Subscribe:

Ads 468x60px

.

Friday, October 5, 2012

රූට් කරනවා කියන්නේ මොකද්ද ?


මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?


අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක.

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්.

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.

ෆෝන් එක රූට් කරන්නේ ඇයි 

සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.

රූට් කිරීමේ වාසි
  • රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
  • නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
  • සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
  • ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
  • ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය. 
  • මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
අවාසි
  • සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
  • රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
  • හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. එක එක ෆෝන් රූට් කිරීමට තියෙන්නේ වෙනස් ක්‍රම නිසා

3 comments:

Niroshan S Perera said...

Thanks malliya

Thenuwara said...

රූට් karanne kohomada kiyalath kiyaladenna yaluwane

hrtechplus said...

niyamai digatama karan yanna.

Post a Comment