Subscribe:

Ads 468x60px

.

Thursday, March 28, 2013

ඇන්ඩ්‍රොයිඩ් ශබ්දකෝශය 1

Android Glossary In Sinhala

අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු ගමන්ම එක එක අලුත් වචන අහන්න ලැබෙනවා. සමහර ඒවා ගැන කලින් අපි කතා කරා. අද තව අලුත් වචන ගැන දැනගන්න පුලුවන්. අපි මේ වචන වල තාක්ෂණික අදහසින් බැහැරව තේරෙන සිංහලෙන් කියවමු.



Root

මේ ගැන කලින් කතා කරා. මෙතනින් බලන්න.

Bootloader

මේ ගැනත් කලින් කතා කරා. මෙතනින් බලන්න.

Recovery

දුරකථනයේ මෙහෙයුම් පද්ධතියෙන් වෙන්වුණු, දුරකථනයේ හාඩ්වෙයා සමග සෘජුව ගණුදෙනු කල හැකි කුඩා මෘදුකාංගයකි (පරිගණකයේ ඇති බයොස් වගේ එකක්). සෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකම ස්ටොක් රිකවරි මෘදුකාංගයක් අඩංගු වන අතර මෙය භාවිත කර සෙටින්ග්ස් රිසෙට් කිරීම, ඩේටා ක්ලියර් කිරීම, මෙමරි කාඩ් එක ෆෝමැට් කිරීම ආදිය කල හැකියි. 

නමුත් මීට වඩා බොහෝ පහසුකම් සහිත කස්ටම් රිකවරි මෘදුකාංග ඇති අතර මේවායින් මීට වඩා බොහෝ කාර්යන් කරගත හැකියි. එක් ප්‍රසිද්ධ කස්ටම් රිකවරි මෘදුකාංගයක් වන්නේ ක්ලොක්වර්ක් මොඩ් - ClockWork Mod යි. මේවා භාවිතා කර මෙහෙයුම් පද්ධතිය බැකප් කිරීම, කස්ටම් රොම් ස්ථාපනය කිරීම කල හැකියි. කස්ටම් රිකවරි ස්ථාපනය කිරීමට නම් දුරකථනය රූට් කර හෝ බූට් ලෝඩරය අන්ලොක් කර තිබිය යුතුයි.

Nandroid Backup

කස්ටම් රිකවරි මගින් ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය (සියලුම දත්ත ඇතුළුව) සම්පූර්ණයෙන්ම එස් ඩී කාඩ් එකට බැකප් කල හැක. මෙය නැන්ඩ්‍රොයිඩ් බැකප් නමින් හඳුන්වයි. මෙහි වාසිය නම් කස්ටම් රොම් ස්ථාපනයෙන් පසුව වුවද කලින් තිබූ තත්වයට මෙහෙයුම් පද්ධතිය රීස්ටෝ කල හැකි වීමයි.

Wipe

දුරකතනයේ ඉන්ටර්නල් මෙමරියේ ඇති දත්ත සියල්ල ඩිලීට් කිරීම වයිප් කිරීම ලෙස හඳුන්වයි. මේ මගින් කැශේ මෙමරි සහ ඉන්ටනල් මෙමරියේ ඇති වෙනත් පාටිශන් ෆෝමැට් කල හැක. කස්ටම් රොම් දැමීමට ප්‍රථමයෙන් වයිප් කිරීම අත්‍යවශ්‍යය.

Flashing

රිකවරි භාවිතා කර SD Card එකේ ඇති ඇප් එකක් හෝ කේතයක් ස්ථාපනය කිරීම ෆ්ලෑශ් කිරීම ලෙස හඳුන්වනු ලැබේ. 

මෙසේ ෆ්ලෑශ් කල යුතු ෆයිල් ඇත්තේ APK ෆෝමැට් එකෙන් නොව ZIP ෆෝමැට් එකෙනි. මෙම ෆයිල් එක SD Card එකේ රඳවා පසුව රිකවරි භාවිතා කර ෆ්ලෑශ් කර හැක. මෙම සිප් ෆයිල් එක Flashable ZIP (ෆ්ලෑශබල් සිප්) ලෙස හැඳින්වේ.

ROM

රොම් ලෙස හැඳින්වෙන්නේ දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය යි. දුරකථනයට නිශ්පාදකයා විසින් ඇතුලත් කර ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ස්ටොක් රොම් ලෙස හැඳින්වෙන අතර වෙනත් තුන්වන පාර්ශව විසින්  සංවර්ධනය කරන ලද සංස්කරණ කස්ටම් රොම් ලෙස හැඳින්වේ.

Kernel

මෙහෙයුම් පද්ධතිය සහ දුරකථනයේ හාඩ්වෙයා සමග ගනුදෙණු කරනු ලබන්නේ කර්නලය විසිනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වල කර්නල් ලිනක්ස් කර්නලය මත පදනම් වී ඇත. කස්ටම් රොම් මෙන්ම කස්ටම් කර්නල් ද ඇත. මේවා මගින් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම, බැටරියේ ආයු කාලය දීර්ඝ වන ලෙස සකසා ඇත.

Radio / Baseband / Modem

දුරකථනයේ වයර්ලස් නෙට්වර්ක් පහසුකම් මෙහෙයවන ෆර්ම්වෙයා  මෙලෙස හැඳින්වේ. GPS සහ WiFi පාලනය වෙන්නේ මේවා මගිනි


දෙවන කොටස මෙතනින් බලන්න.


0 comments:

Post a Comment