Subscribe:

Ads 468x60px

.

Saturday, October 13, 2012

ඇඩ් වලට යන්න කියමු - Ad Free Android


ගොඩක් Free ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Use කරනකොට තියන ලොකුම කරදරේ තමයි ඇප් එකේ හතර වටේම Ads වැටෙන එක. මම කියන්න ඔනේ නෑනේ නේද තියන වදේ.
 

ඇයි මේ Ads එන්නේ !


ගොඩක් Play Store එකේ තියන ඇප්ස් ඒ කියන්නෙ 65% ක් විතරම අපිට දෙන්නෙ නොමිලේ හැබැයි ඉතින් මේ ඇප්ස් හදන අයටත් ලාබයක් තියෙන්න ඕනෙ නිසා තමයි මේ විදියට Ads දාල තියෙන්නෙ, ගොඩක් Free ඇප්ස් වල Ads අයින් කරගන්න වෙන්නෙ ඒ ඇප් එකේ Pro Version  එක සල්ලි දීල අරගෙන හැබැයි මේ අතර Ads  නැති Free  ඇප්ස් තියන බව අමතක කරන්න හොද නෑ. අපේ කොල්ලොන්ට ඇප්ස් වල තියන Ads අයින් කරගන Pro Version App එකක් ගන්නව කියන්නෙ නිකන් හීනයක් වගේනෙ ඉතින් මම මේ කියන App  එකෙන් පුලුවන් ෆෝන් එකේ තියන හැම ඇප් එකකම Ad ටික අයි කරල දාන්න. හරි අපි වැඩේට බහිමු. මේක මාර ලෙසි වැඩක් ඒත් ඉතින් හැම සුපිරි වැඩ කෑල්ලකටම වගේ මේකටත් මූල මල්ලි හරස් වෙනව (Root) ඒ කියන්නෙ ඔයා වැඩේට බහින්න කලින් ෆෝන් එක Root  කරල තියෙන්න ඕනෙ.

මේකට මම Use කරන්නෙ Ad Away කියන ඇප් එක මොකද මේක තමයි දැනට Play Store එකේ තියන වැඩ කරන්න ලේසිම හොදම ඇප් එක. එහෙනන් පහලින් ඇප් එක බාගෙන Install උනාට පස්සෙ Open කරල Super User Request එක Accept  කරන්න. දැන් කරන්න තියෙන්නෙ Download Files & Apply Ad Blocking

කියන එක ඔබන්න විතරයි ඉතුරු ටික ඇප් එක බලාගනී. වැඩේ ඉවර උනාම ඇප් එකෙන් Notification  එකක් එයි වැඩේ හරි කියල.

දැන් ෆෝන් එක Reboot  කරල කරදරකාර Ads  තියන Apps Open කරල බලන්න, Ads  ටික වාෂ්ප වෙලා ඇති.


Ad Away බාගන්න

මීට අමතරව Ads අයින් කරන්න මේ ඇප්ස් වලිනුත් පුලුවන්.












0 comments:

Post a Comment