Subscribe:

Ads 468x60px

.

Wednesday, November 13, 2013

ඇන්ඩ්‍රොයිඩ් පවුලට අලුතෙන් එකතුවෙන "කිට් කැට්"

කිට් කැට් කිව්වහම කාටත් මතක් වෙන්නේ අර චොකලට් ජාතිය. කාලෙකට ඉස්සර ලංකාවෙත් ගොඩක් ජනප්‍රියයි. දැන් නම් වැඩිය හොයාගන්නත් නෑ. 


කවුරුත් දන්න විදියට ගූග්ල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කලේ ඉංග්‍රිසි හෝඩියේ ආකරාදි පිලිවෙලට එන රස කැවිලි වල නම් වලින්. ඔක්කොම අකුරු පහු කරලා දැන් අකුරට ඇවිත්. මේගොල්ලෝ මේ අලුත්ම වර්ශන් එකට දාලා තියන නම තමයි . ඒ වගේම පලවෙනි වතාවට තමයි වෙළඳනාමයක් මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් නම් කරන්න යොදාගෙන තියෙන්නේ. කිට් කැට් කියන්නේ නෙස්ලේ සමාගමේ නිශ්පාදනයක්. කලින් ආපු හැම එකක්ම නම් කරලා තියෙන්නේ සාමාන්‍ය රසකැවිලි වල නම් වලින් (ජින්ජර්බ්‍රෙඩ්, හනීකොම්බ් .. ..) 

අද දවසේ (2013 නොවැම්බර් 13 ) තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කරන්න යන්නෙ. ගිය මාසේ මේක මුලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වලට කිට් කැට් නිකුත් කිරීමට නියමිතයි

කිට් කැට් වල ඇති අලුත් වැඩ 

Android 4.4 KitKat release date, news and features

  • වැඩි දියුණු කරන ලද කටහඬ මගින් විධාන දීමේ හැකියාව
  • නව මියුසික් ප්ලේයර් එකක්
  • ඉක්මන් ඇමතුම් 
  • සියලුම පණිවිඩ සඳහා එකම ඉන්බොක්ස් එකක්
  • නව ඉමෝශන්ස්/ස්මයිලීස්
  • ගූග්ල් ක්ලවුඩ් ප්‍රින්ට්
මීට අමතරව තව බොහෝ පහසුකම් අඩංගු බව පැවසෙනවා.

මේ වන විටත් ලෝකයේ ස්මාට් ෆෝන් වලින් 81%ක්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් බව නවතම සමීක්ශණයකින් හෙලිවී තිබෙනවා.

Saturday, April 27, 2013

GB ෆෝන් එක ICS හා JB වෙස් ගැන්වීම

ඇන්ඩ්‍රොයිඩ් නවතම මෙහෙයුම් පද්ධතිවල ඉහලින්ම දැකිය හැකි ලක්ශණයක් වන්නේ සිත් ඇද ගන්නා සුලු පෙනුමයි. පෙර Froyo/GB සංස්කරණ වල විශාල වශයෙන් අතුරු මුහුණතේ වෙනස්කම් නොතිබුණද ICS හා ඊට පසු පැමිණි සංස්කරණවල වෙනස්කම් තිබුණි.

Android 4.2 on the Nexus 4.png
ජෙලි බීන් හෝම් ස්ක්‍රීන්
බොහෝ ෆෝන් වලට නිල වශයෙන් ICS/JB අප්ඩේට් නිකුත් කලද, පහසුකම් අඩු බව නිසා ඇතැම් දුරකතන වලට අලුත් අප්ඩේට් සමාගම විසින් දෙනු නොලැබේ. කස්ටම් රොම් මගින් නව සංස්කරණයක් ස්ථාපිත කල හැකි වුවත්, මෙය තරමක් සංකීර්ණ ය.  නමුත් අතුරු මුහුණතේ වෙනස්කම් කර ICS/JB දුරකථනයක් සේ හැඩගැන්වීමට පුලුවන් වීම වාසියකි. විවිධ ඇප් භාවිත කර මෙසේ කල හැක. 

දැන් බලමු කරන හැටි. රූට් ප්‍රවේශය, අලුත් අප්ඩේට් හෝ වෙනත් විශේෂ පහසුකම් අවශ්‍ය නොවේ. Android 2.2 Gingerbread තියන ෆෝන් එකක් ඇති.

Launcher එක වෙනස් කිරීම

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානතම අතුරු මුහුණත ලෝන්චර් එක නිසා. පැරණි GB Launcher එක වෙනුවට ICS/JB තාලයේ ලෝන්චරයක් ස්ථාපනය කල හැක. මේ සඳහා "හොලෝ ලෝන්චර්" භාවිත කල හැක. මෙහි ICSස්ටොක් ලෝන්චර් වල ඇති බොහෝ පහසුකම් ඇත. 

Holo Launcher

Lock Screen මාරු කිරීම

පැරණි ලොක් ස්ක්‍රීන් එක වෙනුවට භාවිත කල හැකි ජාතියේ ලොක් ස්ක්‍රීන් එකක් වන්නේ "හොලෝ ලොකර්" ය. මෙහි දකුණට ඇදීමෙන් අන්ලොක් කිරීමට ද වම් පැත්තෙන් වෙනත් කැමති ඇප් එකක් හෝ කැමරාව තෝරා ගත හැක. Download Holo Locker

Holo Locker

ICS Notification/Status Bar ඉන්ස්ටෝල් කිරීම

අයිස් ක්‍රීම් සැන්ඩ්විච් හි දැකගත හැකි තවත් ආකර්ශණීය අංගයක් වන්නේ නිල් පැහැති ස්ටේටස් බාර් එකයි.  ICS Status Bar එක ඉන්ස්ටෝල් කිරීමෙන් මෙම පෙනුම ලබා ගත හැක. ටිකක් විතර බග්ස් තියනවා. Download

ICS Status Bar

Srock Dialler වෙනුවට ICS ඩයලර් එකක්

අවසාන වශයෙන් කැමතිනම් උරුවට ඇති ඩයලර් එකක් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. මේ සඳහා EX DIALLER නැමැති ඇප් එක බාගෙන එයට එහි ICS Theme එක ඉන්ස්ටෝල් කරන්න. දැන් හරි.

ICS Ex Dialler

ඉහත සඳහන් ක්‍රම විශේෂයෙන්ම අප්ඩේට් නිකුත් කර නොමැති ෆෝන් වලට වැදගත් වේ. නමුත් තිබෙන ෆෝන් එකකට වුවද එම ඇප්ස් ස්ථාපනය කල හැක. ඔබේ ෆෝන් එකේ තියනවනම් මීට වඩා හොඳ ඇපෙක්ස් ලෝන්චර් හෝ නෝවා ලෝන්චර් භාවිත කර බලන්න.

මෙම ලෝන්චර් හා වෙනත් ඇප්ස් දැමීමෙන් කිසිම හානියක් නොවන අතර අවශ්‍ය නම් ඉවත් කිරීමෙන් සාමන්‍ය පරිදි දුරකතනයේ වැඩ කල හැක. අවාසිය වන්නේ වැඩිපුර ප්‍රොසෙසරය හා රැම් එක භාවිත වීමයි.

Thursday, April 25, 2013

USB On The Go

යූ.එස්.බී ඔන් ද ගෝ යනු ඕඩියෝ ප්ලෙයරයක් හෝ ස්මාට්ෆෝන් එකක් හොස්ට් උපාංගයක් ලෙස වැඩ කිරීමට සලස්වා වෙනත් කීබෝඩ්, මවුස්, පෙන් ඩ්‍රයිව් වැනි යූ.එස්.බී උපාංග එම උපාංගය සමග ගනුදෙනු කල හැකි වන සේ පහසුකම් ලබා දෙන තාක්ශණයකි.
USB On-The-Go logo

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ යූ.එස්.බී ඔන් ද ගෝ


බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල USB-OTG පහසුකම ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ USB-OTG කේබලයක් පමණි. ඔබේ දුරකතනයේ මෙම පහසුකම තිබේ දැයි බැලීමට USB Host Diagnostics ඇප් එක භාවිත කරන්න. ඇතැම් ස්ටොක් රොම් වල නොහැකි වුවත් සමහර ෆෝන් වලට කස්ටම් රොම් දැමීමෙන් පසු ක්‍රියාත්මක කල හැක. සයනජන් මොඩ් සියලුම සංස්කරණ වල මෙම පහසුකම ඇත.

 USB On The Go
USB On The Go Cable එකක්

USB-OTG කේබලයක් යනු එක් කෙලවරක ෆෝන් එකට කනෙක්ට් කල හැකි මයික්‍රෝ යූ.එස්.බී පෝට් එකක් හා අනික් කෙලවරේ සාමාන්‍ය යූ.එස්.බී පෝට් එකක් සහිත කේබල් එකකි.  මෙම කේබල් එකක් රුපියල් 500~1000 දක්වා මිලකට මිලදී ගත හැකියි. නැතිනම් E-Bay වෙබ් අඩවියෙන් ඉතාමත් පහසුවෙන් ගෙනවා ගත හැක.

යූ.එස්.බී ඔන් ද ගෝ සමගින් කල හැක්කේ මොනවාද ?


එක්ස්පීරියා රේ දුරකථනයකට මවුසයක් කනෙක්ට් කල ඇති අයුරු

මේ කේබල් එකක් ෆෝන් එකට කනෙක්ට් කලාට පස්සේ සාමාන්‍ය විදියට වෙනත් යූ.එස්.බී උපාංග කේබල් එකේ කෙලවරට කනෙක්ට් කරන්න පුලුවන්.
  • කීබෝඩ් එකක් කනෙක්ට් කර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කීබෝඩ් එක වෙනුවට භාවිත කල හැක. ගේම් ගහන්නත් පුලුවන්.
  • පෙන් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කර දත්ත හුවමාරු කරන්න පුලුවන්.

නිගමනය


යූ.එස්.බී ඔන් ද ගෝ හරහා වෙනත් උපාංග කනෙක්ට් කිරීමෙන් ෆෝන් එකේ බොහෝ වැඩ පහසුවෙන් කර ගත හැකියි. උදා:- මෙසේජ් එකක් ගහන කොට ස්ක්‍රීන් එක ඔබන්න ඕනේ නෑ.

භාවිතයේදි අධික වශයෙන් බැටරි භාවිත වීම මෙහි ඇති අවාසියකි.

Thursday, April 18, 2013

Android Sensors 2



කලින් සැරේ සෙන්සර්ස් ගැන අපි කෙටියෙන් තමයි කතා කරේ. අද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා සෙනසර් අතර ඇති සම්පූර්ණ ගණුදෙනුව ගැන කතා කරමු. කලින් ලිපිය මෙතනින් බලන්න.

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල සෙන්සර් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. මේවල කාර්ය වන්නේ චලනය, පිහිටීම හා විවිධ පාරිසරක තත්වයන් පිලිබඳ දත්ත ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස දුරකථනයේ චලනය වීමෙන් වැඩ කරන ක්‍රීඩාවක් සැලකිය හැක. මෙහිදී ග්‍රැවිටේශනල් සෙන්සරය භාවිත කරනු ලබයි. මේ වගේම විවිධ කාලගුණ ඇප් (Weather Apps) වැඩ කරන්නේ ද දුරකථනයේ ඇති උශ්ණත්වමාන සෙන්සරය (Temp. Sensor) ආදියේ උපකාරයෙනි. ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සියලුම සෙන්සර් වර්ග අඩංගු වන අතර, මිල අඩු ෆෝන් වල දැකිය හැක්කේ ඇක්සලෝමීටර් හා මැග්නෙටෝ මීටර් පමණක් වේ.


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේදි ප්‍රධාන වශයෙන් සංවේදක/සෙන්සර් වර්ග 3ක් භාවිත වේ. 

  • Motion Sensors - චලිත සංවේදක
මෙම සංවේදක මගින් ත්වරණ බල (Acceleration Forces) සහ භ්‍රමණ බල (Rotational Forces) X/Y/Z අක්ශ තුන ඔස්සේ මනිනු ලබයි. මේ සඳහා ත්වරණ ආමණ සංවේදක (Accelarometer) , ගුරුත්ව සංවේදක (Gravity Sensor) , විභ්‍රමේක්ශ සංවේදක (Gyroscope) සහ භ්‍රමණ දෙ‍යිශික සංවේදක (Rotational Vector Sensor) උදාහරණ ලෙස දැක්විය හැකියි.

  • Environmental Sensors - පාරිසරික සංවේදක
මේවා මගින් විවිධ පාරිසරික තත්වයන් මාපනය කරනු ලබයි. (පීඩනය, උශ්ණත්වය, වාතයේ ආර්ධතාවය .. ). බැරෝමීටර්, ෆොටෝමීටර් මේ සඳහා උදාහරණ වේ.

  • Position Sensors - පිහිටුම් සංවේදක
දුරකථනයේ භෞතික පිහිටීම සොයාගන්නේ මේ සෙන්සර් ආධාරයෙනි. චුම්බකමානය (Magneto-meter) සහ ඔරියන්ටේශන් සෙන්සර් පිහිටුම් සංවේදක කාණ්ඩයට අයිතිය.

ඉහත සෙන්සර් නැවතත් සොෆ්ට්වෙයා සෙන්සර් හා හාඩ්වෙයා සෙන්සර් යනුවෙන් කාණ්ඩ දෙකකට වර්ග කෙරේ. හාඩ්වෙයා සෙන්සර් මගින් සෘජුවම දත්ත ගබඩා කරගන්නා අතර සොෆ්ට්වෙයා සෙන්සර් දුරකථනයේ ඇති හාඩ්වෙයා සෙන්සර් එකකින් හෝ කීපයකින් දත්ත ලබා ගනියි.

සෙනසර් වර්ග සහ ප්‍රයෝජන


සෙන්සරයවර්ගයකාර්යයඒකකයප්රයයෝජන
AccelerometerHත්වරණය මැනීමm/s2චලිතය හඳුනාගැනීම
Ambient TemperatureHඋශ්ණත්වයCවාතයේ උශ්ණත්වය
GravitySගුරුත්ව බලයm/s2චලිතය හඳුනාගැනීම
GyroscopeHකෝණික ප්රමවේගයRad/sභ්රිමණය
LightHආලෝකයේ දීප්තියLxඩිස්ප්ලේ බ්රියිට්නස් පාලනය
Linear AccelerationSගුරුත්වය බලය හැර ත්වරණයm/s2ත්වරණය
Magnetic FieldHචුම්බක බලයuTමාලිමාවක් නිර්මාණය කිරීම
OrientationSදිශා 3 ඔස්සේ කෝණික ප්රාවේගයපිහිටීම
PressureHවායු පීඩනයmBar/hPaවාතයේ පීඩනය
ProximityHඩිස්ප්ලේ එක සහ වෙනත් වස්තුවක් අතර ඇති දුරcmඇමතුමක් අතරතුර දුරකථනයේ පිහිටීම
Relative HumidityHවාතයේ ආද්රuතා ප්ර්තිශතය%කාලගුණ දත්ත
TemparatureSඋශ්ණත්වයCඋශ්ණත්වය



මේ පිලිබඳව තවත් ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

ඇන්ඩ්‍රොයිඩ් පිහිටුම් සේවය - Android Location Service

ඇන්ඩ්‍රොයිඩ් හි තවත් පහසුකමක් වන්නේ පිහිටිම් සේවාවයි (Android Location Service). මෙමගින් ප්‍රධාන වශයෙන් දුරකථනයේ පිහිටීම සොයා ගනු ලබයි. මේ සඳහා භාවිත වන මූලාශ්‍ර තුනකි. එනම් GPS, WiFi සහ Cellular Network වේ.

GPS - Global Positioning System

GPS වැඩ කරන්නේ සැටලයිට් තාක්ශණය මගින් ය. GPS මගින් පිහිටීම සලකුණු කර ගැනීමට දත්ත 3ක් භාවිතා කරයි. ඒ අක්ශාංසය, දේශාංසය සහ උන්තතාංශය යි (Latittude, Longitude & Altitude) . නමුත් මෙලෙස සැටලයිට් හරහා සෘජුව සන්නිවේදනය වීමේදී ද වැරදි සිදුවිය හැකි බැවින් Assisted GPS (A-GPS) නැමැති ක්‍රමයක් භාවිතා වේ. ඇන්ඩ්‍රොයිඩ් හා වෙනත් ස්මාට්ෆෝන් වල ඇත්තේ මෙම තාක්ශණයයි. මෙහිදී දත්ත හුවමාරු කිරීමට වෙබ් සර්වරයක් භාවිත වේ.

GPS මගින් වැඩ කරන ඇප්ස්

  • Speedometer
  • Maps
  • Other Location Sharing Apps

Wi-Fi Location

වයිෆයි සම්බන්ධතාවයක් ඇති විට දුරකථනය මගින් වයිෆයි හොට්ස්පොට් එකට ඇති දුර සහ සිග්නල් තත්වය මනිනු ලබයි. මෙම දත්ත Google Location Service ට යවා අපේ පිහිටීම තීරණය කරනු ලබයි. වයිෆයි පිහිටීම GPS වලට වඩා නිවැරදි බවට සැලකිය හැකි අතර GPS වලට වඩා අඩුවෙන් බැටරි භාවිත වේ.

Cellular Network

සෙලියුලර් ජාලය මගින් පිහිටීම සොයාගැනීම වයිෆයි වල  මෙන්ම සිදුවේ. මෙහිදී පිහිටීම ලෙස පෙන්වන්නේ ෆෝන් එක එම මොහොතේ සම්බන්ධ වී සිටින සම්ප්‍රේශණ කුලුණේ පිහිටීමයි. මෙලෙසින් වෙනත් කුලුණකට සම්බන්ධ වූ පසු පිහිටීම එම ස්ථානයේම පෙන්වයි. 


Monday, April 8, 2013

WiFi වලින් වැඩ කරමු



අද කාලයේ සිට දක්වා සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Wi-Fi (Wireless Fidelity) පහසුකම් ඇත. මේ මගින් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, වයිෆයි උපාංග අතර සිංදු/වීඩියෝ ප්ලේ කිරීම වගේ ගොඩාක් වැඩ කරගන්න පුලුවන්. නමුත් ශ්‍රී ලංකාවේ අපිට ඒ තරම් ම විවෘත වයිෆයි පහසුකම් නැතිවීම ගැටළුවකි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් වයිෆයි වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා. අපි ඒ ගැන බලමු.

පිටස්තර වයිෆයි ජාලයකට/රවුටරයකට/පරිගණයකට සම්බන්ධ වීම

වෙනත් වයිෆයි ජාලයකට සම්බන්ධ වීමෙන් ඔබේ දුරකථනයෙන් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, ෆයිල් හුවමාරු කිරීම සිදු කල හැකියි. මෙහිදී වයිෆයි ජාලයක් යනු අසල ඇති වයිෆයි රවුටරයක්, වයිෆයි ඇති ලැප්ටොප් එකක් හෝ ISP විසින් සපයා ඇති වයිෆයි ජාලයක් විය හැකියි.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මගින් WPA/WPA2 PSK  සහ  OPEN යන වයිෆයි ආරක්ශිත ප්‍රොෆයිල් වලට සම්බන්ධ විය හැක. WPA/WPA2 PSK වල එම වයිෆයි ජාලයකට සම්බන්ධ වීමට පාස්වර්ඩ් අවශ්‍ය වන අතර,  OPEN ජාල වල පාස්වර්ඩ් රහිතව සම්බන්ධ විය හැක.

වයිෆයි ජාලයකට සම්බන්ධ වීමට
Settings > Wireless & networks > Wi-Fi settings > Turn on Wi-Fi


වයිෆයි ක්‍රියාත්මක වීමට තප්පර 5ක් වැනි කාලයක් ගත වන අතර ස්කෑන් වීමෙන් පසුව දුරකථනය අසල ඇති වයිෆයි ජාල පෙන්වනු ලබයි. මෙහිදී සිගනල් ප්‍රමාණය හා ආරක්ශිත තත්ව පෙන්වනු ලබයි. 

දැන් ඔබට අවශ්‍ය නෙට්වර්ක් එක තෝරගන්න. එය ඕපන් නෙට්වර්ක් එකක් හෝ ඔබ පාස්වර්ඩ් එක දන්නවානම් හා සිග්නල් තත්වය Excellent ලෙස පෙන්වනවානම් ඔබට පහසුවෙන්ම සම්බන්ධ විය හැකියි. ඉන්පසු ලැබෙන කොටුවෙන් තෝරන්න, ඉන්පසු පාස්වර්ඩ් අවශ්‍ය වුවහොත් පාස්වර්ඩ් එක ටයිප් කර කනෙක්ට් වෙන්න. 

  • ඔබේ නිවසේ හෝ මිතුරෙකුගේ ටෙලිකොම් වයිෆයි රවුටරයට සම්බන්ධ වීමට, ඉහත අයුරින්ම ස්කෑන් කර කනෙක්ට් විය හැකියි. මෙහිදි නෙට්වර්ක් නේම් එක ලෙස බොහෝ විට රවුටරයේ වර්ගය (Eg:- ZTE) පෙන්වනු ලබන අතර ටෙලිකොම් සමාගමෙන්  රවුටරයට ලබා දී ඇති පාස්වර්ඩ් එක මගින් කනෙක්ට් විය හැක. මෙය ඉතා පහසු ක්‍රමයකි.
  • ඩයලොග් සමාගමේ වයිෆයි හොට්ස්පොට් බොහෝ ප්‍රධාන නගර ආශ්‍රිතව ඇති අතර මේවා Dialog Wi-Fi ලෙස පෙන්වනු ලබයි. වැඩි විස්තර සඳහා
  • වයිෆයි සක්‍රිය කර ඇති ලැප්ටොප් පරිගණකයට ද ඉහත අයුරින් කනෙක්ට් විය හැක. 

File Transfer කිරීම

Bluetooth වල මෙන් සෘජුව වයිෆයි වලදී ගොනු හුවමාරු කරගැනීමට නොහැකි අතර මේ සඳහා වෙනත් මෘදුකාංගයක් භාවිත කල යුතු වේ.  Wi-Fi File Transfer මගින් ඉතා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. පරිගණකයක් හා ඔබේ දුරකථනය අතර වයිෆයි ජාලයක් ඇති විටදී මෙම ඇප් එක මගින් යම් IP Address එකක් දෙනු ලබයි. එම IP Address එක පරිගණකයේ වෙබ් බ්‍රව්සරයෙන් විවෘත කල විට ඔබේ ෆෝන් එකේ  SD Card  එක වෙබ් බ්‍රව්සරයෙන් පෙන්නුම් කරයි. දැන් ලේසියෙන්ම ෆයිල් හුවමාරු කරන්න පුලුවන්


Wi-Fi File Transfer

Sharing Phone's Internet Connection With Other Devices

කලින් කතා කරපු ඒවල අනිත් පැත්තත් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ ජංගම ඉන්ටනෙට් සම්බන්ධතාවය වයිෆයි ඇති පරිගණකයකට හෝ කීපයකට ශෙයා කරන්න පුලුවන් (Wi-Fi Tethering)

Settings > Wireless & networks > Tethering & portable hotspot > Portable W-Fi hotspot settings > Configure Wi-Fi hotspot


නෙට්වර්ක් එකට නමක් සහ කැමතිනම් පාස්වර්ඩ් එකක් යොදා සේව් කරගන්න. දැන් Wi-Fi Hotspot සක්‍රිය කරන්න. ඊට පස්සේ ලැප්ටොප් එකක හරි වයිෆයි ස්කෑන් කරලා කනෙක්ට් වෙන්න. දැන් කැමතිනම් ලැප් එකෙන් ඉන්ටනෙට් යන්න පුළුවන්. මේ සඳහා ෆෝන් එකේ මොබයිල් දත්ත සම්බන්ධතාවය භාවිත වේ.

ඉහත සඳහන් ක්‍රම වයිෆයි ඇති දුරකථන දෙකක් අතර වුවද භාවිත කල හැක.

(පාස්වර්ඩ් යොදා ඇති වයිෆයි ජාලයක් හැක් කර ඇතුලුවීමට පුළුවන් බව බොහෝ අය විශ්වාස කරත්, මෙය ප්‍රායෝගිකව අපහසු දෙයකි. වයිෆයි හැක් කිරීමට හැකි බව කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් හා පරිගණක මෘදුකාංග දැකිය හැක. මේවා භාවිතයේදි සැලකිලිමත් වන්න)

Android Phone එකෙන් කරන්න පුළුවන් වෙනත් දේවල්

දුරකථන නිශ්පාදකයි විසින් ඇතැම් විට වයිෆයි මගින් ගනු දෙනු කල හැකි විශේෂ ඇප්ස් දුරකථනයේ ස්ටොක් ඇප්ස් අතරට ස්ථාපනය කරනු ලබයි. Samsung සමාගමේ AllShare සහ Sony සමාගමේ Connected Devices මේ සඳහා උදාහරණ වේ. AllShare මගින් Samsung Smart TV  සහ Samsung Android Devices අතර ගීත/වීඩියෝ ආදිය හුවමාරු කිරීමට පහසුකම් ලබා දෙන අතර, Connected Devices මගින් වයිෆයි උපාංග දෙකක් අතර ෆයිල් හුවමාරු කිරීමට පුළුවන්.

WiFi සඳහා Battery භාවිතය


ෆෝන් එකෙන් පිටස්තර වයිෆයි ජාලයකට සම්බන්ධ වී වැඩ කරනවානම් සාමාන්‍යෙන් ඉන්ටනෙට් හාවිත කිරීමේදි වැය වන බැටරි ප්‍රමාණය ම වැය වන අතර, ෆෝන් එක හොට්ස්පොට් එකක් ලෙස භාවිතා කිරීමේදි තරමක් වැඩියෙන් බැටරි භාවිත වේ. 





Saturday, April 6, 2013

Data Usage අවම කරගනිමු


ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන්ට ඇති තවත් එක් ප්‍රශ්නයකි මෙහෙයුම් පද්ධතිය හා ඇප්ස් විසින් අධික ලෙස ඉන්ටනෙට් භාවිත කිරීමයි (ඉතින් වැඩිපුර සල්ලි කැපෙනවා). පහල තියන ඒවා බලමු, පොඩ්ඩක් හරි අඩුකරගන්න හැටි.


Mobile Data අක්‍රිය කිරීම

අවශ්‍ය වෙලාවට හැර අනික් සෑම වේලාවකදීම මොබයිල් ඩේටා ඕෆ් කර තබන්න. සෝනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල නම් ඉක්මනින් ඩේටා ඔන්/ඕෆ් කිරීමට ස්ටොක් විජට් එකක් ඇති අතර වෙනත් ෆෝන් සඳහා ප්ලේ ස්ටෝ එකෙන් විජට් ඩවුන්ලෝඩ් කරගත හැක. නැත්නම් සෙටින්ග්ස් වලින් ඩේට ඔන්/ඕෆ් කල හැක.

Data Usage Monitor කිරීම


Data Counter Widget

ෆෝන් එකෙන් කොපමණ ඉන්ටනෙට් භාවිත කරනාවාදැයි බැලීමට ඇප්ස් භාවිත කර හැකියි. මම මේ සඳහා යෝජනා කරනවා. මෙමගින් ලේසියෙන්ම බලාගන්න පුළුවන්. ICS තියන අයටනම් ෆෝන් එකේම ඩේටා යූසේජ් බලාගන්න පුළුවන්.

වෙළඳ දැන්වීම් අයින් කරගන්න.

බොහෝ ඇප් වලින් විවිධ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනු ලබයි. මේමගින් ද සැලකිය යුතු තරමේ ඉන්ටනෙට් භාවිත කිරීමක් සිදුවේ. ඇඩ් අයින් කරන හැටි මෙතනින් බලන්න

සරල වෙබ් බ්‍රව්සරයක් භාවිත කරන්න

ඇන්ඩ්‍රොයිඩ් වල ඇති ස්ටොක් වෙබ් බ්‍රව්සරයේ මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රෝම් බ්‍රව්සරයෙත් දත්ත භාවිතය ඉහල මට්ටමක පවතී. මේ සඳහා විසඳුමක් ලෙස ඔපෙරා මිනි හඳුන්වා දිය හැකියි. මෙහි ඉතාමත් අඩුවෙන් දත්ත පරිභෝජනය කරනු ලබයි. අවශ්‍ය නම් ටෙක්ස්ට් ඔන්ලි වැනි බ්‍රවුසර භාවිත කල හැකියි.

මැප්ස් භාවිතය

මැප්ස් භාවිතා කිරීමේදි තමන්ගේ ස්ථානය දැනගැනීමට මෙන්ම නැවිගේට් කිරීමේදි දත්ත වැඩියෙන් භාවිත වේ. ඔබ අධික ලෙස මැප්ස් භාවිත කරනවානම්, ඕෆ්ලයින් මැප්ස් සක්‍රිය කරගන්න.

ඇප්ස් වල Data සහ Cache මැකීමෙන් වලකින්න

ඩේටා හා කැශේ ක්ලියර් කිරීමෙන් ඉන්ටර්නල් මෙමරි අඩු කර ගැත හැකි වුවද ඩේට යූසේජ් වැඩි කර ගත හැකි වේ. ඒ නැවත නැවතත් ඇප් එක අපේ දත්ත අප්ලෝඩ් හා ඩවුන්ලෝඩ් කල යුතු බැවිනි.

මීට අමතරව

Background Data / Sync අක්‍රිය කිරීමෙන් ද සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකියි














Wednesday, April 3, 2013

ඇන්ඩ්‍රොයිඩ් හි සැඟවුණු Easter Eggs


ඔන්න අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපේ ඕ.එස් එකේ තියන සැඟවුණු දෙයක් ගැන. ඕගොල්ලො මේක ගැන දන්නවත් ඇති. මේවාට කියන්නේ Easter Eggs නැතිනම් පාස්කු බිත්තර කියලා. හැම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයකම මේ එකක් අඩංගු වෙලා තියනවා.

Android Easter Egg කියන්නේ පොඩි ඇනිමේශන් එකකට හෝ පින්තූරෙකට. හැම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකකටම මේකක් තියනවා. මේක හදලා තියෙන්නේ ඒ ඒ සංස්කරණයකට ගැලපෙනන විදියටයි, ඒ කාලේ ඉන්ටනෙට් එකේ ජනප්‍රිය වුණ කාටුන් චරිත වැනි දේත් මේවයෙහි තියනවා. දැන් බලමු බිත්තරේ ගන්න හැටි.

දැන් Settings > About Phone යන්න. එතන තියනවා ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් කියලා එකක්. ඒක උඩ එක දිගට ඇගිල්ලෙන් තට්ටු කර කර යන්න.


දැන් ටික වෙලාවකින් මොකක් හරි එකක් මතුවෙයි. ඒක ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකෙන් එකට වෙනස් වෙනවා. මේකෙන් අයින් වෙන්න ඕන නම් බැක් බට්න් එක හරි හෝම් කී එක හරි ඔබන්න. ඕක මතුවුණා කියලා මොකුත් වෙන්නේ නෑ.

Gingerbread - Android 2.3.X

ඉඟුරු පාන් මල්ලියි ඇන්ඩ්‍රොයිඩ් රොබෝ ඉන්න පින්තූරයක් වැටෙයි. වටේට සොම්බී යක්කු ටිකක් ඉන්න. මේ තියෙන්නේ මගේ ගැලැක්සි ඒස් ෆෝන් එකේ ඒක ආපු හැටි.


Ice Cream Sandwich - Android 4.0.X

අයිස් ක්‍රීම් සැන්ඩ්විච් වල නම් පික්සල් වලින් හැදුණු ඇන්ඩ්‍රොයිඩ් රොබෝ මතුවෙයි.  මේ තියෙන්නේ එක්පීරියා රේ එකේ එක.



ඒක ආවට පස්සේ ඒක ඔබාගෙන ඉන්න. එතකොට මේ විදියේ එකක් එයි.




Jelly Bean - Android 4.1 <

ජෙලි බීන් වල ලොකු රතු පාට ජෙලි බීන් එකක් මතුවෙයි. ඒක ඔබාගෙන ඉන්න. එතකොට පොඩි ගේම් එකක් එනවා. ජෙලි බීන් තැන් තැන් වලට දාන්න පුලුවන් එකක්.


දැන් වැඩේ හරි, යාලුවන්ටත් පෙන්නන්න. මේවා කස්ටම් රොම් ඇතුලුව නියම ඇන්ඩ්‍රොයිඩ් තියන ඕනම ෆෝන් එකක තියනවා. ඇතැම් කොරියන් සහ එනි කෝල් සැම්සුන් ෆෝන් වල නැත.


Sunday, March 31, 2013

Facebook උපන්දින Android Calendar එකට Sync කරමු


ෆේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින අපේ ෆෝන් එකේ කැලැන්ඩර් එකට සින්ක් කරන හැටි බලමු. ඕන උපන්දින ටිකට රිමයින්ඩර් දාගත්තම උපන්දින අමතක වෙන්නේ නෑනේ.

  1. ෆේස්බුක් එකේ Event තියන Page එකට යන්න. 
  2. එතන දකුණු පැත්තේ උඩම තියන සෙටින්ග්ස් අයිකන් එක ඔබන්න.
  3. දැන් එතනින් Export තෝරන්න.
  4. ඊට පස්සේ එන එකෙන් Birthdays හෝ Events තෝරගන්න.
දැන් අලුත් වින්ඩෝ එකක ඕගොල්ලන්ගේ ගූග්ල් කැලැන්ඩර් එක ඕපන් වෙයි. එතන Friends' Birthdays කියලා අලුත් කැලැන්ඩර් එකක් හැදිලා තියනවා දකින්න පුළුවන්. 

දැන් කම්පියුටර් එකේ වැඩේ හරි. ඊළඟට තියෙන්නේ ෆෝන් එකේ.

ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලා තියනවනම් ඔන් කරලා ස්ටොක් කැලැන්ඩර් එක ඕපන් කරගන්න. එතන සෙටින්ග්ස් වලට යන්න, එතන තියනවා My Calendars කියලා එකක්. ඒක ඔබන්න. 
එතන යටම ඇති අපි ගූග්ල් කැලැන්ඩර් එකේ අන්තිමට හදපු Friends Birthdays කැලැන්ඩර් එක. දැන් එතන එහාපැත්තේ ඇති අයිකන් එකෙන් ඒ කැලැන්ඩර් එක Synced, Visible තත්වයට තෝරන්න

Calender Settings


දැන් හරි. ගිහින් කැලැන්ඩර් එකේ බලන්න කට්ටියගෙම උපන්දින ටික ලස්සනට වැටිලා තියනවා.

Birthdays Synced Calender

Friday, March 29, 2013

FB Messenger නිසා FB එකේ හැමවෙලේම ඔන්ලයින් පෙන්නන එක කරදරයි ද ?

Facebook Messenger



තවත් විශිෂ්ට ගණයේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකි ෆේස්බුක් මෙසෙන්ජර්. ෆේස්බුක් සමාගමෙන් නිල වශයෙන් මෙය ඇන්ඩ්‍රොයිඩ්, ඇපල්, බ්ලැක්බෙරි සහ වින්ඩෝස් ස්මාට්ෆෝන් වලට නිකුත් කරනු ලබයි. වැඩි විස්තර ඕනේ නෑනේ මේක ගැන ඕගොල්ලෝ හැමෝම දන්නවා.


මේකේ අලුත් අප්ඩේට් එකේ අපි මේක ලෝන්ච් කරපු ගමන්ම යාලුවන්ගේ චැට් ලිස්ට් වල අපිව ඔන්ලයින් පෙන්නවා අර කොල පාට රවුම එක්කම. ඒත් අපි මේකෙන් අයින් වුනත් අපිව යාලුවන්ගේ චැට් ලිස්ට් එකේ පෙන්නනවා හැබැයි අර රවුම වෙනුවට පොඩි ස්මාට්ෆෝන් අයිකන් එකක් එක්ක. මේ ගැනත් දන්නවනේ.  එතකොට අපේ චැට් වින්ඩෝ එක ඕපන් කරපු ගමන් වැටෙනවා "යෝ මෙසේජස් විල් බී සෙන්ට් ටු අහවල් කෙනාගේ ෆෝන්" කියලා.

සමහර උදවිය මේකට කැමතියි. සමහර අය කැමති නෑ (මාත් කැමති නෑ, ඕක දැන්නේ නැති අය හිතන්නේ අපි එතකොට පැය 24 ම ෆේස්බුක් එකේ කියලා).

මේක අයින් කරගන්නේ කොහොමද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා ඇති මොකද ඇප් එකෙන් ලොග් අවුට් වුණත් අපිව අර විදියට යාලුවන්ට පෙනෙන නිසා. ඇප් එක අයින් කරලා දැම්මත් වැඩේ හරියන්නේ නෑ. දැන් මොකද කරන්නේ .. .. ?

කලින් හිතුවේ නැති වුණාට කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක්.


දැන් මෙසෙන්ජර් එකට ගිහිල්ලා, ෆෝන් එකේ සෙටින්ග්ස් කී එක ඔබලා සෙටින්ග්ස් වලට යන්න. එතන තියනව නොටිෆිකේශන්ස් කියලා එකක්, ඒක ඔබන්න. ඊට පස්සේ එන තැන තියනවා උඩම චෙක් බොක්ස් එකක්. ඒක අන්ටික් කරන්න. එතකොට යට වැටෙයි නොටිෆිකේශන්ස් ඕෆ් අන්ටිල් කියලා මොකක් හරි වෙලාවක්.

Notification Settings



දැන් ඔන්න ඔය වෙලාව වෙනකං ඔයාව චැට් ලිස්ට් එක පෙන්නන්නේ නෑ (සාමාන්යෙන් පැය 12ක් විතර)

Switch Accounts

දැන් කරන්න තියෙන්නේ ආපහු සෙටින්ග්ස් වලට ගිහින් ස්විච් අකවුන්ට්ස් කියන එක ඔබන්න. දැන් වැඩේ හරි. ඔයාව චැට් ලිස්ට් එකෙන් ස්මාට්ෆෝන් එකත් එක්කම අයින් වෙලා.

(සයිට් එක ආපහු අලුතෙන් පටන්ගත්ත නිසා මේ දවස්වල ඩිසයින් එක වෙනස් කරන්න බලන්නේ. ඒක නිසා පොඩි පොඩි අවුල් ඇති සයිට් එකේ. ගණන් ගන්න එපා හොඳේ. අපි දිගටම කරගෙන යනවා.)



Android Launcher ගැන වැඩි යමක්

Launcher ගැන අහලත් ඇති. දන්නවත් ඇති. ඉන්ස්ටෝල් කරලත් ඇති. එහෙම කරලා වාතයක් වෙලා එව්වා අයින් කරලත් ඇති. මේ ටිකත් කියවලා බලමු

Android Launcher එකක් කියන්නේ මොකද්ද ?


ලෝන්චර් යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සුචිත්‍රික අතුරු මුහුණත (හෝ ඒ වගේ එක) Main Graphical User Interface එකයි.  අපේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එක වගේ. මෙහි කාර්ය භාරය වන්නේ සජීවි විජට්ටු (Live Widgets) ධාවනය කිරීමට හැකියාව ඇති Platform එකක් සැපයිම සහ ස්ථාපනය කර ඇති ඇප්ස් විවෘත කිරීමයි.

තේරෙන සිංහලෙන් කියනවනං අපි අර ඉස්සර ෆෝන් වල මෙනු එක කිව්වේ මේ වගේ එකට.

ඕගොල්ලෝ දැකලා ඇති ෆෝන් වල බ්‍රෑන්ඩ් එකෙන් එකට ඒවල හෝම් ස්ක්‍රීන් එකයි, මෙනු එකේ විදිය වෙනස් වෙනවා. ඒ සමාගම් අනුව වෙනස් කරන ලද ලෝන්චර් තමයි ඒ ෆෝන් වල තියෙන්නේ. කිසිම වෙනස් කමක් නොකරන පිරිසුදු ඇන්ඩ්‍රොයිඩ් ලෝන්චර් තියෙන්නේ Google Nexus ෆෝන් වල විතරයි.

වඩාත්ම ජනප්‍රිය Android Launchers

Samsung TouchWiz

මෙය Samsung සමාගම විසින් නිර්මාණය කරන ලද අතුරු මුහුණතක්. මෙය Samsung ෆෝන් වල මෙන්ම Samsung සමාගම විසින් නිශ්පාදනය කරල ලද Bada මෙහෙයුම් පද්ධතිය ධාවනය වන දුරකථන වල ත් දැක ගත හැකියි.  මෙහි නවතම සංස්කරණය Touch WiZ 3.0, Samsung Galaxy S3 දුරකථනයේ ත් ඉදිරියේ පැමිණීඑමට නියමිත S4 හිදී මෙහි 4.0 සංස්කරණය ඇති බව පැවසෙනවා

Touch WiZ On Samsung Galaxy Ace

Sony Timescape UI

Sony Timescape UI

සෝනි, සෝනි එරික්සන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල දැකිය හැකි අතුරු මුහුණත මෙයයි. මෙහි වඩාත්ම ජනප්‍රිය පහසුකම වන්නේ Card like view හෙවත් දුරකථනයේ ඇති ඇතැම් තොරතුරු කාඩ් කුට්ටමක් ලෙසින් පෙලගස්වාගත හැකිවීමයි.

මීට අමතරව වෙනත් Manufacturer Licensed Launchers වන්නේ HTC Sense සහ Motorola Motoblur යි. මේවා ඊට අදාල දුරකථන වල දැකගත හැකියි

Third Party Launcher

වෙනත් තුන් වන පාර්ශව විසින් නිර්මාණය කරන ලද මෙසේ හැඳින්වේ. මෙවැනි ලෝන්චර් 50 කට ආසන්න සංඛ්‍යාවක් හිදි දැක ගත හැකියි. මේවායේ ද එකිනෙකට වෙනස් පහසුකම් සහිතයි. 

මේ අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ

  • Go Launcher
  • ADW Launcher
  • Nova Launcher
  • Apex Launcher
  • Holo Launcher
පහුගිය ටිකේ මොකුත් දාන්න බැරිවුණාට සොරි. මාත් කාලෙකින් මේ පැත්තේ ආවේ. කට්ටියගේ කමෙන්ට් දැකලා තමයි ආපහු ලියන්ඩ හිතුණේ. ඒ කට්ටියට බොහොම ස්තූතියි. දැන් පුලුවන් හැම වෙලේකම දාන්නම්.

Thursday, March 28, 2013

ඇන්ඩ්‍රොයිඩ් ශබ්දකෝශය 1

Android Glossary In Sinhala

අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු ගමන්ම එක එක අලුත් වචන අහන්න ලැබෙනවා. සමහර ඒවා ගැන කලින් අපි කතා කරා. අද තව අලුත් වචන ගැන දැනගන්න පුලුවන්. අපි මේ වචන වල තාක්ෂණික අදහසින් බැහැරව තේරෙන සිංහලෙන් කියවමු.



Root

මේ ගැන කලින් කතා කරා. මෙතනින් බලන්න.

Bootloader

මේ ගැනත් කලින් කතා කරා. මෙතනින් බලන්න.

Recovery

දුරකථනයේ මෙහෙයුම් පද්ධතියෙන් වෙන්වුණු, දුරකථනයේ හාඩ්වෙයා සමග සෘජුව ගණුදෙනු කල හැකි කුඩා මෘදුකාංගයකි (පරිගණකයේ ඇති බයොස් වගේ එකක්). සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකම ස්ටොක් රිකවරි මෘදුකාංගයක් අඩංගු වන අතර මෙය භාවිත කර සෙටින්ග්ස් රිසෙට් කිරීම, ඩේටා ක්ලියර් කිරීම, මෙමරි කාඩ් එක ෆෝමැට් කිරීම ආදිය කල හැකියි. 

නමුත් මීට වඩා බොහෝ පහසුකම් සහිත කස්ටම් රිකවරි මෘදුකාංග ඇති අතර මේවායින් මීට වඩා බොහෝ කාර්යන් කරගත හැකියි. එක් ප්‍රසිද්ධ කස්ටම් රිකවරි මෘදුකාංගයක් වන්නේ ක්ලොක්වර්ක් මොඩ් - ClockWork Mod යි. මේවා භාවිතා කර මෙහෙයුම් පද්ධතිය බැකප් කිරීම, කස්ටම් රොම් ස්ථාපනය කිරීම කල හැකියි. කස්ටම් රිකවරි ස්ථාපනය කිරීමට නම් දුරකථනය රූට් කර හෝ බූට් ලෝඩරය අන්ලොක් කර තිබිය යුතුයි.

Nandroid Backup

කස්ටම් රිකවරි මගින් ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය (සියලුම දත්ත ඇතුළුව) සම්පූර්ණයෙන්ම එස් ඩී කාඩ් එකට බැකප් කල හැක. මෙය නැන්ඩ්‍රොයිඩ් බැකප් නමින් හඳුන්වයි. මෙහි වාසිය නම් කස්ටම් රොම් ස්ථාපනයෙන් පසුව වුවද කලින් තිබූ තත්වයට මෙහෙයුම් පද්ධතිය රීස්ටෝ කල හැකි වීමයි.

Wipe

දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින් කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත් පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට ප්‍රථමයෙන් වයිප් කිරීම අත්‍යවශ්‍යය.

Flashing

රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක් හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස හඳුන්වනු ලැබේ. 

මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට් එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ් කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP (ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.

ROM

රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින් ඇතුලත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ස්ටොක් රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව විසින්  සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම් ලෙස හැඳින්වේ.

Kernel

මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.

Radio / Baseband / Modem

දුරකථනයේ වයර්ලස් නෙට්වර්ක් පහසුකම් මෙහෙයවන ෆර්ම්වෙයා  මෙලෙස හැඳින්වේ. GPS සහ WiFi පාලනය වෙන්නේ මේවා මගිනි


දෙවන කොටස මෙතනින් බලන්න.


ඇන්ඩ්‍රොයිඩ් ශබ්දකෝශය 2

කලින් එකේ දෙවෙනි කොටස.

Mod

ෆෝන් එකේ සොෆ්ට්වෙයා එකට කරන මොනයම් හෝ මොඩිෆිකේශන් එකක් "මොඩ්" ලෙස හැඳින්වේ.
උදා:- බූට් ඇනිමේශන් වෙනස් කිරීම, ෆොන්ට් වෙනස් කිරීම .. ..

Brick

මෙන්න භයානකම වචනය. වැරදි ෆ්ලෑශ් හෝ රූට් කිරීමක් නිසා දුරකථනය අක්‍රිය වීම බ්‍රික් වීම ලෙස හඳුන්වයි. ෆ්ලෑශ් කිරීමේ දි ගත යුතු අවදානමකි මෙය. නමුත් හරියට වැඩේ කරොත් බ්‍රික් වෙන්නේ නෑ. 

Superuser

සාර්ථක රූට් කිරීමකින් පසුව මෙහෙයුම් පද්ධතියේ සියලු බලතල ගත හැකියි. රූට් ප්‍රවේශය ලබා දෙන ඇප් එක සුපර් යූස ලෙස හැඳින්වේ.

Overclock / Underclock

ප්‍රොසෙසරයේ වේගය වැඩි කිරීම ඔවර්කොක් කිරීම ලෙසත් වේගය අඩු කිරීම අන්ඩර්ක්ලොක් කිරීම ලෙස හැඳින්වේ. ප්‍රොසෙසරයේ වේගය වෙනස් කිරීම ට ඇතැම් ෆෝන් වල නම් රූට් පමණක් ප්‍රමාණවත් වන අතර, සමහර ඒවාට කස්ටම් කර්නල් ස්ථාපනය කල යුතු වේ.

ඔවර්ක්ලොක් කිරීම මගින් දුරකථනයේ කාර්යක්ශමතාවය වැඩි කර ගත හැකි අතර, අන්ඩර්ක්ලොක් කිරීමෙන් අඩු බැටරි ප්‍රමාණයක් ප්‍රොසෙසරය භාවිතා කරන නිසා බැටරි ඉතුරු කර ගත හැකි වේ.



Wednesday, March 27, 2013

Secret Codes For Android Phones



අර කලින් ෆෝන් වල තිබ්බා වගේම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත් සීක්‍රට් කෝඩ් තියනවා. මේවා ගහලා එක එක සෙල්ලම් දාන්න පුළුවන්. අපි දැන් බලමු මේ ගැන.

සැළකිය යුතුයි

ඇතැම් කෝඩ්ස් වලින් පෙර දැනුම් දීමකින් තොරව එම කෝඩ් එකට අදාල කාර්ය ඉටු කරන බැවින් (සෙටින්ග්ස් රිසෙට් ආදිය) ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට විශ්වාස නැත්නම් මේවා භාවිතා කරන්න එපා.

වෙනත් තුන්වන පාර්ශවයේ ඩයලර් ඇප් වල මෙම කෝඩ්ස් වැඩ නොකිරීමට පුළුවන්. ස්ටොක් ඩයලර් එක භාවිත කරන්න.

මේවා ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක/සංස්කරණයක වැඩ කල යුතුයි. ඇතැම් සේවාදායකයන්ගේ සංස්කරණ වල වැඩ නොකරනු ඇත.


For Restore Factory Settings (Be Careful Or Dont Try)

  1. *#*#7780#*#*
  2. *#*#34971539#*#*

දුරකථනය පිලිබඳ විස්තර ලබා ගැනීමට


*#*#4636#*#*
මෙමගින් බැටරියේ සහ වයිෆයි තොරතුරු ලබා ගත හැක.
Phone Information

මෘදුකාංග විස්තර ලබාගැනීම සඳහා


  • *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate
  • *#*#1234#*#* - PDA and Phone
  • *#*#1111#*#* - FTA SW Version
  • *#*#2222#*#* - FTA HW Version
  • *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number


දුරකථනයේ තත්වය පරික්ශා කිරීමට

  • *#*#0283#*#* - Packet Loopback
  • *#*#0*#*#* - LCD test
  • *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test
  • *#*#0842#*#* - Device test (Vibration test and Back Light test)
  • *#*#2663#*#* - Touch screen version
  • *#*#2664#*#* - Touch screen test
  • *#*#0588#*#* - Proximity sensor test
  • *#*#3264#*#* - RAM version


WiFi, GPS, Bluetooth පරික්ශා කිරීමට

  • *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - WLAN test (Use "Menu" button to start various tests)
  • *#*#232338#*#* - Shows WiFi MAC address
  • *#*#1472365#*#* - GPS test
  • *#*#1575#*#* - Another GPS test
  • *#*#232331#*#* - Bluetooth test
  • *#*#232337#*# - Shows Bluetooth device address




Tuesday, March 26, 2013

Internal Memory පිරීමේ ගැටලුවට විසඳුම්

On My Phone Xperia Ray
 


බොහෝ Android දුරකථනවල ඇති ගැටලුවක් වන්නේ අඩු Internal Memory ප්‍රමාණයයි. Low/High Range ෆෝන් වල Internal Memory මෙගා බයිට් 100~  සිට ~500 වන අතර, High End දුරකථන වල මෙය 2GB<< දක්වා විහිදී යයි. ඇතැම් ෆෝන් වල 1GB පමණ තිබුණද මෙහෙයුම් පද්ධතිය විසින් මෙගා බයිට් 500ක් පමණ කා දමා ඇත.

මෙයින් ඇතිවන ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම ඇප්ස්  ඉන්ස්ටෝල් කිරීමට යාමෙන් ඉන්ටර්නල් මෙමරි පිරීමත්, දුරකථනය ස්ලෝ වීමට පටන්ගැන්මත් ය. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ඉන්ටර්නල් මෙමරියට වීම තවත් ගැටලුවකි. (ඉස්සර තිබුණ සිම්බියන් වලත් SD කාඩ් එකට ඇප්ස් දැම්මහැකි නේ)


Moving Apps to SD Card

ඔබ විසින් ගූග්ල් ප්ලේ එකෙන් ඩවුන්ලෝඩ් කරන ලද ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ඉන්ටනල් මෙමරියට වුවත්, පසුව මේවා SD කාඩ් එකට මූව් කල හැක. නමුත් ඇතැම් ඇප්ස් මෙලෙස මූව් කල නොහැක (විජට්, ලයිව් වෝල්පේපර්, ... )
මීට අමතරව දුරකථනයේ ඇති ස්ටොක් ඇප්ස් (ෆෝන් එක ගන්නකොටම තියන ඒවා) සහ සමහර ගූග්ල් ඇප්ස් මුව් කල නොහැක.

Data සහ Cache කිරීම

ඔබ නිතරම නෙට් සමග සම්බන්ද වන ඇප්ස් පාවිච්චි කරනවානම් (ජීමේල්, ෆේස්බුක් .. ) කැශේ කිල්යර් කිරීම හොඳය. මන්ද මේවායෙහි ඇතැම් විට මෙගා බයිට 5~10 අතර කැශේ මෙමරි රඳවාගන්නා නිසාය.

ඩේට ක්ලියර් කිරීමෙන් එම ඇප් එකට අදාල දුරකථනයේ සේව් වී ඇති දත්ත මැකී යයි. ෆේස්බුක් එකේ ඩේට ක්ලියර් කරොත් ඔබට නැවත වතාවක් ලොග් වීමට සිදු වනු ඇත. මෙමගින් මෙගා බයිට් 5~ පමණ ඉතුරු කරගත හැක

අනවශ්‍ය Apps ඉවත් කිරීම

ඔයාට සමහර ඇප්ස් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවනම් ඒවා අයින් කරලා දාන්න. සමහර වෙලාවට අපිත් බොරු ශෝ එකටයි වෙන එව්වටයි ඕනේ නැති ඇප්ස් දාගෙන ඉන්නවනේ.

Root කිරීමෙන් ගත හැකි විසඳුම්

Link 2 SD (Root Needed)

ඔබේ ෆෝන් එක රූට් කරලා නම් මේ ප්‍රශ්නේ විසඳගන්න ගොඩක් ලේසි ක්‍රම තියනවා (ඉතින් රූට් කරන එක තමා අමාරුව)

  • ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේ මූලික මතකය ලෙස SD Card එක තෝරගත හැකියි. මේ සඳහා රොම් මැනේජර් හෝ ඊට සමාන රූට් ඇක්සස් සහිත ඇප් එකක් භාවිතා කිරීමට පුලුවන්. 
  • ස්ටොක් ඇප්ස් ඉවත් කිරීමට සහ කාඩ් එකට මූව් කිරීමට පුළුවන්.
  • කලින් අවස්ථාවලදි මූව් කරගත නොහැකි වූ ඇප්ස් සියල්ලම කාඩ් එකට දැමීමට පුලුවන්.

මම නම් මේ සඳහා ලින්ක් ටු එස් ඩී ඇප් එක යෝජනා කරනවා. හැබැයි ROOT කරලානම් විතරයි.

සැ.යු:- ඇප්ස් එස් ඩී කාඩ් එකට මූව් කර හැකි ඇප්ස් බොහෝමයක් ගූග්ල් ප්ලේ හි ඇති අතර, මේවායින් අපි කලින් කතා කරපු දේම තමයි වෙන්නේ. එනම් අපිට මූව් කරන්න බැරි ඇප්ස් මේවටත් බෑ. ඉතින් ඔක්කොම කරලා කරගන්ඩ බැරි නම් රූ කරන්ඩ තමයි තියෙන්නේ