Subscribe:

Ads 468x60px

.

Thursday, April 18, 2013

ඇන්ඩ්‍රොයිඩ් පිහිටුම් සේවය - Android Location Service

ඇන්ඩ්‍රොයිඩ් හි තවත් පහසුකමක් වන්නේ පිහිටිම් සේවාවයි (Android Location Service). මෙමගින් ප්‍රධාන වශයෙන් දුරකථනයේ පිහිටීම සොයා ගනු ලබයි. මේ සඳහා භාවිත වන මූලාශ්‍ර තුනකි. එනම් GPS, WiFi සහ Cellular Network වේ.

GPS - Global Positioning System

GPS වැඩ කරන්නේ සැටලයිට් තාක්ශණය මගින් ය. GPS මගින් පිහිටීම සලකුණු කර ගැනීමට දත්ත 3ක් භාවිතා කරයි. ඒ අක්ශාංසය, දේශාංසය සහ උන්තතාංශය යි (Latittude, Longitude & Altitude) . නමුත් මෙලෙස සැටලයිට් හරහා සෘජුව සන්නිවේදනය වීමේදී ද වැරදි සිදුවිය හැකි බැවින් Assisted GPS (A-GPS) නැමැති ක්‍රමයක් භාවිතා වේ. ඇන්ඩ්‍රොයිඩ් හා වෙනත් ස්මාට්ෆෝන් වල ඇත්තේ මෙම තාක්ශණයයි. මෙහිදී දත්ත හුවමාරු කිරීමට වෙබ් සර්වරයක් භාවිත වේ.

GPS මගින් වැඩ කරන ඇප්ස්

  • Speedometer
  • Maps
  • Other Location Sharing Apps

Wi-Fi Location

වයිෆයි සම්බන්ධතාවයක් ඇති විට දුරකථනය මගින් වයිෆයි හොට්ස්පොට් එකට ඇති දුර සහ සිග්නල් තත්වය මනිනු ලබයි. මෙම දත්ත Google Location Service ට යවා අපේ පිහිටීම තීරණය කරනු ලබයි. වයිෆයි පිහිටීම GPS වලට වඩා නිවැරදි බවට සැලකිය හැකි අතර GPS වලට වඩා අඩුවෙන් බැටරි භාවිත වේ.

Cellular Network

සෙලියුලර් ජාලය මගින් පිහිටීම සොයාගැනීම වයිෆයි වල  මෙන්ම සිදුවේ. මෙහිදී පිහිටීම ලෙස පෙන්වන්නේ ෆෝන් එක එම මොහොතේ සම්බන්ධ වී සිටින සම්ප්‍රේශණ කුලුණේ පිහිටීමයි. මෙලෙසින් වෙනත් කුලුණකට සම්බන්ධ වූ පසු පිහිටීම එම ස්ථානයේම පෙන්වයි. 


0 comments:

Post a Comment