Subscribe:

Ads 468x60px

.

Wednesday, October 10, 2012

Bad Piggies - Rovio Mobile වෙතින් අලුත් සෙල්ලමක්

Rovio Bad Piggies game cover art.png
Bad Piggies නිල ලකුණ 
ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ ක්‍රීඩාවේ නිර්මාපකයින් වන Rovio Mobile විසින් නවතම ක්‍රීඩාවක් 2012 සැප්තැම්බර් 12 වන දින නිකුත් කල අතර, මෙහි නම වන්නේ Bad Piggies හෙවත් "නරක සූකරයෝ". මෙය යන Android, iOS,Windows 8/Phone මෙහෙයුම් පද්ධති වලට නිකුත් කර තිබෙනවා


කලින් ක්‍රීඩා වල මෙන් නොව, මෙහිදී ක්‍රීඩකයාට තිබෙන්නේ ඌරන් ව හැසිරවීමටයි. මෙම ඌරු චරිත කලින් ක්‍රීඩා වල සිටි අන්දමටම නිර්මාණය කර තිබෙනවා. 

මෙම ක්‍රීඩාවේදි අදාල ඌරාව (වෙන කියන්න ශීලාචාර වචනයක් නෑ) සිතියමේ දැක්වෙන ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීම තමයි ක්‍රීඩකයාට පැවරිලා තියෙන්නේ. කලින් ඒවල මෙන් තරු තුන සහ ලකුණු ලබා ගත හැකියි.

2012 ඔක්තෝබර් 7 දින වන විට Apps Store හි වැඩ්යෙන්ම බාගත කරන ලද ක්‍රීඩාව බවට මෙය පත්වී තිබෙනවා. ඒ වගේම නිකුත් කර පැය තුනක් යන්නටත් මත්තෙන් වැඩියෙන්ම බාගත කරන ලද ඇප්ස් ලයිස්තුවේ උඩහටම ඇවිත් තිබෙනවා.

කෙසේ නමුත් මෙය බොහෝ ඇන්ඩ්‍රොයිඩ් Entry Level සහ Mid Range දුරකථන වලට දැමිය නොහැකියි. එනම් ප්‍රොසෙසරය 1 GhZ හා GPU 200 MhZ පමණ විය යුතුයි.

Google Play වෙතින් බාගන්න

0 comments:

Post a Comment