Featured Posts
-
Nexus 4
ගූග්ල් නෙක්සස් පවුලේ හතරවැනි සාමාජිකයා. 1.5 GhZ කොඩ් කෝර් ප්‍රොසෙසරයක් සහ 2GB මතක ධාරිතාවයකින් සමන්විත මෙහි ඇත්තේ නවතම ඇන්ඩ්‍රොයිඩ් 4.2 සංස්කරණයයි...
-
Android 4.4
දැනට වෙළඳපොලෙහි ඇති නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය මෙය වේ...
-
Angry Birds Star Wars
ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නන් අතර අතිශයින් ජනප්‍රිය වූ ඇන්ග්‍රි බර්ඩ්ස් ක්‍රීඩා පෙලේ නවතම ක්‍රීඩාව...
Sunday, November 6, 2016
Saturday, November 7, 2015
Android FRP - මොකක්ද මේ FRP
ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකේ විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින්
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා
* ලොලිපොප්
* ජෙලිබීන්
* කිට් කැට් වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරන මේ සංස්කරණ වල විශේෂත්වය තමයි
මේ සියළුම් ඇල්ෆඩ් ශේණියට දාන නමකටම එයාලා දාන්නේ මොකක් හෝ රස කෑමක නමක්
විස්කිඤ්ඤා , ඤානකතා වගේ නම් නම් එන එකෙක් නැ
හේතුව ඇමරිකාවේ ඔව්වා තියෙනවා යෑ නැද්ද මං අහන්නේ grin emoticon
ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි
ආරක්ෂිත බව අඩු වීම
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත්
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , චැට් එව්වා මෙව්වා
වැල , ඇපල් ඔක්කොම සට සට ගාලා බලන්න
ඒ වගේම මට අනුන්ගේ ජංගමයක් ලැබුනොත් පුලුවන්
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න
මෙන්න මේ කියන බග් එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ෂන් එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ
FRP කියලා කියන්නේ Factory Reset Protection
මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1 එකෙන් ඉහල ධාවනය වෙන
ජංගම දුරකථන සදහා පමනයි
frp අපට වැදගත් වෙන්නේ කොහොමද
අපි දැන් බලමු
අපේ ඈයෝ කවදාවත් පාස්වර්ඩ් එකක් රිකවරි මේල් එකක් හරියට මතක තියාගන්න ඈයෝ නෙවෙයි නේ
ඔන්න ඔයාලා දාපු විස්තර අමතක වෙනවා
ඉතිං ආයෙම ෆෝන් එක ඔන් කරගන්නවා බොරු
ඇයි දෙවියනේ ඔක කජ්ජක් යෑ ෆෝන් එක රීසට් කරනවා නේ
කෙනෙක් කියන්න පුලුවන්
FRP වල විශේෂත්වය තමයි රීසෙට් කලා කියලා මේ කියන එක ඉවත් වෙන්නේ නෑ
ඉතිං
මොකද කරන්න වෙන්නේ මේ මං වගේ කළු කඩ කාරයෙක් ලගට අරන් ඇවිත් කියන්න වෙනවා
කැලුම් ... මගේ ෆෝන් එක ලොක් උනා නේ
ඉතිං මම කියලා නිකං කරලා දෙන එකක් යෑ
ඔයාලගෙන් මොනරකොල යක් හමාරක් අරගෙන
ලොක් එක ඇරලා දෙනවා
ඕකට ඔච්චර කරදර වෙන්න ඔනි නෑ
කරන්න තියෙන දේ සරළයි
මීට පස්සේ ෆෝන් එකට Gmail එකක් දානකොට ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම් කියෝලා කියෝලා මතක තියාගන්න
ඉතිං කලින්ම මම ඔයාලට Factory Reset Protection ගැන කියලා දුන්නේ පස්සේ වෙන්න
තියෙන අසීරුතාවයකින් මුදවා ගන්න
ඒ වගේම සැම්සුන් ෆෝන් සදහා දැන් හදුන්වා දිලා තියෙන තවත් ලොක් වර්ගයක් තියෙනවා
මේක නම් පොඩ්ඩක් ඊටත් වඩා බයානයයි
ඊලග ලිපියෙන් මම ඒ ගැනත් ඔයාලට විස්තර දෙන්නම්කො
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින්
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා
* ලොලිපොප්
* ජෙලිබීන්
* කිට් කැට් වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරන මේ සංස්කරණ වල විශේෂත්වය තමයි
මේ සියළුම් ඇල්ෆඩ් ශේණියට දාන නමකටම එයාලා දාන්නේ මොකක් හෝ රස කෑමක නමක්
විස්කිඤ්ඤා , ඤානකතා වගේ නම් නම් එන එකෙක් නැ
හේතුව ඇමරිකාවේ ඔව්වා තියෙනවා යෑ නැද්ද මං අහන්නේ grin emoticon
ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි
ආරක්ෂිත බව අඩු වීම
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත්
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , චැට් එව්වා මෙව්වා
වැල , ඇපල් ඔක්කොම සට සට ගාලා බලන්න
ඒ වගේම මට අනුන්ගේ ජංගමයක් ලැබුනොත් පුලුවන්
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න
මෙන්න මේ කියන බග් එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ෂන් එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ
FRP කියලා කියන්නේ Factory Reset Protection
මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1 එකෙන් ඉහල ධාවනය වෙන
ජංගම දුරකථන සදහා පමනයි
frp අපට වැදගත් වෙන්නේ කොහොමද
අපි දැන් බලමු
අපේ ඈයෝ කවදාවත් පාස්වර්ඩ් එකක් රිකවරි මේල් එකක් හරියට මතක තියාගන්න ඈයෝ නෙවෙයි නේ
ඔන්න ඔයාලා දාපු විස්තර අමතක වෙනවා
ඉතිං ආයෙම ෆෝන් එක ඔන් කරගන්නවා බොරු
ඇයි දෙවියනේ ඔක කජ්ජක් යෑ ෆෝන් එක රීසට් කරනවා නේ
කෙනෙක් කියන්න පුලුවන්
FRP වල විශේෂත්වය තමයි රීසෙට් කලා කියලා මේ කියන එක ඉවත් වෙන්නේ නෑ
ඉතිං
මොකද කරන්න වෙන්නේ මේ මං වගේ කළු කඩ කාරයෙක් ලගට අරන් ඇවිත් කියන්න වෙනවා
කැලුම් ... මගේ ෆෝන් එක ලොක් උනා නේ
ඉතිං මම කියලා නිකං කරලා දෙන එකක් යෑ
ඔයාලගෙන් මොනරකොල යක් හමාරක් අරගෙන
ලොක් එක ඇරලා දෙනවා
ඕකට ඔච්චර කරදර වෙන්න ඔනි නෑ
කරන්න තියෙන දේ සරළයි
මීට පස්සේ ෆෝන් එකට Gmail එකක් දානකොට ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම් කියෝලා කියෝලා මතක තියාගන්න
ඉතිං කලින්ම මම ඔයාලට Factory Reset Protection ගැන කියලා දුන්නේ පස්සේ වෙන්න
තියෙන අසීරුතාවයකින් මුදවා ගන්න
ඒ වගේම සැම්සුන් ෆෝන් සදහා දැන් හදුන්වා දිලා තියෙන තවත් ලොක් වර්ගයක් තියෙනවා
මේක නම් පොඩ්ඩක් ඊටත් වඩා බයානයයි
ඊලග ලිපියෙන් මම ඒ ගැනත් ඔයාලට විස්තර දෙන්නම්කො
Written By Kelum Bandara Wijewardena
Wednesday, November 13, 2013
ඇන්ඩ්‍රොයිඩ් පවුලට අලුතෙන් එකතුවෙන "කිට් කැට්"
අද දවසේ (2013 නොවැම්බර් 13 ) තමයි මුලින්ම නිල වශයෙන් අප්ඩේට් එක සහ උපාංග වලට නිකුත් කරන්න යන්නෙ. ගිය මාසේ මේක මුලින්ම ආවේ නෙක්සස් 5 ෆෝන් එකට. ඊට අමතරව වෙනත් නිශ්පාදකයන්ගේ තෝරාගත් මාදිලි වලට කිට් කැට් නිකුත් කිරීමට නියමිතයි
කිට් කැට් වල ඇති අලුත් වැඩ

- වැඩි දියුණු කරන ලද කටහඬ මගින් විධාන දීමේ හැකියාව
- නව මියුසික් ප්ලේයර් එකක්
- ඉක්මන් ඇමතුම්
- සියලුම පණිවිඩ සඳහා එකම ඉන්බොක්ස් එකක්
- නව ඉමෝශන්ස්/ස්මයිලීස්
- ගූග්ල් ක්ලවුඩ් ප්‍රින්ට්
මීට අමතරව තව බොහෝ පහසුකම් අඩංගු බව පැවසෙනවා.
මේ වන විටත් ලෝකයේ ස්මාට් ෆෝන් වලින් 81%ක්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් බව නවතම සමීක්ශණයකින් හෙලිවී තිබෙනවා.
මේ වන විටත් ලෝකයේ ස්මාට් ෆෝන් වලින් 81%ක්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් බව නවතම සමීක්ශණයකින් හෙලිවී තිබෙනවා.
Labels:
Articles
Saturday, April 27, 2013
GB ෆෝන් එක ICS හා JB වෙස් ගැන්වීම
ඇන්ඩ්‍රොයිඩ් නවතම මෙහෙයුම් පද්ධතිවල ඉහලින්ම දැකිය හැකි ලක්ශණයක් වන්නේ සිත් ඇද ගන්නා සුලු පෙනුමයි. පෙර Froyo/GB සංස්කරණ වල විශාල වශයෙන් අතුරු මුහුණතේ වෙනස්කම් නොතිබුණද ICS හා ඊට පසු පැමිණි සංස්කරණවල වෙනස්කම් තිබුණි.
දැන් බලමු කරන හැටි. රූට් ප්‍රවේශය, අලුත් අප්ඩේට් හෝ වෙනත් විශේෂ පහසුකම් අවශ්‍ය නොවේ. Android 2.2 Gingerbread තියන ෆෝන් එකක් ඇති.
ඉහත සඳහන් ක්‍රම විශේෂයෙන්ම අප්ඩේට් නිකුත් කර නොමැති ෆෝන් වලට වැදගත් වේ. නමුත් තිබෙන ෆෝන් එකකට වුවද එම ඇප්ස් ස්ථාපනය කල හැක. ඔබේ ෆෝන් එකේ තියනවනම් මීට වඩා හොඳ ඇපෙක්ස් ලෝන්චර් හෝ නෝවා ලෝන්චර් භාවිත කර බලන්න.
![]() |
ජෙලි බීන් හෝම් ස්ක්‍රීන් |
බොහෝ ෆෝන් වලට නිල වශයෙන් ICS/JB අප්ඩේට් නිකුත් කලද, පහසුකම් අඩු බව නිසා ඇතැම් දුරකතන වලට අලුත් අප්ඩේට් සමාගම විසින් දෙනු නොලැබේ. කස්ටම් රොම් මගින් නව සංස්කරණයක් ස්ථාපිත කල හැකි වුවත්, මෙය තරමක් සංකීර්ණ ය. නමුත් අතුරු මුහුණතේ වෙනස්කම් කර ICS/JB දුරකථනයක් සේ හැඩගැන්වීමට පුලුවන් වීම වාසියකි. විවිධ ඇප් භාවිත කර මෙසේ කල හැක.
Launcher එක වෙනස් කිරීම
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධානතම අතුරු මුහුණත ලෝන්චර් එක නිසා. පැරණි GB Launcher එක වෙනුවට ICS/JB තාලයේ ලෝන්චරයක් ස්ථාපනය කල හැක. මේ සඳහා "හොලෝ ලෝන්චර්" භාවිත කල හැක. මෙහි ICSස්ටොක් ලෝන්චර් වල ඇති බොහෝ පහසුකම් ඇත.
![]() |
Holo Launcher |

Lock Screen මාරු කිරීම
පැරණි ලොක් ස්ක්‍රීන් එක වෙනුවට භාවිත කල හැකි ජාතියේ ලොක් ස්ක්‍රීන් එකක් වන්නේ "හොලෝ ලොකර්" ය. මෙහි දකුණට ඇදීමෙන් අන්ලොක් කිරීමට ද වම් පැත්තෙන් වෙනත් කැමති ඇප් එකක් හෝ කැමරාව තෝරා ගත හැක. Download Holo Locker
![]() |
Holo Locker |
ICS Notification/Status Bar ඉන්ස්ටෝල් කිරීම
අයිස් ක්‍රීම් සැන්ඩ්විච් හි දැකගත හැකි තවත් ආකර්ශණීය අංගයක් වන්නේ නිල් පැහැති ස්ටේටස් බාර් එකයි. ICS Status Bar එක ඉන්ස්ටෝල් කිරීමෙන් මෙම පෙනුම ලබා ගත හැක. ටිකක් විතර බග්ස් තියනවා. Download
![]() |
ICS Status Bar |
Srock Dialler වෙනුවට ICS ඩයලර් එකක්
අවසාන වශයෙන් කැමතිනම් උරුවට ඇති ඩයලර් එකක් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. මේ සඳහා EX DIALLER නැමැති ඇප් එක බාගෙන එයට එහි ICS Theme එක ඉන්ස්ටෝල් කරන්න. දැන් හරි.
ICS Ex Dialler |
ඉහත සඳහන් ක්‍රම විශේෂයෙන්ම අප්ඩේට් නිකුත් කර නොමැති ෆෝන් වලට වැදගත් වේ. නමුත් තිබෙන ෆෝන් එකකට වුවද එම ඇප්ස් ස්ථාපනය කල හැක. ඔබේ ෆෝන් එකේ තියනවනම් මීට වඩා හොඳ ඇපෙක්ස් ලෝන්චර් හෝ නෝවා ලෝන්චර් භාවිත කර බලන්න.
මෙම ලෝන්චර් හා වෙනත් ඇප්ස් දැමීමෙන් කිසිම හානියක් නොවන අතර අවශ්‍ය නම් ඉවත් කිරීමෙන් සාමන්‍ය පරිදි දුරකතනයේ වැඩ කල හැක. අවාසිය වන්නේ වැඩිපුර ප්‍රොසෙසරය හා රැම් එක භාවිත වීමයි.
Labels:
Apps,
Custom ROM,
Tutorials
Thursday, April 25, 2013
USB On The Go
![]() |
USB On-The-Go logo |
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ යූ.එස්.බී ඔන් ද ගෝ
බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල USB-OTG පහසුකම ඇත. මේ සඳහා අවශ්‍ය වන්නේ USB-OTG කේබලයක් පමණි. ඔබේ දුරකතනයේ මෙම පහසුකම තිබේ දැයි බැලීමට USB Host Diagnostics ඇප් එක භාවිත කරන්න. ඇතැම් ස්ටොක් රොම් වල නොහැකි වුවත් සමහර ෆෝන් වලට කස්ටම් රොම් දැමීමෙන් පසු ක්‍රියාත්මක කල හැක. සයනජන් මොඩ් සියලුම සංස්කරණ වල මෙම පහසුකම ඇත.
USB On The Go Cable එකක් |
USB-OTG කේබලයක් යනු එක් කෙලවරක ෆෝන් එකට කනෙක්ට් කල හැකි මයික්‍රෝ යූ.එස්.බී පෝට් එකක් හා අනික් කෙලවරේ සාමාන්‍ය යූ.එස්.බී පෝට් එකක් සහිත කේබල් එකකි. මෙම කේබල් එකක් රුපියල් 500~1000 දක්වා මිලකට මිලදී ගත හැකියි. නැතිනම් E-Bay වෙබ් අඩවියෙන් ඉතාමත් පහසුවෙන් ගෙනවා ගත හැක.
යූ.එස්.බී ඔන් ද ගෝ සමගින් කල හැක්කේ මොනවාද ?
![]() |
එක්ස්පීරියා රේ දුරකථනයකට මවුසයක් කනෙක්ට් කල ඇති අයුරු |
මේ කේබල් එකක් ෆෝන් එකට කනෙක්ට් කලාට පස්සේ සාමාන්‍ය විදියට වෙනත් යූ.එස්.බී උපාංග කේබල් එකේ කෙලවරට කනෙක්ට් කරන්න පුලුවන්.
- කීබෝඩ් එකක් කනෙක්ට් කර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කීබෝඩ් එක වෙනුවට භාවිත කල හැක. ගේම් ගහන්නත් පුලුවන්.
- පෙන් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කර දත්ත හුවමාරු කරන්න පුලුවන්.
නිගමනය
යූ.එස්.බී ඔන් ද ගෝ හරහා වෙනත් උපාංග කනෙක්ට් කිරීමෙන් ෆෝන් එකේ බොහෝ වැඩ පහසුවෙන් කර ගත හැකියි. උදා:- මෙසේජ් එකක් ගහන කොට ස්ක්‍රීන් එක ඔබන්න ඕනේ නෑ.
භාවිතයේදි අධික වශයෙන් බැටරි භාවිත වීම මෙහි ඇති අවාසියකි.
Thursday, April 18, 2013
Android Sensors 2
කලින් සැරේ සෙන්සර්ස් ගැන අපි කෙටියෙන් තමයි කතා කරේ. අද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා සෙනසර් අතර ඇති සම්පූර්ණ ගණුදෙනුව ගැන කතා කරමු. කලින් ලිපිය මෙතනින් බලන්න.
බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල සෙන්සර් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. මේවල කාර්ය වන්නේ චලනය, පිහිටීම හා විවිධ පාරිසරක තත්වයන් පිලිබඳ දත්ත ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස දුරකථනයේ චලනය වීමෙන් වැඩ කරන ක්‍රීඩාවක් සැලකිය හැක. මෙහිදී ග්‍රැවිටේශනල් සෙන්සරය භාවිත කරනු ලබයි. මේ වගේම විවිධ කාලගුණ ඇප් (Weather Apps) වැඩ කරන්නේ ද දුරකථනයේ ඇති උශ්ණත්වමාන සෙන්සරය (Temp. Sensor) ආදියේ උපකාරයෙනි. ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සියලුම සෙන්සර් වර්ග අඩංගු වන අතර, මිල අඩු ෆෝන් වල දැකිය හැක්කේ ඇක්සලෝමීටර් හා මැග්නෙටෝ මීටර් පමණක් වේ.
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේදි ප්‍රධාන වශයෙන් සංවේදක/සෙන්සර් වර්ග 3ක් භාවිත වේ.
- Motion Sensors - චලිත සංවේදක
- Environmental Sensors - පාරිසරික සංවේදක
මේවා මගින් විවිධ පාරිසරික තත්වයන් මාපනය කරනු ලබයි. (පීඩනය, උශ්ණත්වය, වාතයේ ආර්ධතාවය .. ). බැරෝමීටර්, ෆොටෝමීටර් මේ සඳහා උදාහරණ වේ.
- Position Sensors - පිහිටුම් සංවේදක
දුරකථනයේ භෞතික පිහිටීම සොයාගන්නේ මේ සෙන්සර් ආධාරයෙනි. චුම්බකමානය (Magneto-meter) සහ ඔරියන්ටේශන් සෙන්සර් පිහිටුම් සංවේදක කාණ්ඩයට අයිතිය.
ඉහත සෙන්සර් නැවතත් සොෆ්ට්වෙයා සෙන්සර් හා හාඩ්වෙයා සෙන්සර් යනුවෙන් කාණ්ඩ දෙකකට වර්ග කෙරේ. හාඩ්වෙයා සෙන්සර් මගින් සෘජුවම දත්ත ගබඩා කරගන්නා අතර සොෆ්ට්වෙයා සෙන්සර් දුරකථනයේ ඇති හාඩ්වෙයා සෙන්සර් එකකින් හෝ කීපයකින් දත්ත ලබා ගනියි.
සෙනසර් වර්ග සහ ප්‍රයෝජන
සෙන්සරය | වර්ගය | කාර්යය | ඒකකය | ප්‍රයයෝජන |
---|---|---|---|---|
Accelerometer | H | ත්වරණය මැනීම | m/s2 | චලිතය හඳුනාගැනීම |
Ambient Temperature | H | උශ්ණත්වය | C | වාතයේ උශ්ණත්වය |
Gravity | S | ගුරුත්ව බලය | m/s2 | චලිතය හඳුනාගැනීම |
Gyroscope | H | කෝණික ප්රමවේගය | Rad/s | භ්රිමණය |
Light | H | ආලෝකයේ දීප්තිය | Lx | ඩිස්ප්ලේ බ්රියිට්නස් පාලනය |
Linear Acceleration | S | ගුරුත්වය බලය හැර ත්වරණය | m/s2 | ත්වරණය |
Magnetic Field | H | චුම්බක බලය | uT | මාලිමාවක් නිර්මාණය කිරීම |
Orientation | S | දිශා 3 ඔස්සේ කෝණික ප්රාවේගය | පිහිටීම | |
Pressure | H | වායු පීඩනය | mBar/hPa | වාතයේ පීඩනය |
Proximity | H | ඩිස්ප්ලේ එක සහ වෙනත් වස්තුවක් අතර ඇති දුර | cm | ඇමතුමක් අතරතුර දුරකථනයේ පිහිටීම |
Relative Humidity | H | වාතයේ ආද්රuතා ප්ර්තිශතය | % | කාලගුණ දත්ත |
Temparature | S | උශ්ණත්වය | C | උශ්ණත්වය |
ඇන්ඩ්‍රොයිඩ් පිහිටුම් සේවය - Android Location Service
ඇන්ඩ්‍රොයිඩ් හි තවත් පහසුකමක් වන්නේ පිහිටිම් සේවාවයි (Android Location Service). මෙමගින් ප්‍රධාන වශයෙන් දුරකථනයේ පිහිටීම සොයා ගනු ලබයි. මේ සඳහා භාවිත වන මූලාශ්‍ර තුනකි. එනම් GPS, WiFi සහ Cellular Network වේ.
GPS - Global Positioning System
GPS වැඩ කරන්නේ සැටලයිට් තාක්ශණය මගින් ය. GPS මගින් පිහිටීම සලකුණු කර ගැනීමට දත්ත 3ක් භාවිතා කරයි. ඒ අක්ශාංසය, දේශාංසය සහ උන්තතාංශය යි (Latittude, Longitude & Altitude) . නමුත් මෙලෙස සැටලයිට් හරහා සෘජුව සන්නිවේදනය වීමේදී ද වැරදි සිදුවිය හැකි බැවින් Assisted GPS (A-GPS) නැමැති ක්‍රමයක් භාවිතා වේ. ඇන්ඩ්‍රොයිඩ් හා වෙනත් ස්මාට්ෆෝන් වල ඇත්තේ මෙම තාක්ශණයයි. මෙහිදී දත්ත හුවමාරු කිරීමට වෙබ් සර්වරයක් භාවිත වේ.
GPS මගින් වැඩ කරන ඇප්ස්
GPS මගින් වැඩ කරන ඇප්ස්
- Speedometer
- Maps
- Other Location Sharing Apps
Wi-Fi Location
වයිෆයි සම්බන්ධතාවයක් ඇති විට දුරකථනය මගින් වයිෆයි හොට්ස්පොට් එකට ඇති දුර සහ සිග්නල් තත්වය මනිනු ලබයි. මෙම දත්ත Google Location Service ට යවා අපේ පිහිටීම තීරණය කරනු ලබයි. වයිෆයි පිහිටීම GPS වලට වඩා නිවැරදි බවට සැලකිය හැකි අතර GPS වලට වඩා අඩුවෙන් බැටරි භාවිත වේ.
Cellular Network
සෙලියුලර් ජාලය මගින් පිහිටීම සොයාගැනීම වයිෆයි වල මෙන්ම සිදුවේ. මෙහිදී පිහිටීම ලෙස පෙන්වන්නේ ෆෝන් එක එම මොහොතේ සම්බන්ධ වී සිටින සම්ප්‍රේශණ කුලුණේ පිහිටීමයි. මෙලෙසින් වෙනත් කුලුණකට සම්බන්ධ වූ පසු පිහිටීම එම ස්ථානයේම පෙන්වයි.
Labels:
Hardware
Subscribe to:
Posts (Atom)