Sensor එකක් යනු කුමක්ද ?
එකක් යනු භෞතික රාශියක් පිලිබඳ (උශ්ණත්වය, වේගය, . . ) යම්කිසි යන්ත්‍රයකට හඳුනාගත හැකි වන පරිදි සංඥා නිකුත් කල හැකි උපකරණයකි. වර්තමානයේදි මේ වෙනුවට විශේෂයෙන් සැකසූ සුසංගෘහිත පරිපථ (Intergrated Circuit) භාවිතා කරන අතර, බොහෝ සංවේදක සෑම නවීන දුරකතනයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.
Android දුරකථන වල ඇති Sensors වර්ග
Ambient Light Sensor - බාහිර ආලෝක සංවේදකය
මෙමගින් ෆෝන් එක ඇති අවට පරිසරයේ ආලෝක තත්වය අනුව ඩිස්ප්ලේ එකෙහි දීප්තිය ස්වයංක්‍රියව අඩු වැඩි කරනු ලබයි.
උදා:- හිරු එලිය වැඩි විටදී දීප්තිය වැඩි කිරීම.
මෙහි ඇති වාසිය වන්නේ සෑම විටකදීම එකම දීප්ති තාවය භාවිතා නොවන බැවින් බැටරිය ඉතුරු වීමයි.
මෙය බොහෝ විට High End Android දුරකථන වල ඇති පහසුකමකි.
Proximity Sensor - සන්නිකර්ෂණ සංවේදකය
වාහන වල ඇති රිවර්සින් සෙන්සරයකට සමාන වන මෙමගින් දුරකථනය ඔබේ සිරුරට කොතරම් සමීපව තිබෙනවා දැයි පරික්ශා කරනු ලබයි.
මෙමගින් දුරකතනය සිරුරට ඈත්ව තැබෙන විට ස්වයංක්‍රියව ඩිස්ප්ලේ එක අක්‍රිය කරන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම් වලින් වලක්වයි. මෙය බොහෝ විට ෆෝන් එකේ උඩින්, එකට පැත්තකින් පිහිටා ඇත.
උදා: ඇමතුමක් අතරතුර දුරකතනයේ ඩිස්ප්ලේ එක අක්‍රිය වන අතර, නැවත ෆ්හුරකතනය මුහුණෙන් ඈත් කරන විට ඩිස්ප්ලේ එක ඔන් වන අයුරු දැක ඇති.
Accelerometer - ත්වරණ ආමාන සංවේදකය
Auto Rotation පහසුකම ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය මගිනි. මෙම සංවේදකය මගින් දුරකථනයේ පිහිටීම අක්ශාංස මගින් මනින අතර, දුරකථනයේ සුලු සෙලවීමක් පවා මෙයට හඳුනාගත හැකියි.
මීට අමතරව විවිධ ක්‍රීඩා සඳහා ද මෙය උපකාරි වෙනවා
Compass - මාලිමාව
සාමාන්‍ය මාලිමාවක මෙන් මෙයට චුම්බක උතුර සොයාගත හැකියි. GPS මෙන්ම විවිධ සිතියම් Apps වැඩ කරන්නේ මෙමගිනි.
Gyroscope
වැඩි දියුණු කරන ලද, පිහිටීම හඳුනා ගත හැකි සෙන්සරයකි. මෙහිදී කෝණික ගම්‍යතාවයේ (A/L කරන කොට ඉගෙන ගෙන ඇතිනේ) මූලධර්ම භාවිතා වන අතර, වඩාත් නිවැරදි වූ පිහිටීම් ඛණ්ඩාංක ලබා ගත හැකියි.
මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.
මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.
6 comments:
මේ සයිට් එක හොදට දිගටම කරන්න මලයා. මේ තොරතුරුවලට හොද ඉල්ලුමක් තියනවා. මමත් ආවේ මෙතැන්ට අද තමා. එන්නං දිගටම.
apeth suba pathum.wade niyamai
wade nam ela mchnz. digatama site eka hodata kargena yanna suba pathum
තෑන්ක් යූ කට්ටියට. මං ආයෙත් ලියන්න පටන් ගත්තා. ඕගොල්ලන්ගේ කමෙන්ට් වලට බොහොම ස්තූතියි.
Elakiri saha jalaya wagei
ඉසුරු අයියේ ස්තූතියි, ඔයාගේ බ්ලොග් එකත් මම බලනවා !!!!!!!!!!!
Post a Comment