Subscribe:

Ads 468x60px

.

Saturday, April 27, 2013

GB ෆෝන් එක ICS හා JB වෙස් ගැන්වීම

ඇන්ඩ්‍රොයිඩ් නවතම මෙහෙයුම් පද්ධතිවල ඉහලින්ම දැකිය හැකි ලක්ශණයක් වන්නේ සිත් ඇද ගන්නා සුලු පෙනුමයි. පෙර Froyo/GB සංස්කරණ වල විශාල වශයෙන් අතුරු මුහුණතේ වෙනස්කම් නොතිබුණද ICS හා ඊට පසු පැමිණි සංස්කරණවල වෙනස්කම් තිබුණි.

Android 4.2 on the Nexus 4.png
ජෙලි බීන් හෝම් ස්ක්‍රීන්
බොහෝ ෆෝන් වලට නිල වශයෙන් ICS/JB අප්ඩේට් නිකුත් කලද, පහසුකම් අඩු බව නිසා ඇතැම් දුරකතන වලට අලුත් අප්ඩේට් සමාගම විසින් දෙනු නොලැබේ. කස්ටම් රොම් මගින් නව සංස්කරණයක් ස්ථාපිත කල හැකි වුවත්, මෙය තරමක් සංකීර්ණ ය.  නමුත් අතුරු මුහුණතේ වෙනස්කම් කර ICS/JB දුරකථනයක් සේ හැඩගැන්වීමට පුලුවන් වීම වාසියකි. විවිධ ඇප් භාවිත කර මෙසේ කල හැක. 

දැන් බලමු කරන හැටි. රූට් ප්‍රවේශය, අලුත් අප්ඩේට් හෝ වෙනත් විශේෂ පහසුකම් අවශ්‍ය නොවේ. Android 2.2 Gingerbread තියන ෆෝන් එකක් ඇති.

Launcher එක වෙනස් කිරීම

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානතම අතුරු මුහුණත ලෝන්චර් එක නිසා. පැරණි GB Launcher එක වෙනුවට ICS/JB තාලයේ ලෝන්චරයක් ස්ථාපනය කල හැක. මේ සඳහා "හොලෝ ලෝන්චර්" භාවිත කල හැක. මෙහි ICSස්ටොක් ලෝන්චර් වල ඇති බොහෝ පහසුකම් ඇත. 

Holo Launcher

Lock Screen මාරු කිරීම

පැරණි ලොක් ස්ක්‍රීන් එක වෙනුවට භාවිත කල හැකි ජාතියේ ලොක් ස්ක්‍රීන් එකක් වන්නේ "හොලෝ ලොකර්" ය. මෙහි දකුණට ඇදීමෙන් අන්ලොක් කිරීමට ද වම් පැත්තෙන් වෙනත් කැමති ඇප් එකක් හෝ කැමරාව තෝරා ගත හැක. Download Holo Locker

Holo Locker

ICS Notification/Status Bar ඉන්ස්ටෝල් කිරීම

අයිස් ක්‍රීම් සැන්ඩ්විච් හි දැකගත හැකි තවත් ආකර්ශණීය අංගයක් වන්නේ නිල් පැහැති ස්ටේටස් බාර් එකයි.  ICS Status Bar එක ඉන්ස්ටෝල් කිරීමෙන් මෙම පෙනුම ලබා ගත හැක. ටිකක් විතර බග්ස් තියනවා. Download

ICS Status Bar

Srock Dialler වෙනුවට ICS ඩයලර් එකක්

අවසාන වශයෙන් කැමතිනම් උරුවට ඇති ඩයලර් එකක් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. මේ සඳහා EX DIALLER නැමැති ඇප් එක බාගෙන එයට එහි ICS Theme එක ඉන්ස්ටෝල් කරන්න. දැන් හරි.

ICS Ex Dialler

ඉහත සඳහන් ක්‍රම විශේෂයෙන්ම අප්ඩේට් නිකුත් කර නොමැති ෆෝන් වලට වැදගත් වේ. නමුත් තිබෙන ෆෝන් එකකට වුවද එම ඇප්ස් ස්ථාපනය කල හැක. ඔබේ ෆෝන් එකේ තියනවනම් මීට වඩා හොඳ ඇපෙක්ස් ලෝන්චර් හෝ නෝවා ලෝන්චර් භාවිත කර බලන්න.

මෙම ලෝන්චර් හා වෙනත් ඇප්ස් දැමීමෙන් කිසිම හානියක් නොවන අතර අවශ්‍ය නම් ඉවත් කිරීමෙන් සාමන්‍ය පරිදි දුරකතනයේ වැඩ කල හැක. අවාසිය වන්නේ වැඩිපුර ප්‍රොසෙසරය හා රැම් එක භාවිත වීමයි.

Thursday, April 25, 2013

USB On The Go

යූ.එස්.බී ඔන් ද ගෝ යනු ඕඩියෝ ප්ලෙයරයක් හෝ ස්මාට්ෆෝන් එකක් හොස්ට් උපාංගයක් ලෙස වැඩ කිරීමට සලස්වා වෙනත් කීබෝඩ්, මවුස්, පෙන් ඩ්‍රයිව් වැනි යූ.එස්.බී උපාංග එම උපාංගය සමග ගනුදෙනු කල හැකි වන සේ පහසුකම් ලබා දෙන තාක්ශණයකි.
USB On-The-Go logo

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ යූ.එස්.බී ඔන් ද ගෝ


බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල USB-OTG පහසුකම ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ USB-OTG කේබලයක් පමණි. ඔබේ දුරකතනයේ මෙම පහසුකම තිබේ දැයි බැලීමට USB Host Diagnostics ඇප් එක භාවිත කරන්න. ඇතැම් ස්ටොක් රොම් වල නොහැකි වුවත් සමහර ෆෝන් වලට කස්ටම් රොම් දැමීමෙන් පසු ක්‍රියාත්මක කල හැක. සයනජන් මොඩ් සියලුම සංස්කරණ වල මෙම පහසුකම ඇත.

 USB On The Go
USB On The Go Cable එකක්

USB-OTG කේබලයක් යනු එක් කෙලවරක ෆෝන් එකට කනෙක්ට් කල හැකි මයික්‍රෝ යූ.එස්.බී පෝට් එකක් හා අනික් කෙලවරේ සාමාන්‍ය යූ.එස්.බී පෝට් එකක් සහිත කේබල් එකකි.  මෙම කේබල් එකක් රුපියල් 500~1000 දක්වා මිලකට මිලදී ගත හැකියි. නැතිනම් E-Bay වෙබ් අඩවියෙන් ඉතාමත් පහසුවෙන් ගෙනවා ගත හැක.

යූ.එස්.බී ඔන් ද ගෝ සමගින් කල හැක්කේ මොනවාද ?


එක්ස්පීරියා රේ දුරකථනයකට මවුසයක් කනෙක්ට් කල ඇති අයුරු

මේ කේබල් එකක් ෆෝන් එකට කනෙක්ට් කලාට පස්සේ සාමාන්‍ය විදියට වෙනත් යූ.එස්.බී උපාංග කේබල් එකේ කෙලවරට කනෙක්ට් කරන්න පුලුවන්.
  • කීබෝඩ් එකක් කනෙක්ට් කර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කීබෝඩ් එක වෙනුවට භාවිත කල හැක. ගේම් ගහන්නත් පුලුවන්.
  • පෙන් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කර දත්ත හුවමාරු කරන්න පුලුවන්.

නිගමනය


යූ.එස්.බී ඔන් ද ගෝ හරහා වෙනත් උපාංග කනෙක්ට් කිරීමෙන් ෆෝන් එකේ බොහෝ වැඩ පහසුවෙන් කර ගත හැකියි. උදා:- මෙසේජ් එකක් ගහන කොට ස්ක්‍රීන් එක ඔබන්න ඕනේ නෑ.

භාවිතයේදි අධික වශයෙන් බැටරි භාවිත වීම මෙහි ඇති අවාසියකි.

Thursday, April 18, 2013

Android Sensors 2



කලින් සැරේ සෙන්සර්ස් ගැන අපි කෙටියෙන් තමයි කතා කරේ. අද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා සෙනසර් අතර ඇති සම්පූර්ණ ගණුදෙනුව ගැන කතා කරමු. කලින් ලිපිය මෙතනින් බලන්න.

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල සෙන්සර් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. මේවල කාර්ය වන්නේ චලනය, පිහිටීම හා විවිධ පාරිසරක තත්වයන් පිලිබඳ දත්ත ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස දුරකථනයේ චලනය වීමෙන් වැඩ කරන ක්‍රීඩාවක් සැලකිය හැක. මෙහිදී ග්‍රැවිටේශනල් සෙන්සරය භාවිත කරනු ලබයි. මේ වගේම විවිධ කාලගුණ ඇප් (Weather Apps) වැඩ කරන්නේ ද දුරකථනයේ ඇති උශ්ණත්වමාන සෙන්සරය (Temp. Sensor) ආදියේ උපකාරයෙනි. ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සියලුම සෙන්සර් වර්ග අඩංගු වන අතර, මිල අඩු ෆෝන් වල දැකිය හැක්කේ ඇක්සලෝමීටර් හා මැග්නෙටෝ මීටර් පමණක් වේ.


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේදි ප්‍රධාන වශයෙන් සංවේදක/සෙන්සර් වර්ග 3ක් භාවිත වේ. 

  • Motion Sensors - චලිත සංවේදක
මෙම සංවේදක මගින් ත්වරණ බල (Acceleration Forces) සහ භ්‍රමණ බල (Rotational Forces) X/Y/Z අක්ශ තුන ඔස්සේ මනිනු ලබයි. මේ සඳහා ත්වරණ ආමණ සංවේදක (Accelarometer) , ගුරුත්ව සංවේදක (Gravity Sensor) , විභ්‍රමේක්ශ සංවේදක (Gyroscope) සහ භ්‍රමණ දෙ‍යිශික සංවේදක (Rotational Vector Sensor) උදාහරණ ලෙස දැක්විය හැකියි.

  • Environmental Sensors - පාරිසරික සංවේදක
මේවා මගින් විවිධ පාරිසරික තත්වයන් මාපනය කරනු ලබයි. (පීඩනය, උශ්ණත්වය, වාතයේ ආර්ධතාවය .. ). බැරෝමීටර්, ෆොටෝමීටර් මේ සඳහා උදාහරණ වේ.

  • Position Sensors - පිහිටුම් සංවේදක
දුරකථනයේ භෞතික පිහිටීම සොයාගන්නේ මේ සෙන්සර් ආධාරයෙනි. චුම්බකමානය (Magneto-meter) සහ ඔරියන්ටේශන් සෙන්සර් පිහිටුම් සංවේදක කාණ්ඩයට අයිතිය.

ඉහත සෙන්සර් නැවතත් සොෆ්ට්වෙයා සෙන්සර් හා හාඩ්වෙයා සෙන්සර් යනුවෙන් කාණ්ඩ දෙකකට වර්ග කෙරේ. හාඩ්වෙයා සෙන්සර් මගින් සෘජුවම දත්ත ගබඩා කරගන්නා අතර සොෆ්ට්වෙයා සෙන්සර් දුරකථනයේ ඇති හාඩ්වෙයා සෙන්සර් එකකින් හෝ කීපයකින් දත්ත ලබා ගනියි.

සෙනසර් වර්ග සහ ප්‍රයෝජන


සෙන්සරයවර්ගයකාර්යයඒකකයප්රයයෝජන
AccelerometerHත්වරණය මැනීමm/s2චලිතය හඳුනාගැනීම
Ambient TemperatureHඋශ්ණත්වයCවාතයේ උශ්ණත්වය
GravitySගුරුත්ව බලයm/s2චලිතය හඳුනාගැනීම
GyroscopeHකෝණික ප්රමවේගයRad/sභ්රිමණය
LightHආලෝකයේ දීප්තියLxඩිස්ප්ලේ බ්රියිට්නස් පාලනය
Linear AccelerationSගුරුත්වය බලය හැර ත්වරණයm/s2ත්වරණය
Magnetic FieldHචුම්බක බලයuTමාලිමාවක් නිර්මාණය කිරීම
OrientationSදිශා 3 ඔස්සේ කෝණික ප්රාවේගයපිහිටීම
PressureHවායු පීඩනයmBar/hPaවාතයේ පීඩනය
ProximityHඩිස්ප්ලේ එක සහ වෙනත් වස්තුවක් අතර ඇති දුරcmඇමතුමක් අතරතුර දුරකථනයේ පිහිටීම
Relative HumidityHවාතයේ ආද්රuතා ප්ර්තිශතය%කාලගුණ දත්ත
TemparatureSඋශ්ණත්වයCඋශ්ණත්වය



මේ පිලිබඳව තවත් ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

ඇන්ඩ්‍රොයිඩ් පිහිටුම් සේවය - Android Location Service

ඇන්ඩ්‍රොයිඩ් හි තවත් පහසුකමක් වන්නේ පිහිටිම් සේවාවයි (Android Location Service). මෙමගින් ප්‍රධාන වශයෙන් දුරකථනයේ පිහිටීම සොයා ගනු ලබයි. මේ සඳහා භාවිත වන මූලාශ්‍ර තුනකි. එනම් GPS, WiFi සහ Cellular Network වේ.

GPS - Global Positioning System

GPS වැඩ කරන්නේ සැටලයිට් තාක්ශණය මගින් ය. GPS මගින් පිහිටීම සලකුණු කර ගැනීමට දත්ත 3ක් භාවිතා කරයි. ඒ අක්ශාංසය, දේශාංසය සහ උන්තතාංශය යි (Latittude, Longitude & Altitude) . නමුත් මෙලෙස සැටලයිට් හරහා සෘජුව සන්නිවේදනය වීමේදී ද වැරදි සිදුවිය හැකි බැවින් Assisted GPS (A-GPS) නැමැති ක්‍රමයක් භාවිතා වේ. ඇන්ඩ්‍රොයිඩ් හා වෙනත් ස්මාට්ෆෝන් වල ඇත්තේ මෙම තාක්ශණයයි. මෙහිදී දත්ත හුවමාරු කිරීමට වෙබ් සර්වරයක් භාවිත වේ.

GPS මගින් වැඩ කරන ඇප්ස්

  • Speedometer
  • Maps
  • Other Location Sharing Apps

Wi-Fi Location

වයිෆයි සම්බන්ධතාවයක් ඇති විට දුරකථනය මගින් වයිෆයි හොට්ස්පොට් එකට ඇති දුර සහ සිග්නල් තත්වය මනිනු ලබයි. මෙම දත්ත Google Location Service ට යවා අපේ පිහිටීම තීරණය කරනු ලබයි. වයිෆයි පිහිටීම GPS වලට වඩා නිවැරදි බවට සැලකිය හැකි අතර GPS වලට වඩා අඩුවෙන් බැටරි භාවිත වේ.

Cellular Network

සෙලියුලර් ජාලය මගින් පිහිටීම සොයාගැනීම වයිෆයි වල  මෙන්ම සිදුවේ. මෙහිදී පිහිටීම ලෙස පෙන්වන්නේ ෆෝන් එක එම මොහොතේ සම්බන්ධ වී සිටින සම්ප්‍රේශණ කුලුණේ පිහිටීමයි. මෙලෙසින් වෙනත් කුලුණකට සම්බන්ධ වූ පසු පිහිටීම එම ස්ථානයේම පෙන්වයි. 


Monday, April 8, 2013

WiFi වලින් වැඩ කරමු



අද කාලයේ සිට දක්වා සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල Wi-Fi (Wireless Fidelity) පහසුකම් ඇත. මේ මගින් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, වයිෆයි උපාංග අතර සිංදු/වීඩියෝ ප්ලේ කිරීම වගේ ගොඩාක් වැඩ කරගන්න පුලුවන්. නමුත් ශ්‍රී ලංකාවේ අපිට ඒ තරම් ම විවෘත වයිෆයි පහසුකම් නැතිවීම ගැටළුවකි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලත් වයිෆයි වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියනවා. අපි ඒ ගැන බලමු.

පිටස්තර වයිෆයි ජාලයකට/රවුටරයකට/පරිගණයකට සම්බන්ධ වීම

වෙනත් වයිෆයි ජාලයකට සම්බන්ධ වීමෙන් ඔබේ දුරකථනයෙන් ඉන්ටනෙට් බ්‍රව්ස් කිරීම, ෆයිල් හුවමාරු කිරීම සිදු කල හැකියි. මෙහිදී වයිෆයි ජාලයක් යනු අසල ඇති වයිෆයි රවුටරයක්, වයිෆයි ඇති ලැප්ටොප් එකක් හෝ ISP විසින් සපයා ඇති වයිෆයි ජාලයක් විය හැකියි.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මගින් WPA/WPA2 PSK  සහ  OPEN යන වයිෆයි ආරක්ශිත ප්‍රොෆයිල් වලට සම්බන්ධ විය හැක. WPA/WPA2 PSK වල එම වයිෆයි ජාලයකට සම්බන්ධ වීමට පාස්වර්ඩ් අවශ්‍ය වන අතර,  OPEN ජාල වල පාස්වර්ඩ් රහිතව සම්බන්ධ විය හැක.

වයිෆයි ජාලයකට සම්බන්ධ වීමට
Settings > Wireless & networks > Wi-Fi settings > Turn on Wi-Fi


වයිෆයි ක්‍රියාත්මක වීමට තප්පර 5ක් වැනි කාලයක් ගත වන අතර ස්කෑන් වීමෙන් පසුව දුරකථනය අසල ඇති වයිෆයි ජාල පෙන්වනු ලබයි. මෙහිදී සිගනල් ප්‍රමාණය හා ආරක්ශිත තත්ව පෙන්වනු ලබයි. 

දැන් ඔබට අවශ්‍ය නෙට්වර්ක් එක තෝරගන්න. එය ඕපන් නෙට්වර්ක් එකක් හෝ ඔබ පාස්වර්ඩ් එක දන්නවානම් හා සිග්නල් තත්වය Excellent ලෙස පෙන්වනවානම් ඔබට පහසුවෙන්ම සම්බන්ධ විය හැකියි. ඉන්පසු ලැබෙන කොටුවෙන් තෝරන්න, ඉන්පසු පාස්වර්ඩ් අවශ්‍ය වුවහොත් පාස්වර්ඩ් එක ටයිප් කර කනෙක්ට් වෙන්න. 

  • ඔබේ නිවසේ හෝ මිතුරෙකුගේ ටෙලිකොම් වයිෆයි රවුටරයට සම්බන්ධ වීමට, ඉහත අයුරින්ම ස්කෑන් කර කනෙක්ට් විය හැකියි. මෙහිදි නෙට්වර්ක් නේම් එක ලෙස බොහෝ විට රවුටරයේ වර්ගය (Eg:- ZTE) පෙන්වනු ලබන අතර ටෙලිකොම් සමාගමෙන්  රවුටරයට ලබා දී ඇති පාස්වර්ඩ් එක මගින් කනෙක්ට් විය හැක. මෙය ඉතා පහසු ක්‍රමයකි.
  • ඩයලොග් සමාගමේ වයිෆයි හොට්ස්පොට් බොහෝ ප්‍රධාන නගර ආශ්‍රිතව ඇති අතර මේවා Dialog Wi-Fi ලෙස පෙන්වනු ලබයි. වැඩි විස්තර සඳහා
  • වයිෆයි සක්‍රිය කර ඇති ලැප්ටොප් පරිගණකයට ද ඉහත අයුරින් කනෙක්ට් විය හැක. 

File Transfer කිරීම

Bluetooth වල මෙන් සෘජුව වයිෆයි වලදී ගොනු හුවමාරු කරගැනීමට නොහැකි අතර මේ සඳහා වෙනත් මෘදුකාංගයක් භාවිත කල යුතු වේ.  Wi-Fi File Transfer මගින් ඉතා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. පරිගණකයක් හා ඔබේ දුරකථනය අතර වයිෆයි ජාලයක් ඇති විටදී මෙම ඇප් එක මගින් යම් IP Address එකක් දෙනු ලබයි. එම IP Address එක පරිගණකයේ වෙබ් බ්‍රව්සරයෙන් විවෘත කල විට ඔබේ ෆෝන් එකේ  SD Card  එක වෙබ් බ්‍රව්සරයෙන් පෙන්නුම් කරයි. දැන් ලේසියෙන්ම ෆයිල් හුවමාරු කරන්න පුලුවන්


Wi-Fi File Transfer

Sharing Phone's Internet Connection With Other Devices

කලින් කතා කරපු ඒවල අනිත් පැත්තත් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ ජංගම ඉන්ටනෙට් සම්බන්ධතාවය වයිෆයි ඇති පරිගණකයකට හෝ කීපයකට ශෙයා කරන්න පුලුවන් (Wi-Fi Tethering)

Settings > Wireless & networks > Tethering & portable hotspot > Portable W-Fi hotspot settings > Configure Wi-Fi hotspot


නෙට්වර්ක් එකට නමක් සහ කැමතිනම් පාස්වර්ඩ් එකක් යොදා සේව් කරගන්න. දැන් Wi-Fi Hotspot සක්‍රිය කරන්න. ඊට පස්සේ ලැප්ටොප් එකක හරි වයිෆයි ස්කෑන් කරලා කනෙක්ට් වෙන්න. දැන් කැමතිනම් ලැප් එකෙන් ඉන්ටනෙට් යන්න පුළුවන්. මේ සඳහා ෆෝන් එකේ මොබයිල් දත්ත සම්බන්ධතාවය භාවිත වේ.

ඉහත සඳහන් ක්‍රම වයිෆයි ඇති දුරකථන දෙකක් අතර වුවද භාවිත කල හැක.

(පාස්වර්ඩ් යොදා ඇති වයිෆයි ජාලයක් හැක් කර ඇතුලුවීමට පුළුවන් බව බොහෝ අය විශ්වාස කරත්, මෙය ප්‍රායෝගිකව අපහසු දෙයකි. වයිෆයි හැක් කිරීමට හැකි බව කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් හා පරිගණක මෘදුකාංග දැකිය හැක. මේවා භාවිතයේදි සැලකිලිමත් වන්න)

Android Phone එකෙන් කරන්න පුළුවන් වෙනත් දේවල්

දුරකථන නිශ්පාදකයි විසින් ඇතැම් විට වයිෆයි මගින් ගනු දෙනු කල හැකි විශේෂ ඇප්ස් දුරකථනයේ ස්ටොක් ඇප්ස් අතරට ස්ථාපනය කරනු ලබයි. Samsung සමාගමේ AllShare සහ Sony සමාගමේ Connected Devices මේ සඳහා උදාහරණ වේ. AllShare මගින් Samsung Smart TV  සහ Samsung Android Devices අතර ගීත/වීඩියෝ ආදිය හුවමාරු කිරීමට පහසුකම් ලබා දෙන අතර, Connected Devices මගින් වයිෆයි උපාංග දෙකක් අතර ෆයිල් හුවමාරු කිරීමට පුළුවන්.

WiFi සඳහා Battery භාවිතය


ෆෝන් එකෙන් පිටස්තර වයිෆයි ජාලයකට සම්බන්ධ වී වැඩ කරනවානම් සාමාන්‍යෙන් ඉන්ටනෙට් හාවිත කිරීමේදි වැය වන බැටරි ප්‍රමාණය ම වැය වන අතර, ෆෝන් එක හොට්ස්පොට් එකක් ලෙස භාවිතා කිරීමේදි තරමක් වැඩියෙන් බැටරි භාවිත වේ. 





Saturday, April 6, 2013

Data Usage අවම කරගනිමු


ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන්ට ඇති තවත් එක් ප්‍රශ්නයකි මෙහෙයුම් පද්ධතිය හා ඇප්ස් විසින් අධික ලෙස ඉන්ටනෙට් භාවිත කිරීමයි (ඉතින් වැඩිපුර සල්ලි කැපෙනවා). පහල තියන ඒවා බලමු, පොඩ්ඩක් හරි අඩුකරගන්න හැටි.


Mobile Data අක්‍රිය කිරීම

අවශ්‍ය වෙලාවට හැර අනික් සෑම වේලාවකදීම මොබයිල් ඩේටා ඕෆ් කර තබන්න. සෝනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල නම් ඉක්මනින් ඩේටා ඔන්/ඕෆ් කිරීමට ස්ටොක් විජට් එකක් ඇති අතර වෙනත් ෆෝන් සඳහා ප්ලේ ස්ටෝ එකෙන් විජට් ඩවුන්ලෝඩ් කරගත හැක. නැත්නම් සෙටින්ග්ස් වලින් ඩේට ඔන්/ඕෆ් කල හැක.

Data Usage Monitor කිරීම


Data Counter Widget

ෆෝන් එකෙන් කොපමණ ඉන්ටනෙට් භාවිත කරනාවාදැයි බැලීමට ඇප්ස් භාවිත කර හැකියි. මම මේ සඳහා යෝජනා කරනවා. මෙමගින් ලේසියෙන්ම බලාගන්න පුළුවන්. ICS තියන අයටනම් ෆෝන් එකේම ඩේටා යූසේජ් බලාගන්න පුළුවන්.

වෙළඳ දැන්වීම් අයින් කරගන්න.

බොහෝ ඇප් වලින් විවිධ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනු ලබයි. මේමගින් ද සැලකිය යුතු තරමේ ඉන්ටනෙට් භාවිත කිරීමක් සිදුවේ. ඇඩ් අයින් කරන හැටි මෙතනින් බලන්න

සරල වෙබ් බ්‍රව්සරයක් භාවිත කරන්න

ඇන්ඩ්‍රොයිඩ් වල ඇති ස්ටොක් වෙබ් බ්‍රව්සරයේ මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රෝම් බ්‍රව්සරයෙත් දත්ත භාවිතය ඉහල මට්ටමක පවතී. මේ සඳහා විසඳුමක් ලෙස ඔපෙරා මිනි හඳුන්වා දිය හැකියි. මෙහි ඉතාමත් අඩුවෙන් දත්ත පරිභෝජනය කරනු ලබයි. අවශ්‍ය නම් ටෙක්ස්ට් ඔන්ලි වැනි බ්‍රවුසර භාවිත කල හැකියි.

මැප්ස් භාවිතය

මැප්ස් භාවිතා කිරීමේදි තමන්ගේ ස්ථානය දැනගැනීමට මෙන්ම නැවිගේට් කිරීමේදි දත්ත වැඩියෙන් භාවිත වේ. ඔබ අධික ලෙස මැප්ස් භාවිත කරනවානම්, ඕෆ්ලයින් මැප්ස් සක්‍රිය කරගන්න.

ඇප්ස් වල Data සහ Cache මැකීමෙන් වලකින්න

ඩේටා හා කැශේ ක්ලියර් කිරීමෙන් ඉන්ටර්නල් මෙමරි අඩු කර ගැත හැකි වුවද ඩේට යූසේජ් වැඩි කර ගත හැකි වේ. ඒ නැවත නැවතත් ඇප් එක අපේ දත්ත අප්ලෝඩ් හා ඩවුන්ලෝඩ් කල යුතු බැවිනි.

මීට අමතරව

Background Data / Sync අක්‍රිය කිරීමෙන් ද සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකියි














Wednesday, April 3, 2013

ඇන්ඩ්‍රොයිඩ් හි සැඟවුණු Easter Eggs


ඔන්න අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපේ ඕ.එස් එකේ තියන සැඟවුණු දෙයක් ගැන. ඕගොල්ලො මේක ගැන දන්නවත් ඇති. මේවාට කියන්නේ Easter Eggs නැතිනම් පාස්කු බිත්තර කියලා. හැම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයකම මේ එකක් අඩංගු වෙලා තියනවා.

Android Easter Egg කියන්නේ පොඩි ඇනිමේශන් එකකට හෝ පින්තූරෙකට. හැම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකකටම මේකක් තියනවා. මේක හදලා තියෙන්නේ ඒ ඒ සංස්කරණයකට ගැලපෙනන විදියටයි, ඒ කාලේ ඉන්ටනෙට් එකේ ජනප්‍රිය වුණ කාටුන් චරිත වැනි දේත් මේවයෙහි තියනවා. දැන් බලමු බිත්තරේ ගන්න හැටි.

දැන් Settings > About Phone යන්න. එතන තියනවා ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් කියලා එකක්. ඒක උඩ එක දිගට ඇගිල්ලෙන් තට්ටු කර කර යන්න.


දැන් ටික වෙලාවකින් මොකක් හරි එකක් මතුවෙයි. ඒක ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකෙන් එකට වෙනස් වෙනවා. මේකෙන් අයින් වෙන්න ඕන නම් බැක් බට්න් එක හරි හෝම් කී එක හරි ඔබන්න. ඕක මතුවුණා කියලා මොකුත් වෙන්නේ නෑ.

Gingerbread - Android 2.3.X

ඉඟුරු පාන් මල්ලියි ඇන්ඩ්‍රොයිඩ් රොබෝ ඉන්න පින්තූරයක් වැටෙයි. වටේට සොම්බී යක්කු ටිකක් ඉන්න. මේ තියෙන්නේ මගේ ගැලැක්සි ඒස් ෆෝන් එකේ ඒක ආපු හැටි.


Ice Cream Sandwich - Android 4.0.X

අයිස් ක්‍රීම් සැන්ඩ්විච් වල නම් පික්සල් වලින් හැදුණු ඇන්ඩ්‍රොයිඩ් රොබෝ මතුවෙයි.  මේ තියෙන්නේ එක්පීරියා රේ එකේ එක.



ඒක ආවට පස්සේ ඒක ඔබාගෙන ඉන්න. එතකොට මේ විදියේ එකක් එයි.




Jelly Bean - Android 4.1 <

ජෙලි බීන් වල ලොකු රතු පාට ජෙලි බීන් එකක් මතුවෙයි. ඒක ඔබාගෙන ඉන්න. එතකොට පොඩි ගේම් එකක් එනවා. ජෙලි බීන් තැන් තැන් වලට දාන්න පුලුවන් එකක්.


දැන් වැඩේ හරි, යාලුවන්ටත් පෙන්නන්න. මේවා කස්ටම් රොම් ඇතුලුව නියම ඇන්ඩ්‍රොයිඩ් තියන ඕනම ෆෝන් එකක තියනවා. ඇතැම් කොරියන් සහ එනි කෝල් සැම්සුන් ෆෝන් වල නැත.