Subscribe:

Ads 468x60px

.

Monday, March 25, 2013

Google වෙතින් Google Keep



මෙය නෝට්ස් සකසා සේව් කර ගැත හැකි ජාතියේ ඇප් එකකි. එකිනෙකට වෙනස් නෝට්ස් ඇප්ස් කීපයක්ම ගූග්ල් ප්ලේ හි තිබුණද, මේවායෙහි පහසුකම් වල මදි පාඩු බොහෝ තිබුණි. ගූග්ල් කීප් මේ සියල අඩුපාඩු මග ඇර අලුත්ම අත්දැකීමක් ලබා දෙයි. මේ වන විට ගූග්ල් කීප් සමග තරඟයට අවතීර්ණ වී සිටින්නේ එවර්නෝට් ය


Google Keep
Google Keep

මෙහි ඇති පහසුකම්

  • නෝට්ස්, පින්තූර, සහ වොයිස් කට් සේව් කර ගත හැකි වීම.
  • හෝම් ස්ක්‍රීන් විජට්.
  • පාට කර ගත හැකි නෝට්ස්.
  • චෙක්ලිස්ට් සේව් කර ගත හැකි වීම.
  • ස්වයංක්‍රියව ගූග්ල් කීප් වෙබ් සේවයට සින්ක් වීම.
Screen Capture
මෙය ඉන්ස්ටෝල් කිරීමට Android 4.03 ICS හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය වේ.



Sunday, March 24, 2013

Bootoader කියන්නේ මොකද්ද ?

ඕගොල්ලෝ ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට ආපු ගමන් ම එක එක අමුතු වචන අපිට දැනගන්න ලැබෙනවා. සමහර වචන අපි මීට කලින් පරිගණක භාවිතයේ දී එහෙම යොදාගත්තේ නැති වචන පවා ඇන්ඩ්‍රොයිඩ් වලදී භාවිත වෙනවා. රූට් කරනවා කියයි, කස්ටම් රොම් එකක් ෆ්ලෑශ් කරා කියයි ආය තව කවුරුහරි කියයි බූට් ලෝඩර් එක අන්ලොක් කරා කියලා. අද අපි කතා කරන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියන බූට් ලෝඩර් එක ගැන.

Bootloader යනු කුමක්ද ?



බූට් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්‍රියාත්මක වන වන වැඩසටහනකි. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය වෙත බූට් කිරීමයි. බූට් ලෝඩරය දුරකථනයේ ඇති හාඩ්වෙයා පහසුකම් සමග වෙනස් වේ. එනම් එක ප්‍රොසෙසරයකට ලියූ බූට් ලෝඩර් වැඩසටහනක් වෙනත් ප්‍රොසෙසර් සමග ක්‍රියාත්මක නොවේ. විවිධ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මොඩ්ල් සඳහා ඒ සඳහාම ගැලපෙන කස්ටම් රොම් සාදීමට සිදුව තිබෙන්නේ මෙම බූට් ලෝඩර් ගැටළුව නිසා ය. නමුත් ඇපල් ෆෝන් වල හාඩ්වෙයා අතර විශාල වෙනස්කම් නැති බැවින්. ෆෝන් මොඩ්ල් එක කුමක් වුවත් මේවායෙහි ඇත්තේ එකම බූට්ලෝඩර් වැඩසටහනකි. මේ නිසා නවතම ඇප්ල් මෙහෙයුම් පද්ධතිය 3GS දුරකථනයකට පවා ස්ථාපනය කල හැක.

Android Bootloaders

සෑම අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ම බූට් ලෝඩරයකින් සමන්විත වන අතර, මෙමගින් සාමන්‍ය පරිදි මෙහෙයුම් පද්ධතිය බූට් කරනු ලබයි. නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් වන අතර මෙය විවිධ හාඩ්වෙයා පහසුකම් සහිත දුරකථන වල දැක ගත හැකියි. මෙම හේතුව නිසා නිශ්පාදකයින් විසින් ඒ ඒ දුරකථන වල ඇති හාඩ්වෙයා ස්පෙසිෆිකේශන් වලට අදාල බූට් ලෝඩර් සපයා ඇත.

Bootloader එක Lock කර ඇත්තේ ඇ‍යි ?

ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).  

අවසාන වශයෙන්

සෝනි එරික්සන් දුරකථන වල කස්ටම් රොම් දැමීමට සහ රූට් කිරීමට බූට් ලෝඩරය අගුලු ඇරීමට අත්‍යවශ්‍ය වුවත් ඇතැම් සැම්සුන් දුරකථන වල බූට් ලෝඩරය අන්ලොක් කිරීමෙන් තොරව මෙම කටයුතු කරගත හැකියි.

බූට් ලෝඩරය අන්ලොක් කිරීම සෙටින්ග්ස් රීසෙට් කිරීම වැනිම වූ ක්‍රියාවලියකි. එනම් දුරකථනයේ ඇති දත්ත සියල්ල මැකී යයි.

සහ වගකීම් සහතිකය අවලංගු වේ.

ක්‍රියාවලිය අතරතුර බ්‍රික් වීමේ කුඩා අවදානමක් ඇත.

Saturday, March 23, 2013

Google Nexus Smart Phone Series

Google Nexus Logo


ගූග්ල් නෙක්සස් යනු ගූග්ල් සමාගම සහ තවත් දුරකථන නිශ්පාදන සමාගමක් සමග එක්ව නිකුත් කරන
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පෙලකි. මෙම දුරකථන වල වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙන් මෙහෙයුම් පද්ධතියේ නිශ්පාදකයාට අදාල වෙනස්කම් කර නැති අතර මේවායෙහි බූට් ලෝඩර් අන්ලොක් කිරීම සහ රූට් කිරීම අනවශ්‍ය වේ. මීට අමතරව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අප්ඩේට් නිකුත් කරන විට, මුලිම අදාල අප්ඩේට් එක නිකුත් කරන්නේ මෙම නෙක්සස් දුරකථන වලටයි. ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය විසින් ඇප්ස් සංවර්ධනය කිරීම සඳහා අනුමත කර ඇත්තේද නෙක්සස් දුරකථනයි. මේ වන විට Nexus 4, Nexus 7 සහ Nexus 10 Tab දැනට වෙළඳපොළෙහි දැකගත හැකියි


Nexus 4

Nexus දුරකථන පෙල

Nexus One

2010 ජනවාරි මස නිකුත් කරන ලද මෙය ප්‍රථම නෙක්සස් ෆෝන් එක වේ. මෙය HTC සමාගමේ නිපැයුමකි. මෙහි මුලින්ම තිබුණු එක වන්නේ Android 2.1 Eclair වන අතර Android 2.2 Froyo නිකුත් කරන ලද ප්‍රථම දුරකථනය ද මෙම ෆෝන් එකයි.

Nexus S

මෙය සමාගමේ නිපැයුමකි. කිරීමත් සමගම 2010 දෙසැම්බර් මස වෙළඳපොළට නිකුත් කරන ලදි. අවුරුද්දකට පසු එනම් 2011 දෙසැම්බර් මාසයේදි මෙයට අප්ඩේට් ලබා දෙන ලදි. මෙහි ඇතැම් නව සංස්කරණ වලට ද ස්ථාපනය කළ හැක

Galaxy Nexus

Nexus දුරකථන අතරින් අතිශයින් ජනප්‍රිය වූ දුරකථනයකි. Samsung සමාගම විසින් 2011 Nov හිදී Android 4.0 නිකුත් කිරීමත් සමගම එලි දක්වන ලදි. 2012 අග භාගයේදි මෙයට Jelly Bean 4.1 අප්ඩේට් දෙන ලදි.

Nexus 4

මේ වන විට වෙළඳපොලෙහි ඇති නවතම නෙක්සස් දුරකඨනය මෙයයි.  LG සමාගමේ නිශ්පාදනයකි.  Jelly Bean 4.2 දෙන ලද ප්‍රථම දුරකථනය මෙයයි. මෙහි අඟල් 4.7 ක තිරයක්, 1.5 කොඩ් කෝර් ප්‍රොසෙසරයක් සහ 8 කැමරාවක් ඇත.  මෙහි තවත් විශේෂත්වයක් වන්නේ Wireless Charging (රැහැන් රහිතව චාජ් කිරීමේ හැකියාව) යි.

මීට අමතරව, සහ යනුවෙන් ටැබ්ලට් පරිගණක දෙකක් ඇති අතර මේවා සහ  සමාගම් වලින් නිපදවා ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටවලට නෙක්සස් දුරකථන ගූග්ල් විසින් නිල වශයෙන් නිකුත් කර නොමැති අතර, සින්ගප්පූරුව වැනි රටවලින් ඔන්ලයින් ඔර්ඩර් කිරීමේ හැකියාව ඇත.

Wednesday, October 17, 2012

Android Phone වල තියන Sensors ගැන

අද අපි කතා කරන්න යන්නේ Sensors (සංවේදක) ගැන. ඕගොල්ලොත් මේවා ගැන අහලා ඇති. සෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකම මේ  Sensors තියනවා.  විවිධාකාරයේ සංවේදක තිබෙන අතර දුරකථනයට විවිධ සේවා මෙමගින් වෙනවා.

Sensor එකක් යනු කුමක්ද ? 


එකක් යනු භෞතික රාශියක් පිලිබඳ (උශ්ණත්වය, වේගය,  . . ) යම්කිසි යන්ත්‍රයකට හඳුනාගත හැකි වන පරිදි  සංඥා නිකුත් කල හැකි උපකරණයකි.  වර්තමානයේදි මේ වෙනුවට විශේෂයෙන් සැකසූ සුසංගෘහිත පරිපථ (Intergrated Circuit) භාවිතා කරන අතර, බොහෝ සංවේදක සෑම නවීන දුරකතනයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.

Android දුරකථන වල ඇති Sensors වර්ග


Ambient Light Sensor - බාහිර ආලෝක සංවේදකය


මෙමගින් ෆෝන් එක ඇති අවට පරිසරයේ ආලෝක තත්වය අනුව ඩිස්ප්ලේ එකෙහි දීප්තිය ස්වයංක්‍රියව අඩු වැඩි කරනු ලබයි.

උදා:- හිරු එලිය වැඩි විටදී දීප්තිය වැඩි කිරීම.

මෙහි ඇති වාසිය වන්නේ සෑම විටකදීම එකම දීප්ති තාවය භාවිතා නොවන බැවින් බැටරිය ඉතුරු වීමයි.
මෙය බොහෝ විට High End Android දුරකථන වල ඇති පහසුකමකි.

Proximity Sensor - සන්නිකර්ෂණ සංවේදකය


වාහන වල ඇති රිවර්සින් සෙන්සරයකට සමාන වන මෙමගින් දුරකථනය ඔබේ සිරුරට කොතරම් සමීපව තිබෙනවා දැයි පරික්ශා කරනු ලබයි.

මෙමගින් දුරකතනය සිරුරට ඈත්ව තැබෙන විට ස්වයංක්‍රියව ඩිස්ප්ලේ එක අක්‍රිය කරන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම් වලින් වලක්වයි. මෙය බොහෝ විට ෆෝන් එකේ උඩින්, එකට පැත්තකින් පිහිටා ඇත.

උදා: ඇමතුමක් අතරතුර දුරකතනයේ ඩිස්ප්ලේ එක අක්‍රිය වන අතර, නැවත ෆ්හුරකතනය මුහුණෙන් ඈත් කරන විට ඩිස්ප්ලේ එක ඔන් වන අයුරු දැක ඇති.

Accelerometer - ත්වරණ ආමාන සංවේදකය


Auto Rotation පහසුකම ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය මගිනි. මෙම සංවේදකය මගින් දුරකථනයේ පිහිටීම අක්ශාංස මගින් මනින අතර, දුරකථනයේ සුලු සෙලවීමක් පවා මෙයට හඳුනාගත හැකියි.

මීට අමතරව විවිධ ක්‍රීඩා සඳහා ද මෙය උපකාරි වෙනවා

Compass - මාලිමාව


සාමාන්‍ය මාලිමාවක මෙන් මෙයට චුම්බක උතුර සොයාගත හැකියි. GPS මෙන්ම විවිධ සිතියම් Apps වැඩ කරන්නේ මෙමගිනි.

Gyroscope


වැඩි දියුණු කරන ලද, පිහිටීම හඳුනා ගත හැකි සෙන්සරයකි. මෙහිදී කෝණික ගම්‍යතාවයේ (A/L කරන කොට ඉගෙන ගෙන ඇතිනේ) මූලධර්ම භාවිතා වන අතර, වඩාත් නිවැරදි වූ පිහිටීම් ඛණ්ඩාංක ලබා ගත හැකියි.

මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.

Saturday, October 13, 2012

ඇඩ් වලට යන්න කියමු - Ad Free Android


ගොඩක් Free ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Use කරනකොට තියන ලොකුම කරදරේ තමයි ඇප් එකේ හතර වටේම Ads වැටෙන එක. මම කියන්න ඔනේ නෑනේ නේද තියන වදේ.
 

ඇයි මේ Ads එන්නේ !


ගොඩක් Play Store එකේ තියන ඇප්ස් ඒ කියන්නෙ 65% ක් විතරම අපිට දෙන්නෙ නොමිලේ හැබැයි ඉතින් මේ ඇප්ස් හදන අයටත් ලාබයක් තියෙන්න ඕනෙ නිසා තමයි මේ විදියට Ads දාල තියෙන්නෙ, ගොඩක් Free ඇප්ස් වල Ads අයින් කරගන්න වෙන්නෙ ඒ ඇප් එකේ Pro Version  එක සල්ලි දීල අරගෙන හැබැයි මේ අතර Ads  නැති Free  ඇප්ස් තියන බව අමතක කරන්න හොද නෑ. අපේ කොල්ලොන්ට ඇප්ස් වල තියන Ads අයින් කරගන Pro Version App එකක් ගන්නව කියන්නෙ නිකන් හීනයක් වගේනෙ ඉතින් මම මේ කියන App  එකෙන් පුලුවන් ෆෝන් එකේ තියන හැම ඇප් එකකම Ad ටික අයි කරල දාන්න. හරි අපි වැඩේට බහිමු. මේක මාර ලෙසි වැඩක් ඒත් ඉතින් හැම සුපිරි වැඩ කෑල්ලකටම වගේ මේකටත් මූල මල්ලි හරස් වෙනව (Root) ඒ කියන්නෙ ඔයා වැඩේට බහින්න කලින් ෆෝන් එක Root  කරල තියෙන්න ඕනෙ.

මේකට මම Use කරන්නෙ Ad Away කියන ඇප් එක මොකද මේක තමයි දැනට Play Store එකේ තියන වැඩ කරන්න ලේසිම හොදම ඇප් එක. එහෙනන් පහලින් ඇප් එක බාගෙන Install උනාට පස්සෙ Open කරල Super User Request එක Accept  කරන්න. දැන් කරන්න තියෙන්නෙ Download Files & Apply Ad Blocking

කියන එක ඔබන්න විතරයි ඉතුරු ටික ඇප් එක බලාගනී. වැඩේ ඉවර උනාම ඇප් එකෙන් Notification  එකක් එයි වැඩේ හරි කියල.

දැන් ෆෝන් එක Reboot  කරල කරදරකාර Ads  තියන Apps Open කරල බලන්න, Ads  ටික වාෂ්ප වෙලා ඇති.


Ad Away බාගන්න

මීට අමතරව Ads අයින් කරන්න මේ ඇප්ස් වලිනුත් පුලුවන්.












Friday, October 12, 2012

මොනවද මේ Custom ROM කියන්නේ


හැඳින්වීම


කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

පරිගණක තාක්ශණයේදි ROM යනු Read Only Memory වුවත් මෙහිදී Custom ROM යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථනයේ Read Only Memory පෙදෙසට ස්ථාපනය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ System Image එකකට යි. (එනම් මෙහෙයුම් පද්ධතියේ සත්‍ය පිටපතක්)

එමෙන්ම Kernel (කර්නලය) ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදියි. ඇන්ඩ්‍රොයිඩ් ලිනක්ස් කර්නලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.

Custom Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගැනීමේදි එහි තිබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය.  (Default Android Version). බොහෝ විට මෙය දුරකථනයේ නිශ්පාදකයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට යම් යම් වෙනස් කම් කර දුරකථනයට අනුකූල වන පරිදි සැකසූ වකි.  (එතකොට මොකුත් වෙනස්කම් නොකරන ලද Android Version  නැද්ද ? තියනවා. මේ ගැන ඉදිරියේදි කතා කරමු)

Custom ROM
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර (කර්නලය හා ඇප්ස් සමගම), නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි. ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

Custom ROM භාවිතා කල යුත්තේ ඇයි ?


නිරතුරුවම Update නිකුත් කිරීම

ප්‍රසිද්ධ එකක් වටා බොහෝ Developers ලා මෙන්ම භාවිතා කරන්නන් ද සිටින බැවින්, මේවායෙහි ඇති අඩු පාඩු මග හැර, නව විශේෂාංග සහිත Update නිතරම නිකුත් කරයි. මේවා නැවත Install නොකර අන්තර්ජාලය මගින් (Firmware Over The Air) ලබාගත හැකිවීම තවත් විශේෂත්වයකි.

දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වීම

සෑම Custom Rom එකක්ම පාහේ Stock ROM එකකට වඩා වේගවත් වන අතර, අවම මතක ධාරිතාවයක් භාවිතා කරයි. මොකද කිව්වොත්,

  • Stock ROM සමග එන වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වන අනවශ්‍ය ඇප්ස් සහ අනෙකුත් විශේෂාංග මෙහි නැති නිසා.
  • වැඩිදියුණු කරන ලද කර්නලය මගින් වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව වැඩ කල හැකි නිසා.

නව Android සංස්කරණයකට Update කල හැකි වීම

ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.


Custom ROM භාවිතා කිරීමේ අවාසි !


රොම් එක ෆ්ලෑශ් කරන අතරතුර යම්කිසි වැරැද්දක් වුණොත් ෆෝන් එක බ්‍රික් විය හැකියි (එනම් කිසි නොකල හැකි තත්වයට පත්වීම රොම් එකක් දැමීමේදි ෆෝන් එකේ සියලු දත්ත මැකී යන බැවින් ඊට පෙර අවශ්‍ය දත්ත බැකප් කිරීම සිදු කල යුතුයි. ස්ටොක් රොම් හි නැති විවිධ ගැටලු කස්ටම් රොම් එකකදී පැන නැගිය හැකියි. මීට පෙර රූට් කල යුතු නිසා, ෆෝන් එකේ වගකීම් සහතිකය අවලංගු වෙනවා. 

Wednesday, October 10, 2012

Bad Piggies - Rovio Mobile වෙතින් අලුත් සෙල්ලමක්

Rovio Bad Piggies game cover art.png
Bad Piggies නිල ලකුණ 
ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ ක්‍රීඩාවේ නිර්මාපකයින් වන Rovio Mobile විසින් නවතම ක්‍රීඩාවක් 2012 සැප්තැම්බර් 12 වන දින නිකුත් කල අතර, මෙහි නම වන්නේ Bad Piggies හෙවත් "නරක සූකරයෝ". මෙය යන Android, iOS,Windows 8/Phone මෙහෙයුම් පද්ධති වලට නිකුත් කර තිබෙනවා


කලින් ක්‍රීඩා වල මෙන් නොව, මෙහිදී ක්‍රීඩකයාට තිබෙන්නේ ඌරන් ව හැසිරවීමටයි. මෙම ඌරු චරිත කලින් ක්‍රීඩා වල සිටි අන්දමටම නිර්මාණය කර තිබෙනවා. 

මෙම ක්‍රීඩාවේදි අදාල ඌරාව (වෙන කියන්න ශීලාචාර වචනයක් නෑ) සිතියමේ දැක්වෙන ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීම තමයි ක්‍රීඩකයාට පැවරිලා තියෙන්නේ. කලින් ඒවල මෙන් තරු තුන සහ ලකුණු ලබා ගත හැකියි.

2012 ඔක්තෝබර් 7 දින වන විට Apps Store හි වැඩ්යෙන්ම බාගත කරන ලද ක්‍රීඩාව බවට මෙය පත්වී තිබෙනවා. ඒ වගේම නිකුත් කර පැය තුනක් යන්නටත් මත්තෙන් වැඩියෙන්ම බාගත කරන ලද ඇප්ස් ලයිස්තුවේ උඩහටම ඇවිත් තිබෙනවා.

කෙසේ නමුත් මෙය බොහෝ ඇන්ඩ්‍රොයිඩ් Entry Level සහ Mid Range දුරකථන වලට දැමිය නොහැකියි. එනම් ප්‍රොසෙසරය 1 GhZ හා GPU 200 MhZ පමණ විය යුතුයි.

Google Play වෙතින් බාගන්න