Subscribe:

Ads 468x60px

.

Wednesday, October 17, 2012

Android Phone වල තියන Sensors ගැන

අද අපි කතා කරන්න යන්නේ Sensors (සංවේදක) ගැන. ඕගොල්ලොත් මේවා ගැන අහලා ඇති. සෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකම මේ  Sensors තියනවා.  විවිධාකාරයේ සංවේදක තිබෙන අතර දුරකථනයට විවිධ සේවා මෙමගින් වෙනවා.

Sensor එකක් යනු කුමක්ද ? 


එකක් යනු භෞතික රාශියක් පිලිබඳ (උශ්ණත්වය, වේගය,  . . ) යම්කිසි යන්ත්‍රයකට හඳුනාගත හැකි වන පරිදි  සංඥා නිකුත් කල හැකි උපකරණයකි.  වර්තමානයේදි මේ වෙනුවට විශේෂයෙන් සැකසූ සුසංගෘහිත පරිපථ (Intergrated Circuit) භාවිතා කරන අතර, බොහෝ සංවේදක සෑම නවීන දුරකතනයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.

Android දුරකථන වල ඇති Sensors වර්ග


Ambient Light Sensor - බාහිර ආලෝක සංවේදකය


මෙමගින් ෆෝන් එක ඇති අවට පරිසරයේ ආලෝක තත්වය අනුව ඩිස්ප්ලේ එකෙහි දීප්තිය ස්වයංක්‍රියව අඩු වැඩි කරනු ලබයි.

උදා:- හිරු එලිය වැඩි විටදී දීප්තිය වැඩි කිරීම.

මෙහි ඇති වාසිය වන්නේ සෑම විටකදීම එකම දීප්ති තාවය භාවිතා නොවන බැවින් බැටරිය ඉතුරු වීමයි.
මෙය බොහෝ විට High End Android දුරකථන වල ඇති පහසුකමකි.

Proximity Sensor - සන්නිකර්ෂණ සංවේදකය


වාහන වල ඇති රිවර්සින් සෙන්සරයකට සමාන වන මෙමගින් දුරකථනය ඔබේ සිරුරට කොතරම් සමීපව තිබෙනවා දැයි පරික්ශා කරනු ලබයි.

මෙමගින් දුරකතනය සිරුරට ඈත්ව තැබෙන විට ස්වයංක්‍රියව ඩිස්ප්ලේ එක අක්‍රිය කරන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම් වලින් වලක්වයි. මෙය බොහෝ විට ෆෝන් එකේ උඩින්, එකට පැත්තකින් පිහිටා ඇත.

උදා: ඇමතුමක් අතරතුර දුරකතනයේ ඩිස්ප්ලේ එක අක්‍රිය වන අතර, නැවත ෆ්හුරකතනය මුහුණෙන් ඈත් කරන විට ඩිස්ප්ලේ එක ඔන් වන අයුරු දැක ඇති.

Accelerometer - ත්වරණ ආමාන සංවේදකය


Auto Rotation පහසුකම ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය මගිනි. මෙම සංවේදකය මගින් දුරකථනයේ පිහිටීම අක්ශාංස මගින් මනින අතර, දුරකථනයේ සුලු සෙලවීමක් පවා මෙයට හඳුනාගත හැකියි.

මීට අමතරව විවිධ ක්‍රීඩා සඳහා ද මෙය උපකාරි වෙනවා

Compass - මාලිමාව


සාමාන්‍ය මාලිමාවක මෙන් මෙයට චුම්බක උතුර සොයාගත හැකියි. GPS මෙන්ම විවිධ සිතියම් Apps වැඩ කරන්නේ මෙමගිනි.

Gyroscope


වැඩි දියුණු කරන ලද, පිහිටීම හඳුනා ගත හැකි සෙන්සරයකි. මෙහිදී කෝණික ගම්‍යතාවයේ (A/L කරන කොට ඉගෙන ගෙන ඇතිනේ) මූලධර්ම භාවිතා වන අතර, වඩාත් නිවැරදි වූ පිහිටීම් ඛණ්ඩාංක ලබා ගත හැකියි.

මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.

Saturday, October 13, 2012

ඇඩ් වලට යන්න කියමු - Ad Free Android


ගොඩක් Free ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Use කරනකොට තියන ලොකුම කරදරේ තමයි ඇප් එකේ හතර වටේම Ads වැටෙන එක. මම කියන්න ඔනේ නෑනේ නේද තියන වදේ.
 

ඇයි මේ Ads එන්නේ !


ගොඩක් Play Store එකේ තියන ඇප්ස් ඒ කියන්නෙ 65% ක් විතරම අපිට දෙන්නෙ නොමිලේ හැබැයි ඉතින් මේ ඇප්ස් හදන අයටත් ලාබයක් තියෙන්න ඕනෙ නිසා තමයි මේ විදියට Ads දාල තියෙන්නෙ, ගොඩක් Free ඇප්ස් වල Ads අයින් කරගන්න වෙන්නෙ ඒ ඇප් එකේ Pro Version  එක සල්ලි දීල අරගෙන හැබැයි මේ අතර Ads  නැති Free  ඇප්ස් තියන බව අමතක කරන්න හොද නෑ. අපේ කොල්ලොන්ට ඇප්ස් වල තියන Ads අයින් කරගන Pro Version App එකක් ගන්නව කියන්නෙ නිකන් හීනයක් වගේනෙ ඉතින් මම මේ කියන App  එකෙන් පුලුවන් ෆෝන් එකේ තියන හැම ඇප් එකකම Ad ටික අයි කරල දාන්න. හරි අපි වැඩේට බහිමු. මේක මාර ලෙසි වැඩක් ඒත් ඉතින් හැම සුපිරි වැඩ කෑල්ලකටම වගේ මේකටත් මූල මල්ලි හරස් වෙනව (Root) ඒ කියන්නෙ ඔයා වැඩේට බහින්න කලින් ෆෝන් එක Root  කරල තියෙන්න ඕනෙ.

මේකට මම Use කරන්නෙ Ad Away කියන ඇප් එක මොකද මේක තමයි දැනට Play Store එකේ තියන වැඩ කරන්න ලේසිම හොදම ඇප් එක. එහෙනන් පහලින් ඇප් එක බාගෙන Install උනාට පස්සෙ Open කරල Super User Request එක Accept  කරන්න. දැන් කරන්න තියෙන්නෙ Download Files & Apply Ad Blocking

කියන එක ඔබන්න විතරයි ඉතුරු ටික ඇප් එක බලාගනී. වැඩේ ඉවර උනාම ඇප් එකෙන් Notification  එකක් එයි වැඩේ හරි කියල.

දැන් ෆෝන් එක Reboot  කරල කරදරකාර Ads  තියන Apps Open කරල බලන්න, Ads  ටික වාෂ්ප වෙලා ඇති.


Ad Away බාගන්න

මීට අමතරව Ads අයින් කරන්න මේ ඇප්ස් වලිනුත් පුලුවන්.












Friday, October 12, 2012

මොනවද මේ Custom ROM කියන්නේ


හැඳින්වීම


කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

පරිගණක තාක්ශණයේදි ROM යනු Read Only Memory වුවත් මෙහිදී Custom ROM යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථනයේ Read Only Memory පෙදෙසට ස්ථාපනය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ System Image එකකට යි. (එනම් මෙහෙයුම් පද්ධතියේ සත්‍ය පිටපතක්)

එමෙන්ම Kernel (කර්නලය) ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදියි. ඇන්ඩ්‍රොයිඩ් ලිනක්ස් කර්නලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.

Custom Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගැනීමේදි එහි තිබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය.  (Default Android Version). බොහෝ විට මෙය දුරකථනයේ නිශ්පාදකයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට යම් යම් වෙනස් කම් කර දුරකථනයට අනුකූල වන පරිදි සැකසූ වකි.  (එතකොට මොකුත් වෙනස්කම් නොකරන ලද Android Version  නැද්ද ? තියනවා. මේ ගැන ඉදිරියේදි කතා කරමු)

Custom ROM
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර (කර්නලය හා ඇප්ස් සමගම), නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි. ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

Custom ROM භාවිතා කල යුත්තේ ඇයි ?


නිරතුරුවම Update නිකුත් කිරීම

ප්‍රසිද්ධ එකක් වටා බොහෝ Developers ලා මෙන්ම භාවිතා කරන්නන් ද සිටින බැවින්, මේවායෙහි ඇති අඩු පාඩු මග හැර, නව විශේෂාංග සහිත Update නිතරම නිකුත් කරයි. මේවා නැවත Install නොකර අන්තර්ජාලය මගින් (Firmware Over The Air) ලබාගත හැකිවීම තවත් විශේෂත්වයකි.

දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වීම

සෑම Custom Rom එකක්ම පාහේ Stock ROM එකකට වඩා වේගවත් වන අතර, අවම මතක ධාරිතාවයක් භාවිතා කරයි. මොකද කිව්වොත්,

  • Stock ROM සමග එන වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වන අනවශ්‍ය ඇප්ස් සහ අනෙකුත් විශේෂාංග මෙහි නැති නිසා.
  • වැඩිදියුණු කරන ලද කර්නලය මගින් වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව වැඩ කල හැකි නිසා.

නව Android සංස්කරණයකට Update කල හැකි වීම

ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.


Custom ROM භාවිතා කිරීමේ අවාසි !


රොම් එක ෆ්ලෑශ් කරන අතරතුර යම්කිසි වැරැද්දක් වුණොත් ෆෝන් එක බ්‍රික් විය හැකියි (එනම් කිසි නොකල හැකි තත්වයට පත්වීම රොම් එකක් දැමීමේදි ෆෝන් එකේ සියලු දත්ත මැකී යන බැවින් ඊට පෙර අවශ්‍ය දත්ත බැකප් කිරීම සිදු කල යුතුයි. ස්ටොක් රොම් හි නැති විවිධ ගැටලු කස්ටම් රොම් එකකදී පැන නැගිය හැකියි. මීට පෙර රූට් කල යුතු නිසා, ෆෝන් එකේ වගකීම් සහතිකය අවලංගු වෙනවා. 

Wednesday, October 10, 2012

Bad Piggies - Rovio Mobile වෙතින් අලුත් සෙල්ලමක්

Rovio Bad Piggies game cover art.png
Bad Piggies නිල ලකුණ 
ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ ක්‍රීඩාවේ නිර්මාපකයින් වන Rovio Mobile විසින් නවතම ක්‍රීඩාවක් 2012 සැප්තැම්බර් 12 වන දින නිකුත් කල අතර, මෙහි නම වන්නේ Bad Piggies හෙවත් "නරක සූකරයෝ". මෙය යන Android, iOS,Windows 8/Phone මෙහෙයුම් පද්ධති වලට නිකුත් කර තිබෙනවා


කලින් ක්‍රීඩා වල මෙන් නොව, මෙහිදී ක්‍රීඩකයාට තිබෙන්නේ ඌරන් ව හැසිරවීමටයි. මෙම ඌරු චරිත කලින් ක්‍රීඩා වල සිටි අන්දමටම නිර්මාණය කර තිබෙනවා. 

මෙම ක්‍රීඩාවේදි අදාල ඌරාව (වෙන කියන්න ශීලාචාර වචනයක් නෑ) සිතියමේ දැක්වෙන ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය දක්වා ප්‍රවාහනය කිරීම තමයි ක්‍රීඩකයාට පැවරිලා තියෙන්නේ. කලින් ඒවල මෙන් තරු තුන සහ ලකුණු ලබා ගත හැකියි.

2012 ඔක්තෝබර් 7 දින වන විට Apps Store හි වැඩ්යෙන්ම බාගත කරන ලද ක්‍රීඩාව බවට මෙය පත්වී තිබෙනවා. ඒ වගේම නිකුත් කර පැය තුනක් යන්නටත් මත්තෙන් වැඩියෙන්ම බාගත කරන ලද ඇප්ස් ලයිස්තුවේ උඩහටම ඇවිත් තිබෙනවා.

කෙසේ නමුත් මෙය බොහෝ ඇන්ඩ්‍රොයිඩ් Entry Level සහ Mid Range දුරකථන වලට දැමිය නොහැකියි. එනම් ප්‍රොසෙසරය 1 GhZ හා GPU 200 MhZ පමණ විය යුතුයි.

Google Play වෙතින් බාගන්න

Tuesday, October 9, 2012

Android ගැන යමක්


ඉතිහාසය කෙටියෙන් 


   ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්‍රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එක භාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න.

   ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. ඉතින් අපි කාගෙත් වීරයා ඒ කියන්නෙ ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි මේ සුපිරි මොබයිල් OS එක සුපිරියටම හදන්න පටන් ගත්තෙ. මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් ඉතින් කලින් කියපු අපේ වැඩ්ඩෝ හතර දෙනා තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්තෙ සේවකයො ඔක්කොමල එක්ක තමයි.

  ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්‍රමලෙඛ භාෂා වලින්  තමයි ඇන්ඩ්‍රොයි හැඩ කරලා තියෙන්නෙ.
 දැනට ලෝකෙ තියන ජනප්‍රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්‍රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්‍රොයි කියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක් ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ.

  2007 දී තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක   ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance  කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්‍රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්‍රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි.

   2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්‍රසිද්ධ කරේ ඇන්ඩ්‍රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරු කරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008 අගෝස්තු වලම හදලයි තිබුනෙ.


Google Play ගැන


  අපි ඉතින් වැඩ්ඩො වගේ ඇන්ඩ්‍රොයි එකෙන් වැඩ දාන්නෙ Play Store එක හින්දා තමයි මොකද මේ ගොඩක් වැඩ කෑලි play  එකෙන් ගත්ත ඇප්ස් වලින් දාන එවනෙ Play Store ගැන ඔක්කොම මෙතනින් බලාගන්න
http://apiandroid.blogspot.com/2012/10/google-play.html

Android සංස්කරණ


ඇන්ඩ්‍රොයිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්‍රොයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM  කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් එතන ඉදල අද වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරන 4ක් නිකුත් කරලා තියනව. මේ හැම සංස්කරණයකට නම දාල තියෙන්නේ අතුරු පසක නමින්. ඒ වගේම මේ නම් ඉංග්‍රිසි හෝඩියේ ආකරාදි පිලිවෙලට තමයි දීල තියෙන්නේ. (C-Cupcake, D-Donut, E-Eclair . . . ආදි වශයෙන්)

ඒ තමයි අපි කව්රුත් දන්න,


  1. Android 1.0
  2. Android 1.5     (CUPCAKE)
  3. Android 1.6     (DONUT)
  4. Android 2.0     (ECLAIR)
  5. Android 2.2     (FROYO)
  6. Android 2.3     (GINGERBREAD)
  7. Android 3.0     (HONEYCOMB)
  8. Android 4.0     (ICE CREAM SANDWICH)
  9. Android 4.1     (Jelly BEAN)

කියන සංස්කරණ.

     දැනට ලෝකෙ තියන ටැබ්ලට් පරිගණක වලින් 17%ක විතර දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තමයි,හැබැයි ඉතින් ස්මාර්ට් ෆෝන් ගත්තම 43% කම දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, අන්න ඒ නිසා තමයි ඕනෙම කෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් කියපු ගමන් දන්නෙ මොකද දැනට මොබයිල් ඕඑස් ගොඩක් තිබුනත් දන්න කියන හැම කෙනා ලගම වගේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් හින්දා.

 ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල තියන පහසුකම් වලටත් වඩා මොබයිල් ෆෝන් සමාගම් වලට ඇන්ඩ්‍රොයිඩ් ලැබෙන්නෙ නොමිලේම හින්දා කියලා තමයි හැමෝම කියන්නේ.

ඉතින් ගූගල් එකෙන් කොහොමද මෙච්චර පහසුකම් තියන ඕඑස් එකන් නිකම්ම දෙන්නෙ. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්න මුදල් දෙන්නෙත් අපිම තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙ play එකේ ඇප්ස් විකුනලා ලැබෙන ආදායමෙන්.

ඉතින් හිතල බලන්නකො අව්රුදු 6 කට කලින් ඩොලර් මිලියන 50ක් දීල ගත්ත සමාගමෙන් මේ වෙනකොට ගූගල් සමාගම ඩොලර් බිලියන කීයක් හොයල ඇද්ද කියල.

Monday, October 8, 2012

Google Play වග තුග

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට නම් ගූග්ල් ප්ලේ ගැන අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. ඒ තරම් ම අපේ ෆෝන් එකට මේක සමීපයි. මේ මේක ගැන තවත් තොරතුරු ටිකක්.

ගූග්ල් සමාගම මෙය "ඇන්ඩ්‍රොයිඩ් මාකට්" ලෙසින් ආරම්භ කරන්නේ 2008 ඔක්තෝබර් 23 වන දින ය. අප දැනට භාවිත කරන Google Play වෙබ් අඩවිය දියත් කරන්නේ 2011 පෙබරවාරි මසදී ය.  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියතාවය ඉහල යනවාත් සමගම, Android Market සහ Google Music යන සේවාවන් එකට කරමින් 2012 මාර්තු  6 වන දින මෙය Google Play නමින් නැවත ආරම්භ කරන ලදි. Google Play හා සම්බන්ධ අනෙකුත් සේවාවන් වන්නේ Google Movies & TV, Google Books සහ Google Music ය.

2009 මාර්තු මස වන විට මෙහි 2300ක් ලියාපදිංචි වී තිබුණි. එම වසරේම අග භාගය වන විට 16000ක් සහ 2010 වර්ශය අවසාන විට මෙහි ඇති ගණන ලක්ශය ඉක්මවා තිබිණි. 2011 වසර අවසන් විට ඇප්ස් ගණන හතර ගුණයකින් වැඩිවී ඇත. මේ වන විට හි ඇති සම්පූර්ණ ඇප්ස් ගණන 675,000 ලෙස ගණන් බලා ඇත. 2012 සැප්තැම්බර් මස වන විට මෙහි ලියාපදිංචිවී තිබූ ඇන්ඩ්‍රොයිඩ් උපාංග ගණන මිලියන 500ක් (මේ අතර ඕගොල්ලොයි අපිත් ඉන්නවා).

මේ වන විට මෙහි ඇප් බාගත කිරීම මිලියන 25 ඉක්මවා ඇති අතර, මේ වෙනුවෙන්, ජනප්‍රිය ගෙවිය යුතු ඇප්ස් සඳහා 25% ක වට්ටමක් Google විසින් ලබා දෙනවා.
Google Play On Samsung GTS5830I 

දැනට මෙහි බාගතකිරීම් මිලියන 10 ඉක්මවූ ඇප්ස් 200ක් පමණ තිබෙන අතර, බාගත කිරීම් මිලියන 5 ඉක්මවූ ඇප්ස් 500ක් පමණ තිබෙනවා.

දැනට වැඩි වශයෙන්ම බාගත කරන ලද ඇප්ස් අතර ෆේස්බුක්, ගූග්ල් මැප්ස්, යූටියුබ්, ජීමේල්, ගූග්ල් සර්ච් ඉදිරියෙන්ම සිටිනවා. මේ අතරින් බහුතරයක් ගූග්ල් සමාගම මගින් සංවර්ධනය කරන ලද ඒවා වීම විශේෂත්වයක්.

එව වගේම වැඩියෙන්ම බාගත කරන ලද ක්‍රීඩා අතරින්, ඇන්ග්‍රි බර්ඩ්ස්, ඇන්ග්‍රි බර්ඩ්ස් සීසන්ස්, ඇන්ග්‍රි බර්ඩ්ස් රියෝ ඉදිරියෙන් සිටිනවා.

Sunday, October 7, 2012

කොහොමද APK File එකක් හොයාගන්නේ / ක්‍රැක් කරන්නේ

මේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියන එක ප්‍රශ්නයක්. අපි ආසාවට ෆෝන් එකක් ටැබ් එකක් පාවිච්චි කලාට ඒ ෆෝන් එකට සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගන්න තරම් පෝසත්තු නෙවෙයි. (අඩුම තරමේ ගොඩක් දෙනා.) ඩොලර් එකක් දෙකක් වුනත් රුපියල් ම 130 +. ඉතින් මේවා නිකම් ගන්න නැද්ද?



එහෙමනම් ඔබටයි මේ පිළිතුර.
ගොඩක් ඇප්ස් හදන්නේ ඒවගේ වෙළඳ දැන්වීම් පල කරලා කීයක්‌ හරි හොයාගන්න පුළුවන් වෙන විදියට. මොකද හදන එකාටත් ලාබයක් තියෙන්න එපාය. ඒ හින්දා. ඒත් සමහර ඒවා නම් එහෙම නෑ. හදල තියන ඇප් එකක් ගන්න එක්කෝ ඩොලර් එකක් හරි ඊට වඩා වැඩියෙන හරි ගෙවන්න ඕනේ. සමහර සොෆ්ට්වෙයාර් වල ප්‍රෝ වර්ෂන් තියනවා. ඒවා සල්ලි වලට ගන්න ඕනේ. ඒ හැර නොර්මල් වර්ෂන් එක තියනවා නොමිලේ, ඒත් පහසුකම් සමහරක් අඩුව.
හරි . කතා ඇති. දැන් මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා.
මුලින්ම සොෆ්ට් ක්‍රැක් එකක් කරන්න පුළුවන්, ඔය අනවශ්‍ය ඇඩ්ස් එහෙම අයින් කරන්න. ඒකට හොඳම

  • Lucky Patcher (byChelpuz)
මේක ඕනෙම වෙලාවක ගුගල් කරලා හොයාගන්න පුළුවන් .apk එකක් විදියට. මේක ඔටෝ අප්ඩේට් වෙනවා ඩේටා හරි වයිෆයි හරි කනෙක්ෂන් එකක ඉඳලා ඕපන් කලොත්. ඒ අප්ඩේට් එක්ක අලුත් පැටර්න්ස් මේ සොෆ්ට්වෙයාර් ඒකට ලැබෙනවා. ඒ කියන්නේ ක්‍රැක් කරන නිරවද්‍යතාව වැඩි වෙනවා. මේ හරහා සාර්ථකව

  • ඇප්ස් වල ඇඩ්ස් අයින් කරගන්න
  • ලයිසන් චෙක් රිමුව් කරන්න
  • අලුත් ක්‍රැක් apk හදන්න
වගේ ගොඩක් පහසුකම් දෙනවා. මේ තමයි මගේ පලවෙනි සිලෙක්ෂන් එක. ඒ එක්කම මගේ ෆෝන් එකේ අනිවාර්ය අංගයක්.
දෙවනියට, නෙට් එකෙන් ගන්න පුළුවන් ක්‍රැක් කරන ලද ඇප්ස්. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි.
මුලින්ම ගූගල් ප්ලේ එකට යන්න. එතනින් ඔබට අවශ්‍ය කරන ඇප්ස් වල දැනට තියන වර්ෂන් එක මොකක්ද කියා බලාගන්න. දකුණු පැත්තේ කෙලවරේ බොහෝ කොටම ඒ විස්තර දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ විස්තර එක්ක ගූගල් වලට ගිහින් සර්ච් කරන්න ඕනේ.
උදා: Angry Birds Space HD අවශ්‍ය යයි සිතන්න එතැනදී ගූගල් ප්ලේ වෙතට ගොස් එහි දැනට පවතින නවතම සංස්කරණයේ අංක බලාගන්න. උදා: 1.2.0
දැන් ගූගල් සර්ච් වෙත ගොස් එහි මෙසේ ටයිප් කර සර්ච් කරන්න

  1. Angry Birds Space 1.2.0 apk download
  2. Angry Birds Space 1.2.0 apk Cracked Download
බොහෝවිටම මෙතැනදී මම නම් භාවිතා කරන්නේ www.iapktop.com කියන වෙබ් අඩවිය. ඒත් සමහර වෙලාවට මම අනිකුත් අඩවි භාවිතා කරනවා අවශ්‍යතාව අනුව.
ඔන්න ඉතින් මේ විදියට ඩවුන්ලෝඩ් කරපු apk ෆයිල් එක ඔබේ ඇන්ඩ්රොයිඩ් උපාංගයේ සිටම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒත් ඒ සඳහා Unknown Sources (install non-market apps) කියන පර්මිෂන් එක නම් ලබා දී තියෙන්න ඕනේ.

(We Are Androids ෆේස්බුක් සමූහයේ ක්සැන්ඩර් ක්සැන්ඩර් විසින් පෝස්ට් එක් කරන ලද ඩොක් එකකි)


Saturday, October 6, 2012

Custom Recovery එකක් Flash කරගන්න හැටි







ඇඩ්‍රොය්ඩ් එක Root කරාට පස්සෙ කරන්න ඔනේ වැදගත් දෙයක් තමය් Custom Recovery එකක් Flash කරගන්න එක. ඒ කියන්නෙ ඔයාගෙ ඇන්ඩ්‍රොය්ඩ් එකේ තියන Recovery එක Update කරනව වගේ වැඩක් නමුත් official recovery  එකට වඩා මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන් මොනාද මේ වැඩ,

1. Custom rom flash කර ගැනීමේ හැකියාව
2. ෆොන් එකේ සම්පූර්න Cackup  එකක් ලබා ගැනීමේ හැකියාව
3. Cystem,splash,sd-ext,boot වගේ දේවල් format කරගනීමට පුලුවන් වීම
4. Delvik cache එක format කරගැනීමට පුලුවන් වීම
5. Key test එකක් කරගනීම
6. විවිද ඇප්ස් ඇන්ඩ්‍රොය්ඩ් sysytem  ඇප්ස් බවට පත් කර ගැනීම

වගේ වැඩ කරගන්න පුලුවන්.

 අපි බලමු custom recovery  එකක් flash  කර ගන්නෙ කොහොමද කියල,
හරි මේ වැඩේට ෆොන් එක root කර තිබීම අනිවාර්ය දෙයක්,,root කරන හැටි මෙතනින් බලන්න

http://apiandroid.blogspot.com/2012/10/lets-root.html

මේ වැඩේට ලේසිම විදිහ තමය් rommaneger කියන ඇප් එක මගින් recovery flash කරන එක.

පහල link එකෙන් rommaneger බාගෙන අපි වැඩේ පටන් ගමු

1. ඉස්සෙල්ලම rommanegar open  කරගෙන superuser reqest එක accept කරන්න.
2. දැන් flash custom recovery  කියන එක ඔබල නවතම clockworkmod recovery version එක තෝරල 
වැඩේ පටන් ගන්න (මේ වැඩේ කරද්දි හොද internet connection  එකක් තියෙන්න ඕනෙ මොකද මගදි වැඩේ නැවතුනොත් ෆොන් එකට හානියක් වෙන්න පුලුවන්)




3. වැඩේ හරි නම් අන්තිමට succesfuly flashed clockworkmod recovery කියල පනිවිඩයක් එය්.
4. දැන් රොම්මැනේජර් එකේ reboot into recovery ඔබල බලන්න ඔයාගෙ කලින් තිබ්බ චාටර් recovery  එකට වෙලා තියන දේ.



 පොඩි වැඩක් නේද   වැඩේ හරි නම් සුබපැතුම්..

     තවත් විශේශ දෙයක් කියන්න ඕනෙ සෝනි xperia  ගොඩක් ඒව තවම rommaneger app  එකට සහය දක්වන්නෙ නෑ.. :(

ඒකට කරන්න තියෙන්නෙ පහලින් flashtool එක බාගෙන ඒක ඔයාගෙ පරිගනකයට install කරල install custom recovery කියන එක ඔබන්න විතරය්
(හැබැය් මේ වැඩේ කරන්න කොම් එකට සෝනි ඩ්‍රය්වර්ස් install  කරල තියෙන්න ඕනෙ එකත් පහලින්
 ගන්න)



ROMMANEGER>>>>http://www.clockworkmod.com/rommanager

FLASHTOOL>>>> http://uploaded.net/file/9o4swxaa

XPERIA DRIVERS>>>> http://www-support-downloads.sonymobile.com/Software%20Downloads/PC%20Companion/Sony%20PC%20Companion_2.10.094_Web.exe

ඇන්ඩ්‍රොයිඩ් ට සිංහල කියල දෙමු


ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමය් ඇන්ඩ්‍රො‍ය්ඩ් එකෙන් සිංහල පේන්න හදාගන්නෙ කොහොමද කියන එක. ඔන්න ඉතින් මෙහෙමය් සිංහල පේන්න හදා ගන්නෙ,

මේක කරන්න ඔයගෙ ඇන්ඩ්‍රොය්ඩ් එක Root කරල තියෙන්න ඕනෙ, Root කරන හැටි මෙතනින් බලන්න.
http://apiandroid.blogspot.com/2012/10/lets-root.html

  1. දැන් ඔයාට Root Explorer හරි වෙන මොකක් හරි Root File Maneger එකක් ඕනෙ කරනව Root Explorer පහලින් බාගන්න
  2. දැන් මෙතනින් සිංහල Font Pack එක බාගන්න (මේ ෆොන්ට් පැක් ඒක හදපු කෙනා නම් හරියටම දන්නෙ නෑ මේකෙ සම්පූර්න ගෞරවය එයාට හිමි වෙන්න ඕනෙ)
  3. හරි දැන් බාගත්ත File එක Root Explorer එකෙන් SYSTEM>FONTS  කියන Folder එකට Copy කර ගන්න
  4. දැන් පෝන් එක restart කරන්න
දැන් ඔයාට ඕනෙම ඇප් එකකින් සිංහල බලාගන්න පුලුවන්

මෙන්න Root කරන්නේ නැතුව මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රමයක්

ඔයා root කරලා නැතිනම් ,අන්තර්ජාලයේ තියන සිංහල බලාගන්න ඔනෙ නම් ඔයා පාවිච්චි කරන Opera Mini එකෙන් සිංහල බලාගන්න පුලුවන් ලේසියෙන්ම,
මෙහෙමය් වැඩේ කරන්නෙ . . .

  1. Opera Mini Open කරල Address Bar එකේ opera:config කියල ගහල ඒකට යන්න, එතකොට ඔයාට opera poweruser settings page එක ලැබෙය්
  2. ඒකෙන් පහලම තියනව use bitmap fonts for complex scripts කියල අන්න ඒක no  කියල තියනව නම් yes කරල save  කරන්න
  3. දැන් ඔයාට Opera  එකෙන් සිංහල බලාගන්න පුලුවන්.

Download Files Here

Root Explorer APK

http://dl.xda-developers.com/attachdl/9530b58636d523d8bc0538a3810e1488/506f9675/4/6/4/1/8/1/rootexplorer.apk

Sinhala Font - TTF

https://www.dropbox.com/s/xp0ii2m45fbevjv/DroidSansFallback.ttf

Friday, October 5, 2012

රූට් කරනවා කියන්නේ මොකද්ද ?


මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?


අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක.

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්.

ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.

ෆෝන් එක රූට් කරන්නේ ඇයි 

සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.

රූට් කිරීමේ වාසි
  • රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
  • නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
  • සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
  • ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
  • ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය. 
  • මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
අවාසි
  • සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
  • රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
  • හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. එක එක ෆෝන් රූට් කිරීමට තියෙන්නේ වෙනස් ක්‍රම නිසා

ඔබෙ අන්දරේ පෝන් එකත් මූල කරමු - Lets Root

ඔනෙම අන්දරේ  (ඇන්ඩ්‍රොයිඩ්) පෝන් එකක් මේ මෘදුකාන්ගයෙන් මූල කරන්න පුලුවන්

Super User Logo

උදා_> සෑම්සුන්ග් මන්දාකිනි(Samsung Galaxy),සෝනි අත්දෑකීමා (Sony Experia), හුආවී විකාර(Huwei GAGA), HTC, Motorola වගේ ලන්කාවෙ වෑඩියෙන්ම තියන අන්දරේ පෝන් මූල කරන්න පුලුවන්

මූල කිරීමේ වාසි අවාසි මෙතනින් බලන්න
http://apiandroid.blogspot.com/2012/10/blog-post.html

  1. ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් superone click බාගන්න.
  2. දෑන් මේක ඔයාගෙ කොම් එකට දාගන්න.
  3. ඔයාට මේකෙන් මූල කරන්න කලින් පෝන් එකේ බස් ඩ්‍රය්වර් කොමට දාගන්න ඕනෙ ඔයාගෙ එකට ගෑලපෙන ඩය්වර් පහලින් ගන්න
  4. දෑන් ඔයාගෙ පෝන් එකේ settings>apps>development ගියම usb dibbaging  කියල අති ඒක enable කරන්න
  5. superone click ඕපන් කරල ඔයාගෙ පෝන් එක කොමට සම්බන්ද කරන්න එතකොට ඔයාගෙ පෝන් එක ** එකෙන් අදුර ගනී
  6. දෑන් superone click එකේ තියනව ROOT කියල ඒක ඔබන්න ඔන්න ඕක ඔබන්න
  7. ඔන්න වෑඩේ හරි දෑන් ඔයාගෙ පෝන් එක root වේය්
  8. හරියටම මූල උනා නම් පෝන් එකේ SUPER USER කියල ඈප් එකක් install වෙලා ඈති


ඔයාගෙ සෝනි අත්දකීමා එක මෙන්න මේකෙනුත් මූල කරන්න පුලුවන්
http://uploaded.net/file/9o4swxaa

හුආවී විකාර 8180 මෙන්න මේ ඈපෙ එකෙන් ලේ සියෙන්න්ම මූල කරන්න පුලුවන්>>>http://dl.xda-developers.com/attachdl/14d15721166a67e60eb254059552c497/506ec5b3/5/8/1/0/3/5/GingerBreak-v1.20.apk

සමහර ඉගුරුපාන් තියන ඒව මෙන්න මේක පෝන් එකට දාගෙන මූල කරන්න පුලුවන්>>>http://dl.xda-developers.com/attachdl/14d15721166a67e60eb254059552c497/506ec5b3/5/8/1/0/3/5/GingerBreak-v1.20.apk

මෙන්න මේ ඈප්ස් වලිනුත් සමහර අන්දරේ පෝන් මූල කරන්න පුලුවන්

http://dl.xda-developers.com/attachdl/14d15721166a67e60eb254059552c497/506ec5b3/5/8/1/0/3/5/GingerBreak-v1.20.apk

http://dl.xda-developers.com/attachdl/5426918422e89bfb64e1612257cc83b2/506ec636/3/9/1/7/7/4/UniversalAndroot-1.6.2-beta5.apk

ඔයාට ඕනෙ ඩ්‍රය්වර් මෙතනින් ගන්න

සෑම්සුන්ග් මන්දාකිනි
http://download2us.softpedia.com/dl/085d3f3977044b0ca4100c9f1a0d25ff/506ec44e/300096692/drivers/others/SAMSUNG_USB_Driver_for_Mobile_Phones_x86.exe

හුආවී 
http://www.huaweidevice.com/tcpsdownload/downLoadCenter?category=&flay=software&downloadID=Mzk1MzA=

සෝනි අත්දෑකීමා   
 http://www-support-downloads.sonymobile.com/Software%20Downloads/PC%20Companion/Sony%20PC%20Companion_2.10.094_Web.exe

SUPERONE CLICK
http://dl.xda-developers.com/attachdl/0f76b16507146f4c95756daa032f800a/506ec75c/7/7/8/0/9/8/SuperOneClickv2.2-ShortFuse.zip

Sri Lankan Android Community





ඔන්න අපි දන්න සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන කතාකරන්නයි යන්නේ. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියන අයටත් ඇන්ඩ්‍රොයිඩ් වලට කැමති අයටත් අපිත් එක්ක එකතුවෙන්න පුලුවන්. ඉදිරියට ඕගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් දැනගන්න පුලුවන්.

අපේ ෆේස්බුක් සමූහයට මෙතනින් එකතු වෙන්න


We Are Androids - Sri Lankan Android Community On Facebook