![]() |
ජෙලි බීන් හෝම් ස්ක්‍රීන් |
බොහෝ ෆෝන් වලට නිල වශයෙන් ICS/JB අප්ඩේට් නිකුත් කලද, පහසුකම් අඩු බව නිසා ඇතැම් දුරකතන වලට අලුත් අප්ඩේට් සමාගම විසින් දෙනු නොලැබේ. කස්ටම් රොම් මගින් නව සංස්කරණයක් ස්ථාපිත කල හැකි වුවත්, මෙය තරමක් සංකීර්ණ ය. නමුත් අතුරු මුහුණතේ වෙනස්කම් කර ICS/JB දුරකථනයක් සේ හැඩගැන්වීමට පුලුවන් වීම වාසියකි. විවිධ ඇප් භාවිත කර මෙසේ කල හැක.
Launcher එක වෙනස් කිරීම
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානතම අතුරු මුහුණත ලෝන්චර් එක නිසා. පැරණි GB Launcher එක වෙනුවට ICS/JB තාලයේ ලෝන්චරයක් ස්ථාපනය කල හැක. මේ සඳහා "හොලෝ ලෝන්චර්" භාවිත කල හැක. මෙහි ICSස්ටොක් ලෝන්චර් වල ඇති බොහෝ පහසුකම් ඇත.
![]() |
Holo Launcher |

Lock Screen මාරු කිරීම
පැරණි ලොක් ස්ක්‍රීන් එක වෙනුවට භාවිත කල හැකි ජාතියේ ලොක් ස්ක්‍රීන් එකක් වන්නේ "හොලෝ ලොකර්" ය. මෙහි දකුණට ඇදීමෙන් අන්ලොක් කිරීමට ද වම් පැත්තෙන් වෙනත් කැමති ඇප් එකක් හෝ කැමරාව තෝරා ගත හැක. Download Holo Locker
![]() |
Holo Locker |
ICS Notification/Status Bar ඉන්ස්ටෝල් කිරීම
අයිස් ක්‍රීම් සැන්ඩ්විච් හි දැකගත හැකි තවත් ආකර්ශණීය අංගයක් වන්නේ නිල් පැහැති ස්ටේටස් බාර් එකයි. ICS Status Bar එක ඉන්ස්ටෝල් කිරීමෙන් මෙම පෙනුම ලබා ගත හැක. ටිකක් විතර බග්ස් තියනවා. Download
![]() |
ICS Status Bar |
Srock Dialler වෙනුවට ICS ඩයලර් එකක්
අවසාන වශයෙන් කැමතිනම් උරුවට ඇති ඩයලර් එකක් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. මේ සඳහා EX DIALLER නැමැති ඇප් එක බාගෙන එයට එහි ICS Theme එක ඉන්ස්ටෝල් කරන්න. දැන් හරි.
ICS Ex Dialler |
ඉහත සඳහන් ක්‍රම විශේෂයෙන්ම අප්ඩේට් නිකුත් කර නොමැති ෆෝන් වලට වැදගත් වේ. නමුත් තිබෙන ෆෝන් එකකට වුවද එම ඇප්ස් ස්ථාපනය කල හැක. ඔබේ ෆෝන් එකේ තියනවනම් මීට වඩා හොඳ ඇපෙක්ස් ලෝන්චර් හෝ නෝවා ලෝන්චර් භාවිත කර බලන්න.
මෙම ලෝන්චර් හා වෙනත් ඇප්ස් දැමීමෙන් කිසිම හානියක් නොවන අතර අවශ්‍ය නම් ඉවත් කිරීමෙන් සාමන්‍ය පරිදි දුරකතනයේ වැඩ කල හැක. අවාසිය වන්නේ වැඩිපුර ප්‍රොසෙසරය හා රැම් එක භාවිත වීමයි.
0 comments:
Post a Comment