Subscribe:

Ads 468x60px

.

Sunday, March 31, 2013

Facebook උපන්දින Android Calendar එකට Sync කරමු


ෆේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින අපේ ෆෝන් එකේ කැලැන්ඩර් එකට සින්ක් කරන හැටි බලමු. ඕන උපන්දින ටිකට රිමයින්ඩර් දාගත්තම උපන්දින අමතක වෙන්නේ නෑනේ.

  1. ෆේස්බුක් එකේ Event තියන Page එකට යන්න. 
  2. එතන දකුණු පැත්තේ උඩම තියන සෙටින්ග්ස් අයිකන් එක ඔබන්න.
  3. දැන් එතනින් Export තෝරන්න.
  4. ඊට පස්සේ එන එකෙන් Birthdays හෝ Events තෝරගන්න.
දැන් අලුත් වින්ඩෝ එකක ඕගොල්ලන්ගේ ගූග්ල් කැලැන්ඩර් එක ඕපන් වෙයි. එතන Friends' Birthdays කියලා අලුත් කැලැන්ඩර් එකක් හැදිලා තියනවා දකින්න පුළුවන්. 

දැන් කම්පියුටර් එකේ වැඩේ හරි. ඊළඟට තියෙන්නේ ෆෝන් එකේ.

ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලා තියනවනම් ඔන් කරලා ස්ටොක් කැලැන්ඩර් එක ඕපන් කරගන්න. එතන සෙටින්ග්ස් වලට යන්න, එතන තියනවා My Calendars කියලා එකක්. ඒක ඔබන්න. 
එතන යටම ඇති අපි ගූග්ල් කැලැන්ඩර් එකේ අන්තිමට හදපු Friends Birthdays කැලැන්ඩර් එක. දැන් එතන එහාපැත්තේ ඇති අයිකන් එකෙන් ඒ කැලැන්ඩර් එක Synced, Visible තත්වයට තෝරන්න

Calender Settings


දැන් හරි. ගිහින් කැලැන්ඩර් එකේ බලන්න කට්ටියගෙම උපන්දින ටික ලස්සනට වැටිලා තියනවා.

Birthdays Synced Calender

Friday, March 29, 2013

FB Messenger නිසා FB එකේ හැමවෙලේම ඔන්ලයින් පෙන්නන එක කරදරයි ද ?

Facebook Messenger



තවත් විශිෂ්ට ගණයේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකි ෆේස්බුක් මෙසෙන්ජර්. ෆේස්බුක් සමාගමෙන් නිල වශයෙන් මෙය ඇන්ඩ්‍රොයිඩ්, ඇපල්, බ්ලැක්බෙරි සහ වින්ඩෝස් ස්මාට්ෆෝන් වලට නිකුත් කරනු ලබයි. වැඩි විස්තර ඕනේ නෑනේ මේක ගැන ඕගොල්ලෝ හැමෝම දන්නවා.


මේකේ අලුත් අප්ඩේට් එකේ අපි මේක ලෝන්ච් කරපු ගමන්ම යාලුවන්ගේ චැට් ලිස්ට් වල අපිව ඔන්ලයින් පෙන්නවා අර කොල පාට රවුම එක්කම. ඒත් අපි මේකෙන් අයින් වුනත් අපිව යාලුවන්ගේ චැට් ලිස්ට් එකේ පෙන්නනවා හැබැයි අර රවුම වෙනුවට පොඩි ස්මාට්ෆෝන් අයිකන් එකක් එක්ක. මේ ගැනත් දන්නවනේ.  එතකොට අපේ චැට් වින්ඩෝ එක ඕපන් කරපු ගමන් වැටෙනවා "යෝ මෙසේජස් විල් බී සෙන්ට් ටු අහවල් කෙනාගේ ෆෝන්" කියලා.

සමහර උදවිය මේකට කැමතියි. සමහර අය කැමති නෑ (මාත් කැමති නෑ, ඕක දැන්නේ නැති අය හිතන්නේ අපි එතකොට පැය 24 ම ෆේස්බුක් එකේ කියලා).

මේක අයින් කරගන්නේ කොහොමද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා ඇති මොකද ඇප් එකෙන් ලොග් අවුට් වුණත් අපිව අර විදියට යාලුවන්ට පෙනෙන නිසා. ඇප් එක අයින් කරලා දැම්මත් වැඩේ හරියන්නේ නෑ. දැන් මොකද කරන්නේ .. .. ?

කලින් හිතුවේ නැති වුණාට කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක්.


දැන් මෙසෙන්ජර් එකට ගිහිල්ලා, ෆෝන් එකේ සෙටින්ග්ස් කී එක ඔබලා සෙටින්ග්ස් වලට යන්න. එතන තියනව නොටිෆිකේශන්ස් කියලා එකක්, ඒක ඔබන්න. ඊට පස්සේ එන තැන තියනවා උඩම චෙක් බොක්ස් එකක්. ඒක අන්ටික් කරන්න. එතකොට යට වැටෙයි නොටිෆිකේශන්ස් ඕෆ් අන්ටිල් කියලා මොකක් හරි වෙලාවක්.

Notification Settings



දැන් ඔන්න ඔය වෙලාව වෙනකං ඔයාව චැට් ලිස්ට් එක පෙන්නන්නේ නෑ (සාමාන්යෙන් පැය 12ක් විතර)

Switch Accounts

දැන් කරන්න තියෙන්නේ ආපහු සෙටින්ග්ස් වලට ගිහින් ස්විච් අකවුන්ට්ස් කියන එක ඔබන්න. දැන් වැඩේ හරි. ඔයාව චැට් ලිස්ට් එකෙන් ස්මාට්ෆෝන් එකත් එක්කම අයින් වෙලා.

(සයිට් එක ආපහු අලුතෙන් පටන්ගත්ත නිසා මේ දවස්වල ඩිසයින් එක වෙනස් කරන්න බලන්නේ. ඒක නිසා පොඩි පොඩි අවුල් ඇති සයිට් එකේ. ගණන් ගන්න එපා හොඳේ. අපි දිගටම කරගෙන යනවා.)



Android Launcher ගැන වැඩි යමක්

Launcher ගැන අහලත් ඇති. දන්නවත් ඇති. ඉන්ස්ටෝල් කරලත් ඇති. එහෙම කරලා වාතයක් වෙලා එව්වා අයින් කරලත් ඇති. මේ ටිකත් කියවලා බලමු

Android Launcher එකක් කියන්නේ මොකද්ද ?


ලෝන්චර් යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සුචිත්‍රික අතුරු මුහුණත (හෝ ඒ වගේ එක) Main Graphical User Interface එකයි.  අපේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක වගේ. මෙහි කාර්ය භාරය වන්නේ සජීවි විජට්ටු (Live Widgets) ධාවනය කිරීමට හැකියාව ඇති Platform එකක් සැපයිම සහ ස්ථාපනය කර ඇති ඇප්ස් විවෘත කිරීමයි.

තේරෙන සිංහලෙන් කියනවනං අපි අර ඉස්සර ෆෝන් වල මෙනු එක කිව්වේ මේ වගේ එකට.

ඕගොල්ලෝ දැකලා ඇති ෆෝන් වල බ්‍රෑන්ඩ් එකෙන් එකට ඒවල හෝම් ස්ක්‍රීන් එකයි, මෙනු එකේ විදිය වෙනස් වෙනවා. ඒ සමාගම් අනුව වෙනස් කරන ලද ලෝන්චර් තමයි ඒ ෆෝන් වල තියෙන්නේ. කිසිම වෙනස් කමක් නොකරන පිරිසුදු ඇන්ඩ්‍රොයිඩ් ලෝන්චර් තියෙන්නේ Google Nexus ෆෝන් වල විතරයි.

වඩාත්ම ජනප්‍රිය Android Launchers

Samsung TouchWiz

මෙය Samsung සමාගම විසින් නිර්මාණය කරන ලද අතුරු මුහුණතක්. මෙය Samsung ෆෝන් වල මෙන්ම Samsung සමාගම විසින් නිශ්පාදනය කරල ලද Bada මෙහෙයුම් පද්ධතිය ධාවනය වන දුරකථන වල ත් දැක ගත හැකියි.  මෙහි නවතම සංස්කරණය Touch WiZ 3.0, Samsung Galaxy S3 දුරකථනයේ ත් ඉදිරියේ පැමිණීඑමට නියමිත S4 හිදී මෙහි 4.0 සංස්කරණය ඇති බව පැවසෙනවා

Touch WiZ On Samsung Galaxy Ace

Sony Timescape UI

Sony Timescape UI

සෝනි, සෝනි එරික්සන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල දැකිය හැකි අතුරු මුහුණත මෙයයි. මෙහි වඩාත්ම ජනප්‍රිය පහසුකම වන්නේ Card like view හෙවත් දුරකථනයේ ඇති ඇතැම් තොරතුරු කාඩ් කුට්ටමක් ලෙසින් පෙලගස්වාගත හැකිවීමයි.

මීට අමතරව වෙනත් Manufacturer Licensed Launchers වන්නේ HTC Sense සහ Motorola Motoblur යි. මේවා ඊට අදාල දුරකථන වල දැකගත හැකියි

Third Party Launcher

වෙනත් තුන් වන පාර්ශව විසින් නිර්මාණය කරන ලද මෙසේ හැඳින්වේ. මෙවැනි ලෝන්චර් 50 කට ආසන්න සංඛ්‍යාවක් හිදි දැක ගත හැකියි. මේවායේ ද එකිනෙකට වෙනස් පහසුකම් සහිතයි. 

මේ අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ

  • Go Launcher
  • ADW Launcher
  • Nova Launcher
  • Apex Launcher
  • Holo Launcher
පහුගිය ටිකේ මොකුත් දාන්න බැරිවුණාට සොරි. මාත් කාලෙකින් මේ පැත්තේ ආවේ. කට්ටියගේ කමෙන්ට් දැකලා තමයි ආපහු ලියන්ඩ හිතුණේ. ඒ කට්ටියට බොහොම ස්තූතියි. දැන් පුලුවන් හැම වෙලේකම දාන්නම්.

Thursday, March 28, 2013

ඇන්ඩ්‍රොයිඩ් ශබ්දකෝශය 1

Android Glossary In Sinhala

අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු ගමන්ම එක එක අලුත් වචන අහන්න ලැබෙනවා. සමහර ඒවා ගැන කලින් අපි කතා කරා. අද තව අලුත් වචන ගැන දැනගන්න පුලුවන්. අපි මේ වචන වල තාක්ෂණික අදහසින් බැහැරව තේරෙන සිංහලෙන් කියවමු.



Root

මේ ගැන කලින් කතා කරා. මෙතනින් බලන්න.

Bootloader

මේ ගැනත් කලින් කතා කරා. මෙතනින් බලන්න.

Recovery

දුරකථනයේ මෙහෙයුම් පද්ධතියෙන් වෙන්වුණු, දුරකථනයේ හාඩ්වෙයා සමග සෘජුව ගණුදෙනු කල හැකි කුඩා මෘදුකාංගයකි (පරිගණකයේ ඇති බයොස් වගේ එකක්). සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකම ස්ටොක් රිකවරි මෘදුකාංගයක් අඩංගු වන අතර මෙය භාවිත කර සෙටින්ග්ස් රිසෙට් කිරීම, ඩේටා ක්ලියර් කිරීම, මෙමරි කාඩ් එක ෆෝමැට් කිරීම ආදිය කල හැකියි. 

නමුත් මීට වඩා බොහෝ පහසුකම් සහිත කස්ටම් රිකවරි මෘදුකාංග ඇති අතර මේවායින් මීට වඩා බොහෝ කාර්යන් කරගත හැකියි. එක් ප්‍රසිද්ධ කස්ටම් රිකවරි මෘදුකාංගයක් වන්නේ ක්ලොක්වර්ක් මොඩ් - ClockWork Mod යි. මේවා භාවිතා කර මෙහෙයුම් පද්ධතිය බැකප් කිරීම, කස්ටම් රොම් ස්ථාපනය කිරීම කල හැකියි. කස්ටම් රිකවරි ස්ථාපනය කිරීමට නම් දුරකථනය රූට් කර හෝ බූට් ලෝඩරය අන්ලොක් කර තිබිය යුතුයි.

Nandroid Backup

කස්ටම් රිකවරි මගින් ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය (සියලුම දත්ත ඇතුළුව) සම්පූර්ණයෙන්ම එස් ඩී කාඩ් එකට බැකප් කල හැක. මෙය නැන්ඩ්‍රොයිඩ් බැකප් නමින් හඳුන්වයි. මෙහි වාසිය නම් කස්ටම් රොම් ස්ථාපනයෙන් පසුව වුවද කලින් තිබූ තත්වයට මෙහෙයුම් පද්ධතිය රීස්ටෝ කල හැකි වීමයි.

Wipe

දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින් කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත් පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට ප්‍රථමයෙන් වයිප් කිරීම අත්‍යවශ්‍යය.

Flashing

රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක් හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස හඳුන්වනු ලැබේ. 

මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට් එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ් කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP (ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.

ROM

රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින් ඇතුලත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ස්ටොක් රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව විසින්  සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම් ලෙස හැඳින්වේ.

Kernel

මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.

Radio / Baseband / Modem

දුරකථනයේ වයර්ලස් නෙට්වර්ක් පහසුකම් මෙහෙයවන ෆර්ම්වෙයා  මෙලෙස හැඳින්වේ. GPS සහ WiFi පාලනය වෙන්නේ මේවා මගිනි


දෙවන කොටස මෙතනින් බලන්න.


ඇන්ඩ්‍රොයිඩ් ශබ්දකෝශය 2

කලින් එකේ දෙවෙනි කොටස.

Mod

ෆෝන් එකේ සොෆ්ට්වෙයා එකට කරන මොනයම් හෝ මොඩිෆිකේශන් එකක් "මොඩ්" ලෙස හැඳින්වේ.
උදා:- බූට් ඇනිමේශන් වෙනස් කිරීම, ෆොන්ට් වෙනස් කිරීම .. ..

Brick

මෙන්න භයානකම වචනය. වැරදි ෆ්ලෑශ් හෝ රූට් කිරීමක් නිසා දුරකථනය අක්‍රිය වීම බ්‍රික් වීම ලෙස හඳුන්වයි. ෆ්ලෑශ් කිරීමේ දි ගත යුතු අවදානමකි මෙය. නමුත් හරියට වැඩේ කරොත් බ්‍රික් වෙන්නේ නෑ. 

Superuser

සාර්ථක රූට් කිරීමකින් පසුව මෙහෙයුම් පද්ධතියේ සියලු බලතල ගත හැකියි. රූට් ප්‍රවේශය ලබා දෙන ඇප් එක සුපර් යූස ලෙස හැඳින්වේ.

Overclock / Underclock

ප්‍රොසෙසරයේ වේගය වැඩි කිරීම ඔවර්කොක් කිරීම ලෙසත් වේගය අඩු කිරීම අන්ඩර්ක්ලොක් කිරීම ලෙස හැඳින්වේ. ප්‍රොසෙසරයේ වේගය වෙනස් කිරීම ට ඇතැම් ෆෝන් වල නම් රූට් පමණක් ප්‍රමාණවත් වන අතර, සමහර ඒවාට කස්ටම් කර්නල් ස්ථාපනය කල යුතු වේ.

ඔවර්ක්ලොක් කිරීම මගින් දුරකථනයේ කාර්යක්ශමතාවය වැඩි කර ගත හැකි අතර, අන්ඩර්ක්ලොක් කිරීමෙන් අඩු බැටරි ප්‍රමාණයක් ප්‍රොසෙසරය භාවිතා කරන නිසා බැටරි ඉතුරු කර ගත හැකි වේ.



Wednesday, March 27, 2013

Secret Codes For Android Phones



අර කලින් ෆෝන් වල තිබ්බා වගේම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත් සීක්‍රට් කෝඩ් තියනවා. මේවා ගහලා එක එක සෙල්ලම් දාන්න පුළුවන්. අපි දැන් බලමු මේ ගැන.

සැළකිය යුතුයි

ඇතැම් කෝඩ්ස් වලින් පෙර දැනුම් දීමකින් තොරව එම කෝඩ් එකට අදාල කාර්ය ඉටු කරන බැවින් (සෙටින්ග්ස් රිසෙට් ආදිය) ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට විශ්වාස නැත්නම් මේවා භාවිතා කරන්න එපා.

වෙනත් තුන්වන පාර්ශවයේ ඩයලර් ඇප් වල මෙම කෝඩ්ස් වැඩ නොකිරීමට පුළුවන්. ස්ටොක් ඩයලර් එක භාවිත කරන්න.

මේවා ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක/සංස්කරණයක වැඩ කල යුතුයි. ඇතැම් සේවාදායකයන්ගේ සංස්කරණ වල වැඩ නොකරනු ඇත.


For Restore Factory Settings (Be Careful Or Dont Try)

  1. *#*#7780#*#*
  2. *#*#34971539#*#*

දුරකථනය පිලිබඳ විස්තර ලබා ගැනීමට


*#*#4636#*#*
මෙමගින් බැටරියේ සහ වයිෆයි තොරතුරු ලබා ගත හැක.
Phone Information

මෘදුකාංග විස්තර ලබාගැනීම සඳහා


  • *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  • *#*#1234#*#* - PDA and Phone
  • *#*#1111#*#* - FTA SW Version
  • *#*#2222#*#* - FTA HW Version
  • *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number


දුරකථනයේ තත්වය පරික්ශා කිරීමට

  • *#*#0283#*#* - Packet Loopback
  • *#*#0*#*#* - LCD test
  • *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  • *#*#0842#*#* - Device test (Vibration test and Back Light test)
  • *#*#2663#*#* - Touch screen version
  • *#*#2664#*#* - Touch screen test
  • *#*#0588#*#* - Proximity sensor test
  • *#*#3264#*#* - RAM version


WiFi, GPS, Bluetooth පරික්ශා කිරීමට

  • *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test (Use "Menu" button to start various tests)
  • *#*#232338#*#* - Shows WiFi MAC address
  • *#*#1472365#*#* - GPS test
  • *#*#1575#*#* - Another GPS test
  • *#*#232331#*#* - Bluetooth test
  • *#*#232337#*# - Shows Bluetooth device address




Tuesday, March 26, 2013

Internal Memory පිරීමේ ගැටලුවට විසඳුම්

On My Phone Xperia Ray
 


බොහෝ Android දුරකථනවල ඇති ගැටලුවක් වන්නේ අඩු Internal Memory ප්‍රමාණයයි. Low/High Range ෆෝන් වල Internal Memory මෙගා බයිට් 100~  සිට ~500 වන අතර, High End දුරකථන වල මෙය 2GB<< දක්වා විහිදී යයි. ඇතැම් ෆෝන් වල 1GB පමණ තිබුණද මෙහෙයුම් පද්ධතිය විසින් මෙගා බයිට් 500ක් පමණ කා දමා ඇත.

මෙයින් ඇතිවන ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම ඇප්ස්  ඉන්ස්ටෝල් කිරීමට යාමෙන් ඉන්ටර්නල් මෙමරි පිරීමත්, දුරකථනය ස්ලෝ වීමට පටන්ගැන්මත් ය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ඉන්ටර්නල් මෙමරියට වීම තවත් ගැටලුවකි. (ඉස්සර තිබුණ සිම්බියන් වලත් SD කාඩ් එකට ඇප්ස් දැම්මහැකි නේ)


Moving Apps to SD Card

ඔබ විසින් ගූග්ල් ප්ලේ එකෙන් ඩවුන්ලෝඩ් කරන ලද ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ඉන්ටනල් මෙමරියට වුවත්, පසුව මේවා SD කාඩ් එකට මූව් කල හැක. නමුත් ඇතැම් ඇප්ස් මෙලෙස මූව් කල නොහැක (විජට්, ලයිව් වෝල්පේපර්, ... )
මීට අමතරව දුරකථනයේ ඇති ස්ටොක් ඇප්ස් (ෆෝන් එක ගන්නකොටම තියන ඒවා) සහ සමහර ගූග්ල් ඇප්ස් මුව් කල නොහැක.

Data සහ Cache කිරීම

ඔබ නිතරම නෙට් සමග සම්බන්ද වන ඇප්ස් පාවිච්චි කරනවානම් (ජීමේල්, ෆේස්බුක් .. ) කැශේ කිල්යර් කිරීම හොඳය. මන්ද මේවායෙහි ඇතැම් විට මෙගා බයිට 5~10 අතර කැශේ මෙමරි රඳවාගන්නා නිසාය.

ඩේට ක්ලියර් කිරීමෙන් එම ඇප් එකට අදාල දුරකථනයේ සේව් වී ඇති දත්ත මැකී යයි. ෆේස්බුක් එකේ ඩේට ක්ලියර් කරොත් ඔබට නැවත වතාවක් ලොග් වීමට සිදු වනු ඇත. මෙමගින් මෙගා බයිට් 5~ පමණ ඉතුරු කරගත හැක

අනවශ්‍ය Apps ඉවත් කිරීම

ඔයාට සමහර ඇප්ස් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවනම් ඒවා අයින් කරලා දාන්න. සමහර වෙලාවට අපිත් බොරු ශෝ එකටයි වෙන එව්වටයි ඕනේ නැති ඇප්ස් දාගෙන ඉන්නවනේ.

Root කිරීමෙන් ගත හැකි විසඳුම්

Link 2 SD (Root Needed)

ඔබේ ෆෝන් එක රූට් කරලා නම් මේ ප්‍රශ්නේ විසඳගන්න ගොඩක් ලේසි ක්‍රම තියනවා (ඉතින් රූට් කරන එක තමා අමාරුව)

  • ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේ මූලික මතකය ලෙස SD Card එක තෝරගත හැකියි. මේ සඳහා රොම් මැනේජර් හෝ ඊට සමාන රූට් ඇක්සස් සහිත ඇප් එකක් භාවිතා කිරීමට පුලුවන්. 
  • ස්ටොක් ඇප්ස් ඉවත් කිරීමට සහ කාඩ් එකට මූව් කිරීමට පුළුවන්.
  • කලින් අවස්ථාවලදි මූව් කරගත නොහැකි වූ ඇප්ස් සියල්ලම කාඩ් එකට දැමීමට පුලුවන්.

මම නම් මේ සඳහා ලින්ක් ටු එස් ඩී ඇප් එක යෝජනා කරනවා. හැබැයි ROOT කරලානම් විතරයි.

සැ.යු:- ඇප්ස් එස් ඩී කාඩ් එකට මූව් කර හැකි ඇප්ස් බොහෝමයක් ගූග්ල් ප්ලේ හි ඇති අතර, මේවායින් අපි කලින් කතා කරපු දේම තමයි වෙන්නේ. එනම් අපිට මූව් කරන්න බැරි ඇප්ස් මේවටත් බෑ. ඉතින් ඔක්කොම කරලා කරගන්ඩ බැරි නම් රූ කරන්ඩ තමයි තියෙන්නේ

Monday, March 25, 2013

Google වෙතින් Google Keep



මෙය නෝට්ස් සකසා සේව් කර ගැත හැකි ජාතියේ ඇප් එකකි. එකිනෙකට වෙනස් නෝට්ස් ඇප්ස් කීපයක්ම ගූග්ල් ප්ලේ හි තිබුණද, මේවායෙහි පහසුකම් වල මදි පාඩු බොහෝ තිබුණි. ගූග්ල් කීප් මේ සියල අඩුපාඩු මග ඇර අලුත්ම අත්දැකීමක් ලබා දෙයි. මේ වන විට ගූග්ල් කීප් සමග තරඟයට අවතීර්ණ වී සිටින්නේ එවර්නෝට් ය


Google Keep
Google Keep

මෙහි ඇති පහසුකම්

  • නෝට්ස්, පින්තූර, සහ වොයිස් කට් සේව් කර ගත හැකි වීම.
  • හෝම් ස්ක්‍රීන් විජට්.
  • පාට කර ගත හැකි නෝට්ස්.
  • චෙක්ලිස්ට් සේව් කර ගත හැකි වීම.
  • ස්වයංක්‍රියව ගූග්ල් කීප් වෙබ් සේවයට සින්ක් වීම.
Screen Capture
මෙය ඉන්ස්ටෝල් කිරීමට Android 4.03 ICS හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය වේ.



Sunday, March 24, 2013

Bootoader කියන්නේ මොකද්ද ?

ඕගොල්ලෝ ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට ආපු ගමන් ම එක එක අමුතු වචන අපිට දැනගන්න ලැබෙනවා. සමහර වචන අපි මීට කලින් පරිගණක භාවිතයේ දී එහෙම යොදාගත්තේ නැති වචන පවා ඇන්ඩ්‍රොයිඩ් වලදී භාවිත වෙනවා. රූට් කරනවා කියයි, කස්ටම් රොම් එකක් ෆ්ලෑශ් කරා කියයි ආය තව කවුරුහරි කියයි බූට් ලෝඩර් එක අන්ලොක් කරා කියලා. අද අපි කතා කරන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියන බූට් ලෝඩර් එක ගැන.

Bootloader යනු කුමක්ද ?



බූට් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්‍රියාත්මක වන වන වැඩසටහනකි. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය වෙත බූට් කිරීමයි. බූට් ලෝඩරය දුරකථනයේ ඇති හාඩ්වෙයා පහසුකම් සමග වෙනස් වේ. එනම් එක ප්‍රොසෙසරයකට ලියූ බූට් ලෝඩර් වැඩසටහනක් වෙනත් ප්‍රොසෙසර් සමග ක්‍රියාත්මක නොවේ. විවිධ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මොඩ්ල් සඳහා ඒ සඳහාම ගැලපෙන කස්ටම් රොම් සාදීමට සිදුව තිබෙන්නේ මෙම බූට් ලෝඩර් ගැටළුව නිසා ය. නමුත් ඇපල් ෆෝන් වල හාඩ්වෙයා අතර විශාල වෙනස්කම් නැති බැවින්. ෆෝන් මොඩ්ල් එක කුමක් වුවත් මේවායෙහි ඇත්තේ එකම බූට්ලෝඩර් වැඩසටහනකි. මේ නිසා නවතම ඇප්ල් මෙහෙයුම් පද්ධතිය 3GS දුරකථනයකට පවා ස්ථාපනය කල හැක.

Android Bootloaders

සෑම අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ම බූට් ලෝඩරයකින් සමන්විත වන අතර, මෙමගින් සාමන්‍ය පරිදි මෙහෙයුම් පද්ධතිය බූට් කරනු ලබයි. නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් වන අතර මෙය විවිධ හාඩ්වෙයා පහසුකම් සහිත දුරකථන වල දැක ගත හැකියි. මෙම හේතුව නිසා නිශ්පාදකයින් විසින් ඒ ඒ දුරකථන වල ඇති හාඩ්වෙයා ස්පෙසිෆිකේශන් වලට අදාල බූට් ලෝඩර් සපයා ඇත.

Bootloader එක Lock කර ඇත්තේ ඇ‍යි ?

ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).  

අවසාන වශයෙන්

සෝනි එරික්සන් දුරකථන වල කස්ටම් රොම් දැමීමට සහ රූට් කිරීමට බූට් ලෝඩරය අගුලු ඇරීමට අත්‍යවශ්‍ය වුවත් ඇතැම් සැම්සුන් දුරකථන වල බූට් ලෝඩරය අන්ලොක් කිරීමෙන් තොරව මෙම කටයුතු කරගත හැකියි.

බූට් ලෝඩරය අන්ලොක් කිරීම සෙටින්ග්ස් රීසෙට් කිරීම වැනිම වූ ක්‍රියාවලියකි. එනම් දුරකථනයේ ඇති දත්ත සියල්ල මැකී යයි.

සහ වගකීම් සහතිකය අවලංගු වේ.

ක්‍රියාවලිය අතරතුර බ්‍රික් වීමේ කුඩා අවදානමක් ඇත.

Saturday, March 23, 2013

Google Nexus Smart Phone Series

Google Nexus Logo


ගූග්ල් නෙක්සස් යනු ගූග්ල් සමාගම සහ තවත් දුරකථන නිශ්පාදන සමාගමක් සමග එක්ව නිකුත් කරන
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පෙලකි. මෙම දුරකථන වල වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙන් මෙහෙයුම් පද්ධතියේ නිශ්පාදකයාට අදාල වෙනස්කම් කර නැති අතර මේවායෙහි බූට් ලෝඩර් අන්ලොක් කිරීම සහ රූට් කිරීම අනවශ්‍ය වේ. මීට අමතරව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අප්ඩේට් නිකුත් කරන විට, මුලිම අදාල අප්ඩේට් එක නිකුත් කරන්නේ මෙම නෙක්සස් දුරකථන වලටයි. ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය විසින් ඇප්ස් සංවර්ධනය කිරීම සඳහා අනුමත කර ඇත්තේද නෙක්සස් දුරකථනයි. මේ වන විට Nexus 4, Nexus 7 සහ Nexus 10 Tab දැනට වෙළඳපොළෙහි දැකගත හැකියි


Nexus 4

Nexus දුරකථන පෙල

Nexus One

2010 ජනවාරි මස නිකුත් කරන ලද මෙය ප්‍රථම නෙක්සස් ෆෝන් එක වේ. මෙය HTC සමාගමේ නිපැයුමකි. මෙහි මුලින්ම තිබුණු එක වන්නේ Android 2.1 Eclair වන අතර Android 2.2 Froyo නිකුත් කරන ලද ප්‍රථම දුරකථනය ද මෙම ෆෝන් එකයි.

Nexus S

මෙය සමාගමේ නිපැයුමකි. කිරීමත් සමගම 2010 දෙසැම්බර් මස වෙළඳපොළට නිකුත් කරන ලදි. අවුරුද්දකට පසු එනම් 2011 දෙසැම්බර් මාසයේදි මෙයට අප්ඩේට් ලබා දෙන ලදි. මෙහි ඇතැම් නව සංස්කරණ වලට ද ස්ථාපනය කළ හැක

Galaxy Nexus

Nexus දුරකථන අතරින් අතිශයින් ජනප්‍රිය වූ දුරකථනයකි. Samsung සමාගම විසින් 2011 Nov හිදී Android 4.0 නිකුත් කිරීමත් සමගම එලි දක්වන ලදි. 2012 අග භාගයේදි මෙයට Jelly Bean 4.1 අප්ඩේට් දෙන ලදි.

Nexus 4

මේ වන විට වෙළඳපොලෙහි ඇති නවතම නෙක්සස් දුරකඨනය මෙයයි.  LG සමාගමේ නිශ්පාදනයකි.  Jelly Bean 4.2 දෙන ලද ප්‍රථම දුරකථනය මෙයයි. මෙහි අඟල් 4.7 ක තිරයක්, 1.5 කොඩ් කෝර් ප්‍රොසෙසරයක් සහ 8 කැමරාවක් ඇත.  මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Wireless Charging (රැහැන් රහිතව චාජ් කිරීමේ හැකියාව) යි.

මීට අමතරව, සහ යනුවෙන් ටැබ්ලට් පරිගණක දෙකක් ඇති අතර මේවා සහ  සමාගම් වලින් නිපදවා ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටවලට නෙක්සස් දුරකථන ගූග්ල් විසින් නිල වශයෙන් නිකුත් කර නොමැති අතර, සින්ගප්පූරුව වැනි රටවලින් ඔන්ලයින් ඔර්ඩර් කිරීමේ හැකියාව ඇත.