Subscribe:

Ads 468x60px

.

Sunday, October 7, 2012

කොහොමද APK File එකක් හොයාගන්නේ / ක්‍රැක් කරන්නේ

මේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියන එක ප්‍රශ්නයක්. අපි ආසාවට ෆෝන් එකක් ටැබ් එකක් පාවිච්චි කලාට ඒ ෆෝන් එකට සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගන්න තරම් පෝසත්තු නෙවෙයි. (අඩුම තරමේ ගොඩක් දෙනා.) ඩොලර් එකක් දෙකක් වුනත් රුපියල් ම 130 +. ඉතින් මේවා නිකම් ගන්න නැද්ද?



එහෙමනම් ඔබටයි මේ පිළිතුර.
ගොඩක් ඇප්ස් හදන්නේ ඒවගේ වෙළඳ දැන්වීම් පල කරලා කීයක්‌ හරි හොයාගන්න පුළුවන් වෙන විදියට. මොකද හදන එකාටත් ලාබයක් තියෙන්න එපාය. ඒ හින්දා. ඒත් සමහර ඒවා නම් එහෙම නෑ. හදල තියන ඇප් එකක් ගන්න එක්කෝ ඩොලර් එකක් හරි ඊට වඩා වැඩියෙන හරි ගෙවන්න ඕනේ. සමහර සොෆ්ට්වෙයාර් වල ප්‍රෝ වර්ෂන් තියනවා. ඒවා සල්ලි වලට ගන්න ඕනේ. ඒ හැර නොර්මල් වර්ෂන් එක තියනවා නොමිලේ, ඒත් පහසුකම් සමහරක් අඩුව.
හරි . කතා ඇති. දැන් මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.
මුලින්ම සොෆ්ට් ක්‍රැක් එකක් කරන්න පුළුවන්, ඔය අනවශ්‍ය ඇඩ්ස් එහෙම අයින් කරන්න. ඒකට හොඳම

  • Lucky Patcher (byChelpuz)
මේක ඕනෙම වෙලාවක ගුගල් කරලා හොයාගන්න පුළුවන් .apk එකක් විදියට. මේක ඔටෝ අප්ඩේට් වෙනවා ඩේටා හරි වයිෆයි හරි කනෙක්ෂන් එකක ඉඳලා ඕපන් කලොත්. ඒ අප්ඩේට් එක්ක අලුත් පැටර්න්ස් මේ සොෆ්ට්වෙයාර් ඒකට ලැබෙනවා. ඒ කියන්නේ ක්‍රැක් කරන නිරවද්‍යතාව වැඩි වෙනවා. මේ හරහා සාර්ථකව

  • ඇප්ස් වල ඇඩ්ස් අයින් කරගන්න
  • ලයිසන් චෙක් රිමුව් කරන්න
  • අලුත් ක්‍රැක් apk හදන්න
වගේ ගොඩක් පහසුකම් දෙනවා. මේ තමයි මගේ පලවෙනි සිලෙක්ෂන් එක. ඒ එක්කම මගේ ෆෝන් එකේ අනිවාර්ය අංගයක්.
දෙවනියට, නෙට් එකෙන් ගන්න පුළුවන් ක්‍රැක් කරන ලද ඇප්ස්. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි.
මුලින්ම ගූගල් ප්ලේ එකට යන්න. එතනින් ඔබට අවශ්‍ය කරන ඇප්ස් වල දැනට තියන වර්ෂන් එක මොකක්ද කියා බලාගන්න. දකුණු පැත්තේ කෙලවරේ බොහෝ කොටම ඒ විස්තර දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ විස්තර එක්ක ගූගල් වලට ගිහින් සර්ච් කරන්න ඕනේ.
උදා: Angry Birds Space HD අවශ්‍ය යයි සිතන්න එතැනදී ගූගල් ප්ලේ වෙතට ගොස් එහි දැනට පවතින නවතම සංස්කරණයේ අංක බලාගන්න. උදා: 1.2.0
දැන් ගූගල් සර්ච් වෙත ගොස් එහි මෙසේ ටයිප් කර සර්ච් කරන්න

  1. Angry Birds Space 1.2.0 apk download
  2. Angry Birds Space 1.2.0 apk Cracked Download
බොහෝවිටම මෙතැනදී මම නම් භාවිතා කරන්නේ www.iapktop.com කියන වෙබ් අඩවිය. ඒත් සමහර වෙලාවට මම අනිකුත් අඩවි භාවිතා කරනවා අවශ්‍යතාව අනුව.
ඔන්න ඉතින් මේ විදියට ඩවුන්ලෝඩ් කරපු apk ෆයිල් එක ඔබේ ඇන්ඩ්රොයිඩ් උපාංගයේ සිටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒත් ඒ සඳහා Unknown Sources (install non-market apps) කියන පර්මිෂන් එක නම් ලබා දී තියෙන්න ඕනේ.

(We Are Androids ෆේස්බුක් සමූහයේ ක්සැන්ඩර් ක්සැන්ඩර් විසින් පෝස්ට් එක් කරන ලද ඩොක් එකකි)


0 comments:

Post a Comment