Subscribe:

Ads 468x60px

.

Thursday, April 18, 2013

Android Sensors 2



කලින් සැරේ සෙන්සර්ස් ගැන අපි කෙටියෙන් තමයි කතා කරේ. අද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා සෙනසර් අතර ඇති සම්පූර්ණ ගණුදෙනුව ගැන කතා කරමු. කලින් ලිපිය මෙතනින් බලන්න.

බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල සෙන්සර් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. මේවල කාර්ය වන්නේ චලනය, පිහිටීම හා විවිධ පාරිසරක තත්වයන් පිලිබඳ දත්ත ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස දුරකථනයේ චලනය වීමෙන් වැඩ කරන ක්‍රීඩාවක් සැලකිය හැක. මෙහිදී ග්‍රැවිටේශනල් සෙන්සරය භාවිත කරනු ලබයි. මේ වගේම විවිධ කාලගුණ ඇප් (Weather Apps) වැඩ කරන්නේ ද දුරකථනයේ ඇති උශ්ණත්වමාන සෙන්සරය (Temp. Sensor) ආදියේ උපකාරයෙනි. ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සියලුම සෙන්සර් වර්ග අඩංගු වන අතර, මිල අඩු ෆෝන් වල දැකිය හැක්කේ ඇක්සලෝමීටර් හා මැග්නෙටෝ මීටර් පමණක් වේ.


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේදි ප්‍රධාන වශයෙන් සංවේදක/සෙන්සර් වර්ග 3ක් භාවිත වේ. 

  • Motion Sensors - චලිත සංවේදක
මෙම සංවේදක මගින් ත්වරණ බල (Acceleration Forces) සහ භ්‍රමණ බල (Rotational Forces) X/Y/Z අක්ශ තුන ඔස්සේ මනිනු ලබයි. මේ සඳහා ත්වරණ ආමණ සංවේදක (Accelarometer) , ගුරුත්ව සංවේදක (Gravity Sensor) , විභ්‍රමේක්ශ සංවේදක (Gyroscope) සහ භ්‍රමණ දෙ‍යිශික සංවේදක (Rotational Vector Sensor) උදාහරණ ලෙස දැක්විය හැකියි.

  • Environmental Sensors - පාරිසරික සංවේදක
මේවා මගින් විවිධ පාරිසරික තත්වයන් මාපනය කරනු ලබයි. (පීඩනය, උශ්ණත්වය, වාතයේ ආර්ධතාවය .. ). බැරෝමීටර්, ෆොටෝමීටර් මේ සඳහා උදාහරණ වේ.

  • Position Sensors - පිහිටුම් සංවේදක
දුරකථනයේ භෞතික පිහිටීම සොයාගන්නේ මේ සෙන්සර් ආධාරයෙනි. චුම්බකමානය (Magneto-meter) සහ ඔරියන්ටේශන් සෙන්සර් පිහිටුම් සංවේදක කාණ්ඩයට අයිතිය.

ඉහත සෙන්සර් නැවතත් සොෆ්ට්වෙයා සෙන්සර් හා හාඩ්වෙයා සෙන්සර් යනුවෙන් කාණ්ඩ දෙකකට වර්ග කෙරේ. හාඩ්වෙයා සෙන්සර් මගින් සෘජුවම දත්ත ගබඩා කරගන්නා අතර සොෆ්ට්වෙයා සෙන්සර් දුරකථනයේ ඇති හාඩ්වෙයා සෙන්සර් එකකින් හෝ කීපයකින් දත්ත ලබා ගනියි.

සෙනසර් වර්ග සහ ප්‍රයෝජන


සෙන්සරයවර්ගයකාර්යයඒකකයප්රයයෝජන
AccelerometerHත්වරණය මැනීමm/s2චලිතය හඳුනාගැනීම
Ambient TemperatureHඋශ්ණත්වයCවාතයේ උශ්ණත්වය
GravitySගුරුත්ව බලයm/s2චලිතය හඳුනාගැනීම
GyroscopeHකෝණික ප්රමවේගයRad/sභ්රිමණය
LightHආලෝකයේ දීප්තියLxඩිස්ප්ලේ බ්රියිට්නස් පාලනය
Linear AccelerationSගුරුත්වය බලය හැර ත්වරණයm/s2ත්වරණය
Magnetic FieldHචුම්බක බලයuTමාලිමාවක් නිර්මාණය කිරීම
OrientationSදිශා 3 ඔස්සේ කෝණික ප්රාවේගයපිහිටීම
PressureHවායු පීඩනයmBar/hPaවාතයේ පීඩනය
ProximityHඩිස්ප්ලේ එක සහ වෙනත් වස්තුවක් අතර ඇති දුරcmඇමතුමක් අතරතුර දුරකථනයේ පිහිටීම
Relative HumidityHවාතයේ ආද්රuතා ප්ර්තිශතය%කාලගුණ දත්ත
TemparatureSඋශ්ණත්වයCඋශ්ණත්වය



මේ පිලිබඳව තවත් ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

0 comments:

Post a Comment