Bootloader යනු කුමක්ද ?
බූට් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ධාවනය වීමට පෙර ක්‍රියාත්මක වන වන වැඩසටහනකි. මෙය අපේ පරිගණකය වල මෙන්ම සියලුම ස්මාට් ෆෝන් වල ද ඇතුලත් ව තිබේ. මෙම වැඩසටහනේ කාර්ය භාරය වන්නේ මෙහෙයුම් පද්ධතිය කර්නලය වෙත බූට් කිරීමයි. බූට් ලෝඩරය දුරකථනයේ ඇති හාඩ්වෙයා පහසුකම් සමග වෙනස් වේ. එනම් එක ප්‍රොසෙසරයකට ලියූ බූට් ලෝඩර් වැඩසටහනක් වෙනත් ප්‍රොසෙසර් සමග ක්‍රියාත්මක නොවේ. විවිධ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මොඩ්ල් සඳහා ඒ සඳහාම ගැලපෙන කස්ටම් රොම් සාදීමට සිදුව තිබෙන්නේ මෙම බූට් ලෝඩර් ගැටළුව නිසා ය. නමුත් ඇපල් ෆෝන් වල හාඩ්වෙයා අතර විශාල වෙනස්කම් නැති බැවින්. ෆෝන් මොඩ්ල් එක කුමක් වුවත් මේවායෙහි ඇත්තේ එකම බූට්ලෝඩර් වැඩසටහනකි. මේ නිසා නවතම ඇප්ල් මෙහෙයුම් පද්ධතිය 3GS දුරකථනයකට පවා ස්ථාපනය කල හැක.
Android Bootloaders
සෑම අන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ම බූට් ලෝඩරයකින් සමන්විත වන අතර, මෙමගින් සාමන්‍ය පරිදි මෙහෙයුම් පද්ධතිය බූට් කරනු ලබයි. නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි කලින් කීවා වගේම ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක් වන අතර මෙය විවිධ හාඩ්වෙයා පහසුකම් සහිත දුරකථන වල දැක ගත හැකියි. මෙම හේතුව නිසා නිශ්පාදකයින් විසින් ඒ ඒ දුරකථන වල ඇති හාඩ්වෙයා ස්පෙසිෆිකේශන් වලට අදාල බූට් ලෝඩර් සපයා ඇත.Bootloader එක Lock කර ඇත්තේ ඇයි ?
ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝඩ් මෙහෙයුම් පද්ධතියක් වුවත් බොහෝ ෆෝන් වල බූට් ලෝඩර් ලොක් කර ඇත. මෙයට හේතුව වන්නේ නිශ්පාදකයා විසින් දුරකථනයට නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධතිය හැර වෙනයම් සංස්කරණයක් ස්ථාපනය කිරීම වැලැක්වීමටයි. බූට් ලෝඩර් ලොක් කර ඇති දුරකථන වල කස්ටම් රොම් ස්ථාපනය හා රූට් කිරීම අපහසුය (බෑ).
අවසාන වශයෙන්
සෝනි එරික්සන් දුරකථන වල කස්ටම් රොම් දැමීමට සහ රූට් කිරීමට බූට් ලෝඩරය අගුලු ඇරීමට අත්‍යවශ්‍ය වුවත් ඇතැම් සැම්සුන් දුරකථන වල බූට් ලෝඩරය අන්ලොක් කිරීමෙන් තොරව මෙම කටයුතු කරගත හැකියි.
බූට් ලෝඩරය අන්ලොක් කිරීම සෙටින්ග්ස් රීසෙට් කිරීම වැනිම වූ ක්‍රියාවලියකි. එනම් දුරකථනයේ ඇති දත්ත සියල්ල මැකී යයි.
සහ වගකීම් සහතිකය අවලංගු වේ.
ක්‍රියාවලිය අතරතුර බ්‍රික් වීමේ කුඩා අවදානමක් ඇත.
0 comments:
Post a Comment