි බර්ඩ්ස්, ඇන්ග්‍රි බර්ඩ්ස් සීසන්ස්, ඇන්ග්‍රි බර්ඩ්ස් රියෝ ඉදිරියෙන් සිටිනවා.

Sunday, October 7, 2012

කොහොමද APK File එකක් හොයාගන්නේ / ක්‍රැක් කරන්නේ

මේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියන එක ප්‍රශ්නයක්. අපි ආසාවට ෆෝන් එකක් ටැබ් එකක් පාවිච්චි කලාට ඒ ෆෝන් එකට සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගන්න තරම් පෝසත්තු නෙවෙයි. (අඩුම තරමේ ගොඩක් දෙනා.) ඩොලර් එකක් දෙකක් වුනත් රුපියල් ම 130 +. ඉතින් මේවා නිකම් ගන්න නැද්ද?



එහෙමනම් ඔබටයි මේ පිළිතුර.
ගොඩක් ඇප්ස් හදන්නේ ඒවගේ වෙළඳ දැන්වීම් පල කරලා කීයක්‌ හරි හොයාගන්න පුළුවන් වෙන විදියට. මොකද හදන එකාටත් ලාබයක් තියෙන්න එපාය. ඒ හින්දා. ඒත් සමහර ඒවා නම් එහෙම නෑ. හදල තියන ඇප් එකක් ගන්න එක්කෝ ඩොලර් එකක් හරි ඊට වඩා වැඩියෙන හරි ගෙවන්න ඕනේ. සමහර සොෆ්ට්වෙයාර් වල ප්‍රෝ වර්ෂන් තියනවා. ඒවා සල්ලි වලට ගන්න ඕනේ. ඒ හැර නොර්මල් වර්ෂන් එක තියනවා නොමිලේ, ඒත් පහසුකම් සමහරක් අඩුව.
හරි . කතා ඇති. දැන් මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.
මුලින්ම සොෆ්ට් ක්‍රැක් එකක් කරන්න පුළුවන්, ඔය අනවශ්‍ය ඇඩ්ස් එහෙම අයින් කරන්න. ඒකට හොඳම

  • Lucky Patcher (byChelpuz)
මේක ඕනෙම වෙලාවක ගුගල් කරලා හොයාගන්න පුළුවන් .apk එකක් විදියට. මේක ඔටෝ අප්ඩේට් වෙනවා ඩේටා හරි වයිෆයි හරි කනෙක්ෂන් එකක ඉඳලා ඕපන් කලොත්. ඒ අප්ඩේට් එක්ක අලුත් පැටර්න්ස් මේ සොෆ්ට්වෙයාර් ඒකට ලැබෙනවා. ඒ කියන්නේ ක්‍රැක් කරන නිරවද්‍යතාව වැඩි වෙනවා. මේ හරහා සාර්ථකව

  • ඇප්ස් වල ඇඩ්ස් අයින් කරගන්න
  • ලයිසන් චෙක් රිමුව් කරන්න
  • අලුත් ක්‍රැක් apk හදන්න
වගේ ගොඩක් පහසුකම් දෙනවා. මේ තමයි මගේ පලවෙනි සිලෙක්ෂන් එක. ඒ එක්කම මගේ ෆෝන් එකේ අනිවාර්ය අංගයක්.
දෙවනියට, නෙට් එකෙන් ගන්න පුළුවන් ක්‍රැක් කරන ලද ඇප්ස්. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි.
මුලින්ම ගූගල් ප්ලේ එකට යන්න. එතනින් ඔබට අවශ්‍ය කරන ඇප්ස් වල දැනට තියන වර්ෂන් එක මොකක්ද කියා බලාගන්න. දකුණු පැත්තේ කෙලවරේ බොහෝ කොටම ඒ විස්තර දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ විස්තර එක්ක ගූගල් වලට ගිහින් සර්ච් කරන්න ඕනේ.
උදා: Angry Birds Space HD අවශ්‍ය යයි සිතන්න එතැනදී ගූගල් ප්ලේ වෙතට ගොස් එහි දැනට පවතින නවතම සංස්කරණයේ අංක බලාගන්න. උදා: 1.2.0
දැන් ගූගල් සර්ච් වෙත ගොස් එහි මෙසේ ටයිප් කර සර්ච් කරන්න

  1. Angry Birds Space 1.2.0 apk download
  2. Angry Birds Space 1.2.0 apk Cracked Download
බොහෝවිටම මෙතැනදී මම නම් භාවිතා කරන්නේ www.iapktop.com කියන වෙබ් අඩවිය. ඒත් සමහර වෙලාවට මම අනිකුත් අඩවි භාවිතා කරනවා අවශ්‍යතාව අනුව.
ඔන්න ඉතින් මේ විදියට ඩවුන්ලෝඩ් කරපු apk ෆයිල් එක ඔබේ ඇන්ඩ්රොයිඩ් උපාංගයේ සිටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒත් ඒ සඳහා Unknown Sources (install non-market apps) කියන පර්මිෂන් එක නම් ලබා දී තියෙන්න ඕනේ.

(We Are Androids ෆේස්බුක් සමූහයේ ක්සැන්ඩර් ක්සැන්ඩර් විසින් පෝස්ට් එක් කරන ලද ඩොක් එකකි)